Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාදුක්ක ඇතුළු ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම්
    Featured

    පාදුක්ක ඇතුළු ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම්

    By LFNOctober 6, 2023Updated:October 7, 2023No Comments2 Mins Read142 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව ප්‍රදේශ රැසකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    ඒ අනුව මේ වනවිට දිස්ත්‍රික්ක 9ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

    කොළඹ දිස්ත්‍රික්කය

    කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රදේශය සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම මුල්වරට නිකුත් කර තිබේ.

    එසේම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රදේශය සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇත.

    ගම්පහ දිස්ත්‍රික්කය

    ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රදේශය සඳහා ප්‍රථමවරට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

    කළුතර දිස්ත්‍රික්කය

    කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ සහ පාලින්දනුවර ප්‍රදේශ සඳහා ප්‍රථමවරට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

    මේ අතර අගලවත්ත සහ බුලත්සිංහල ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබේ.

    කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වළල්ලාවිට සහ මතුගම ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම දෙවන මට්ටම දක්වා ඉහළ දමා ඇත.

    ගාල්ල දිස්ත්‍රික්කය

    මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ගාල්ල කඩවත්සතර, තවලම, අම්බලන්ගොඩ, නියාගම, අක්මීමන, ඉමදූව, බෝපේ පෝද්දල, යක්කලමුල්ල, බද්දේගම ප්‍රදේශ සඳහා ප්‍රථමවරට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

    එසේම මීට පෙර ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රදේශය සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම දෙවන මට්ටම දක්වා ඉහළ දමා ඇත.

    ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව සඳහා නිකුත් කර තිබූ දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇත.

    මාතර දිස්ත්‍රික්කය

    මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය, මුලටියන, තිහගොඩ, මාලිම්බඩ, මාතර, කඹුරුපිටිය, පස්ගොඩ, කිරින්ද පුහුල්වැල්ල, හක්මණ සහ අතුරළිය සඳහා යළිත් පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    මේ අතර කොටපොල සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබේ.

    මේ අතර මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස සහ පිටබැද්දර ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇත.

    හම්බන්තොට දිස්ත්‍රික්කය

    හම්බන්තොට වලස්මුල්ල ප්‍රදේශය සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇත.

    මහනුවර දිස්ත්‍රික්කය

    මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ ප්‍රදේශය සඳහා නැවත වතාවක් පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

    රත්නපුර දිස්ත්‍රික්කය

    රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොළ ප්‍රදේශය සඳහා ප්‍රථමවරට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

    මේ අතර කොළොන්න, ගොඩකවෙල, ඉඹුල්පේ, පැල්මඩුල්ල, අයගම, නිවිතිගල, කිරිඇල්ල, ඕපනායක සහ කහවත්ත ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබේ.

    මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇහැළියගොඩ, කලවාන, ඇළපාත සහ කුරුවිට සඳහා නිකුත් කර තිබූ දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇත.

    කෑගල්ල දිස්ත්‍රික්කය

    කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල, යටියන්තොට, කෑගල්ල සහ රුවන්වැල්ල ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.