Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකා ඉනිම ලකුණු 326කට සීමා වෙයි
    Sport

    ශ්‍රී ලංකා ඉනිම ලකුණු 326කට සීමා වෙයි

    By LFNOctober 8, 2023No Comments2 Mins Read81 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (07) පැවැති තරගය ලකුණු 102කින් ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.

    තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමු පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළේය.

    ඒ අනුව, පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නායක ටෙම්බා බවුමා ලකුණු 8කට දවාගැනීමට ඩිල්ෂාන් මධුසංඛ සමත්විය.

    නමුත්, කුයින්ටන් ඩි කොක් සමග පිටියේ එක්වූ රසී වැන්ඩර් ඩූසන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් දෙවන කඩුල්ලට ලකුණු 204ක සබඳතාවක් ගොඩනැගුවේය.

    එය දකුණු අප්‍රිකානු පිතිකරුවන් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට එරෙහිව ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැගූ වැඩිම ලකුණු සබඳතාවය.

    සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කුයින්ටන් ඩි කොක් සිය මංගල ලෝක කුසලාන ශතකය ලබාගත්තේ, ශ්‍රී ලංකාවට එරෙහිව ලෝක කුසලාන ශතකයක් වාර්තා කළ පළමු දකුණු අප්‍රිකානු පිතිකරුවා බවට පත්වෙමිනි.

    රසී වෑන් ඩූසන් ලකුණු 108ක් සහ ඒඩ්න් මාර්ක්‍රම් වේගවත් ඉනිම ක්‍රීඩා කරමින් පන්දු 54කදී ලකුණු 106 ක් රැස් කිරීමට සමත්වුණි.

    පන්දු 49කදී වාර්තා වූ ඒඩ්න් මාර්ක්‍රම්ගේ ශතකය වාර්තා අතරට එක්වුණේ ලෝක කුසලාන තරගාවලියක වාර්තා වූ වේගවත්ම ශතකය ලෙසය.

    ඒ අනුව දකුණු අප්‍රිකාව සිය ඉනිම නිමා කළේ නියමිත පන්දුවාර 50දී කඩුළු පහක් පමණක් දැවී ලකුණු 428ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනි.

    එම ලකුණු සංඛ්‍යාව කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වෙයි.

    ලකුණු 429ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවී ගියේය.

    අනතුරුව කුසල් ජනිත් සමගින් පිටියට එක් වූ කුසල් මෙන්ඩිස් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් දියත් කළේය.

    කුසල් මෙන්ඩිස් පන්දු 42කදී ලකුණු 76ක් රැස් කළේ 4 පහර 4ක් හයේ පහර 8ක් සමගිනි.

    කුසල් මෙන්ඩිස් එල්ල කළ හයේ පහර 8 වාර්තා අතරට එක් වුණේ ලෝක කුසලාන තරගයක ශ්‍රී ලංකා පිතිකරුවෙකු එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙසය.

    කුසල්ගේ දැවී යාමෙන් පසු ශ්‍රී ලංකා පිලට යම් බලාපොරොත්තුවක් එක් කළ චරිත් අසලංක ලකුණු ලකුණු 75ක් රැස් කළේ හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් සමගිනි.

    කෙසේවෙතත් ලකුණු 429ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී රැස්කර ගනු ලැබුවේ ලකුණු 326ක් පමණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාපන්දු ලෝක කුසලානයට එක්වන බ්‍රසීල සංචිතය නම් කෙරේ

    May 19, 2026

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගාවලියක්

    May 18, 2026

    සූර්යවංශි ඇතුළු යොවුන් තරු තුන්කොන් සටනකට ලංකාවට

    May 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 202601 Views

    ඩිජිටල් මුදල් සේවා සපයන Remitly ආයතනය කරපු අලුත්ම සමීක්ෂණයකට අනුව, පවුල් එක්ක පදිංචියට යන්න හොඳම…

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.