Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»නීතිඥ සංගමයට හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයට ලැබුණු අවසරය
    Local News

    නීතිඥ සංගමයට හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයට ලැබුණු අවසරය

    By LFNOctober 6, 2023Updated:October 7, 2023No Comments1 Min Read142 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් අගතියට පත් ධීවර පවුල්වලට වන්දි ගෙවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට මැදිහත් වී කරුණු දැක්වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) අවසර ලබා දී තිබේ.

    මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඊයේ අධිකරණය හමුවේ සඳහන් කළේ, මෙම වන්දි ගෙවීමේ ක්‍රියාදාමය විනිවිද භාවයකින් හා පාරදෘෂ්‍ය භාවයකින් සිදු වන්නේ ද යන්න නිරීක්ෂණය කිරීමේ අරමුණින් පමණක් තමන් මෙම නඩු විභාගය සඳහා මැදිහත් වීමට අවසර පතන බවයි.

    වන්දි ගෙවීමේ ක්‍රියාපටිපාටියේ පවතින විනිවිදභාවය නිරීක්ෂණය කිරීම සඳහා තමන්ට නඩු විභාගයට මැදිහත් වීමට අවසර දෙන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය ද අධිකරණයෙන් ඉල්ලීම් කර තිබිණි.

    එම ඉල්ලීම් සලකා බැලූ අධිකරණය අදාළ පාර්ශ්වයන්ට නඩු විභාගයට ඇතුළත් වීම සඳහා අවසර ලබාදුන්නේය.

    ඉන් අනතුරු ව වැඩිදුර විභාගය මාර්තු මස 18 වනදා දක්වා කල් තැබීමට ද අධිකරණය තීන්දු කළේය.

    කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, සහ පරිසර යුක්ති කේන්ද්‍රය සහ ධීවරයන් පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202602 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.