Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
මෙරට උද්ධමනය තවත් අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව අගෝස්තු මාසයේදී මෙරට උද්ධමනය සඳහන් වන්නේ 2.1%ක් ලෙසට ය. ජූලි උද්ධමනය සඳහන් වූයේ 4.6%ක් ලෙසටය. මේ අතර ආහාර උද්ධමනය අගෝස්තු මාසයේදී -5.4%ක් ලෙස දැක්වෙයි. එම අගය ජූලි මාසයේදී -2.5%ක් ලෙස සටහන් වී තිබුණි. ආර්ථික අර්බුදයත් සමග පසුගිය වසරේ ඉහළ ගොස් තිබූ උද්ධමනයේ අඛණ්ඩ පහළ යාමක් ගතවූ මාස කිහිපය තුළ සිදුවූ අතර පසුගිය ජනවාරි මාසයේ උද්ධමනය වාර්තා වී තිබුණේ සියයට 53.2ක් ලෙසය.
පළාත් පාලන මැතිවරණය සඳහා බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඒකමතික එකඟත්වය ලැබී තිබේ. පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් ඒ සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් අපහසුතාවයට පත්වී ඇති බවත් අර්බුදකාරී තත්ත්වයට පිළියමක් ලෙස එසේ භාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට කටයුතු කිරීමටත් ඊයේ (21) දින පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී එලෙස ඒකමතික එකඟත්වය හිමිවී තිබේ. එලෙස ඒකමතික එකඟත්වය හිමි වූයේ අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය…
නවගමුව පත්තිනි දේවාලයේ සහ නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ සියලුම පිං කැටවලට මුද්‍රා තබා තිබේ. ලද පැමිණිල්ලකට අනුව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙලෙස එම පිං කැටවලට මුද්‍රා තබා ඇත. නවගමුව පත්තිනි දේවාලයේ දායක සභාවේ සම උප සභාපති චන්ද්‍රසේන පලිහේන මහතා පවසන්නේ විගණකාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙලෙස මුද්‍රා තැබු බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කළ බවය.
කුකුළු මස් මිල 100කින් පහළ දැමීමට කුකුළු මස් නිෂ්පාදකයින් එකඟතාව පළකර තිබේ. කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සහ වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව කුකුළු මස් කිලෝවක නව මිල රුපියල් 1150කි.
ඉන්දියාවේ පැතිර යමින් ඇති නිපා වෛරසය ගැන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු හුවමාරු වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්, මිනිස් වර්ගයා මහත් පීඩාවකට පත්කල කොවිඩ් – 19 ගෝලීය වසංගත අත්දැකීමෙන් පසු ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම ලාංකික අපත් බෝ වෙන රෝග සම්බන්ධයෙන් පසුවන්නේ දැඩි විමසිල්ලකින්. ඉන්දියාවේ කේළර ප්‍රාන්තයේ පැතිරෙන බවට වාර්තාවෙන නිපා (Nipah) වෛරසය පිළිබඳ විවිධාකාරයේ අදහස් පැතිරෙමින් පවත්නා මොහොතක, මේ තත්වය පිළිබඳව මේ වනවිට තහවුරුව පවත්නා විද්‍යාත්මක දැනුම ඔබ සමග බෙදාගැනීමටයි අපගේ මේ සූදානම. මූලිකවම සතුන්ගෙන් මිනිසාට බෝවෙන (Zoonotic) බවට සොයාගෙන ඇති මෙම නිපා…
ජාත්‍යන්තර රතු නිවේදන ලබාගෙන සිටින අපරාධකරුවකු වන ලලිත් කන්නන්ගර නමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට පත්වී තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වනදා “බූරුමූණා” නම් අපරාධකරු, හංවැල්ල හරස් පාර ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ අතර එම අපරාධය මෙහෙයවීමේ චෝදනාව මත ලලිත් කන්නන්ගරට රතු නිවේදන ලබාගෙන තිබුණි. ලලිත් කන්නන්ගර නමැත්තා ප්‍රදේශයේ වෙළෙන්ඳන්ගෙන් විශාල වශයෙන් කප්පම් ලබාගන්නෙකු සහා මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ද වන බව පොලීසිය පවසයි. ඒ අනුව ඔහුව මෙරටට ගෙන්වා ගැනීම සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කටයුතු කරමින් සිටී.
ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභියා වන මුත්තයියා මුරලිදරන්ගේ ජිවිත කතාව අලලා සැකසුණු ”එයිට් හන්ඩ්‍රඩ්” චිත්‍රපටය ඔක්තෝබර් 6 වනදා ලොව පුරා තිරගත විමට නියමිත අතර එම චිත්‍රපටය ශ්‍රී ලංකාවේදී ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (21) පස්වරුවේ කොළඹදී පැවැත්විය. එම අවස්ථාවට මුත්තයියා මුරලිදරන් මෙන්ම හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ඇතුළු පිරිසක් එක්ව සිටියේය. හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්, “මම ඉස්සෙල්ලාම ස්තූති කරන්න ඕනේ අර්ජුන අයියාට. ඒ කාලයේ ඉඳන්ම මාව තාත්තෙක් වගේ තමයි බලාගත්තේ. එයා හිටියේ නැත්තම් කඩුළු හෝ මෙතන ඇවිල්ලා කතා කරන්න පුළුවන් තත්වෙක මම ඉදියි කියලා හිතන්නේ නැහැ. එක කැප්ටන් කෙනෙක්වත් ඒ වගේ කරලා නැහැ. කරන්නත් බැහැ.” “ඇමතිතුමාට මං…
අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක දී Fentanyl නැමැති වේදනානාශකය අධිමාත්‍රාවක් ශරීරගත වී අවුරුද්දක් වයසැති කුඩා දරුවෙකු මියගොස් තවත් දරුවන් තිදෙනෙකු රෝහල්ගතකර තිබේ. මේ සම්බන්ධයෙන් ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ හිමිකාරිය වූ කාන්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයගේ සැමියා ප්‍රදේශයෙන් පළා ගොස් තිබේ. මිය ගිය මෙම දරුවාට Fentanyl නැමැති වේදනානාශකය අධිමාත්‍රාවක් ආශ්වාස වී ඇති බව අනාවරණය වී ඇත. ළමුන් නිදා ගැනීම සඳහා භාවිත කරන මෙට්ටයක් යට තිබී Fentanyl නම් ඖෂධයේ පෙත්තක් පොලීසිය විසින් සොයාගෙන ඇත. ඔවුන් පවසන්නේ හෙරොයින් මත්ද්‍රවයට වඩා Fentanyl, 50 ගුණයක් බලවත් කෘත්‍රීම වේදනා නාශකයක් බවය. පසුව මෙම ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ සිදුකළ පරීක්ෂා කිරීමේ දී එහි තිබී…
අසත්‍ය පැමිණිල්ලක් හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි පුද්ගලයෙකුට වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ එම අසත්‍ය පැමිණිල්ල ගොනුකර තිබූ පුද්ගලයාට නියෝග කර තිබේ. පෞද්ගලික සමාගමක සේවකයෙකු වන කොළඹ 05 පදිංචි අයෙකු විසින් ගොනුකර තිබූ පෙත්සම් විභාගයක් අවසානයේ අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත. පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සැලැස්වීම තුලින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් අගතියට පත් පෙත්සම්කරුට රුපියල් ලක්ෂ 30 ක වන්දියක් ගෙවන ලෙස එම අසත්‍ය පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයාට නියෝග කර ඇත. එම අසත්‍ය පැමිණිල්ල මත පෙත්සම්කරු අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුට රුපියල් 75000/- ද උප…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, මධ්‍යම, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද සිදුකරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.