Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»පාස්කු විමර්ශන ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ ප්‍රකාශයක්
    Hot News

    පාස්කු විමර්ශන ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ ප්‍රකාශයක්

    By LFNOctober 7, 2023No Comments2 Mins Read156 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට එකඟ විය නොහැකි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

    හෙට (08) දිනයේ පළවීමට නියමිත “ඥානාර්ථ ප්‍රදීපය” පුවත්පතේ කතුවැකිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ මෙරට තුළ එබඳු පරීක්ෂණයක් පැවැත්වීම නීතිවිරෝධී බවය.

    හෙට දිනට පළ කිරීමට නියමිතව ඇති “ඥානාර්ථ ප්‍රදීපය” පුවත්පතේ කතුවැකිය සහ “ස්වාධීන, විනිවිද පෙනෙන පුර්ණ විමර්ශනයක් සහ අධීක්ෂණයට ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් අවශ්‍යයි” මැයෙන් පළ කර ඇති ප්‍රවෘත්ති වාර්තාව සම්බන්ධයෙන් තම අවධානය යොමුවී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශයේ එලෙස පවසයි.

    උපුටාගැනීම,

    කතෝලික රදගුරු සංගමයේ සභාපති අතිඋතුම් හැරල්ඩ් ඇන්තී හිමියන්ගේ ඉල්ලීමකට අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ වෙළුම් 88ක් සහ පිටු 48,909 කින් යුතු සියලුම ලියකියවිලි 2023 අප්‍රේල් මස 20 වන දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී හිමියන් වෙත භාර දෙන ලදි.

    කතෝලික රදගුරු සංගමයේ ගරු සභාපති අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී හිමියන් සමග මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊයේ, එනම් 05 වනදා දුරකථනයෙන් සාකච්ඡා කළ අවස්ථාවේ රදගුරු හිමියන් ප්‍රකාශ කර ඇත්තේ එම වාර්තාව තමාත් අධ්‍යයනය කරමින් සිටින බවයි.

    ඒ අනුව එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව රදගුරු සංගමයේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටී.

    ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදු කිරීමට අපට එකඟවීමට හැකියාවක් නොමැත.

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ හා වෙනත් නීතියක ජාත්‍යන්තර පරීක්ෂණ පැවැත්වීමට ප්‍රතිපාදන නොමැත.

    ඒ අනුව එබඳු පරීක්ෂණ පැවැත්වීම නීතිවිරෝධී ක්‍රියාවක් වෙයි.

    චැනල් 4 රූපවාහිනි වැඩසටහන සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කිරීම සඳහා ද විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.

    රදගුරු සමුළුව කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට ද රජය බලාපොරොත්තු වෙයි.

    උපුටා ගැනීම අවසන්.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.