Author: LFN

ඖෂධ මිල දී ගැනීමේ දී සිදු වූ දැවැන්ත වංචාවක් පිළිබඳ සිදු කළ අනාවරණයෙන් පසු ව ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ කමිටුව සම්බන්ධයෙන් සෑහිමකට පත් විය නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසන්නේ, ඖෂධ මිල දී ගැනීමේ දී ටෙන්ඩර් පටිපාටියට සම්බන්ධ ව සිටි නිලධාරීන් අදාළ කමිටුවේ සාමාජිකයන් ලෙස පත්කර ඇති බවයි. ඉතා අඩු මිලට මිල දී ගැනීමට හැකියාව තිබිය දී අධික මිලකට ඖෂධ මිල දී ගැනීම හරහා මෙම වංචාව සිදු වී ඇති බව පුබුදු ජයගොඩ මහතා සඳහන් කර තිබේ. එහි දී එක් ඖෂධයක් ඩොලර් ශත 15කට මිල දී ගැනීමට හැකියාව තිබිය දී එය…

Read More

පාකිස්තානයේ සිදු වූ පිපිරීමෙන් මේ වන විට පුද්ගලයන් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වේ. නබි නායකතුමා ගේ උපන්දිනය සැමරීම උදෙසා පැවති ආගමික උත්සවයක් අතරතුර දී මෙම පිපිරීම සිදු ව ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත. මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට එරට පොලීසිය සැක පහළ කරයි. මේ වන විට එරට හදිසි තත්ත්වයක් ද නිවේදනය කර ඇති බව වාර්තා වේ. මේ වන විට තුවාලකරුවන් එරට රෝහල් දෙකක් වෙත ප්‍රවාහනය කරමින් පවතින බව ද සඳහන්ය. ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් විසින් භාරගෙන නොමැති බව ද වාර්තා වේ.

Read More

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් ‍වෙත ලබා දීමට රැගෙන ආ කෙසෙල් ඇවරියක් තුළ හෙරොයින් යැයි සැක කළ හැකි මත්ද්‍රව්‍ය හමු වී තිබේ. ඊයේ (29) සවස 03.15ට පමණ කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු බැලීම සඳහා පැමිණි පුද්ගලයකු විසින් සැකකරුවන්ට ලබා දීම සඳහා රැගෙන එන ලද ආහාර, කළුතර බන්ධනාගර අමුත්තන් පෙන්වන ස්ථානයේ රාජකාරියේ නියුතු නිලධාරීන් විසින් සෝදිසියකට ලක් කර ඇත. එහි දී සැකකරුටන්ට ලබා දීමට රැගෙනවිත් තිබූ කෙසෙල් ඇවරියක කෙසෙල් ගෙඩි තුළ අඟල් 03 සහ 04 ප්‍රමාණයේ බීම බට 16ක මෙම හෙරොයින් සඟවා තිබූ බව වාර්තා වේ. මෙම තහනම් ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයා හා අදාළ මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා කළුතර…

Read More

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති පෙරහුරු තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. ඉන්දියාවේ ගුවහාටි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාව 49යි එක් පන්දුවක දී සියලු දෙනා දැවී ලකුණු 263ක් ලබා ගැනීමට සමත් විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිස්සංක ලකුණු 68ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 55ක් රැස් කළහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42ක් අවසානයේ නියමිත ඉලක්කය පසු කර ගියේ, කඩුලු 03ක් පමණක් දැවී තිබියදීය.…

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ කැලණිය රජමහා විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරත විය. මාධ්‍යවේදීන් නැඟූ පැනයන්වලට ද හිටපු ජනාධිපතිවරයා එහි දී පිළිතුරු ලබා දුන්නේය. එහි දී පොදුජන පෙරමුණේ නායකත්වය පිළිබඳ මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ, ඒ සඳහා ඕනෑ තරම් පිරිස සිටිනා බව‍යි.

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්වලත් ඇතැම් ප්‍රදේශවල මිලි මීටර් 75ක පමණ තරමක් තද වැසි ද බලාපොරොත්තු විය හැකි බව සඳහන්ය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති වනු ඇත. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-50ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව වාර්තා වේ. බදුල්ල, අම්පාර සහ…

Read More

කොළඹ විශ්වවිද්‍යාලය විද්‍යාත්මක පර්යේෂණයන් ඔස්සේ අනාවරණ කළ, වැඩිදියුණු කරන ලද නව නිෂ්පාදන කිහිපයක් වාණිජ නිෂ්පාදන ලෙස එළි දක්වමින් ආදායම් ඉපයීමට කටයුතු කර තිබේ. එවැනි නිෂ්පාදන කිහිපයක් වෙනුවෙන් කර්තෘ අයිතිය පිරිනැමීම පසුගියදා සිදු කෙරුණි. පිළිකා සෛල නැසීමේ හැකියාව ඇති පෝෂක ඖෂධය,හිසකෙස් හැලීම පාලනය කළ හැකි ආලේපනය, සන්ධි අපහසුතා වැළැක්වීමේ ආලේපනය සහ ශරීරයේ මේදය දහනය කළ හැකි ඖෂධයක් එම නිෂ්පාදන අතරට අයත්ය.

Read More

රට පුරා පැවති නියං කාලගුණ තත්ත්ව හේතුවෙන් තාප විදුලිය ලබාගැනීම සඳහා වැයවූ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. විදුලිබල මණ්ඩලයේ සාමානාධීකාරී ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා සඳහන් කළේ, ජනවාරි මාසයේ විදුලි ගාස්තු සංශෝධනය ඔක්තෝබර් මාසයේදී සිදුකිරීමට එමඟින් ඉල්ලීමක් කළ බවය. ඒ අනුව විදුලි ගාස්තු නැවත වරක් ඉහළ දැමීමට අවසර ලබාදෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා සඳහන් කළේ, මෙම වසරේ අපේක්ෂිත ප්‍රමාණයෙන් ජල විදුලිය නිෂ්පාදනය කිරීමට නොහැකිවීම හේතුවෙන් විදුලි නිෂ්පාදනයට අතිරේක පිරිවැයක් දැරීමට සිදුවූ…

Read More

2024 ගෝලීය අභියෝගයන්ට මුහුණදිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් වෙනුවෙන් බටහිර රටවල් සහ චීනය අතර මෙන්ම අමෙරිකාව සහ චීනය අතරත් යුරෝපා සංගමය සහ චීනය අතරත් නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනපති ජර්මනියේ බර්ලින් ග්ලෝබල් සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය සිදුකරමින් තවදුරටත් සඳහන් කළේ, එක් තීරයක් එක් මාවතක් වැඩසටහන සමග ශ්‍රී ලංකාව වැනි රටවල් දෙස අනෙකුත් රටවල් සැකයෙන් බැලීම හේතුවෙන් ගෝලීය දකුණේ ආර්ථික අපේක්ෂාවන්ට බලපෑමක් එල්ල කෙරෙන බවය. කෙසේවුවද ශ්‍රී ලංකාව වැනි රටවල් අමෙරිකාව, ඉන්දියාව සහ චීනය වැනි රටවල් සමග කටයුතු කිරීමට පුරුදුවී සිටින බවත් එය තවදුරටත් අලුත් දෙයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

Read More

නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහාත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා ද නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කර ඇත. මේ හේතුවෙන් ජනතාවට දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසද දැනුම්දෙයි. මේ අතර රත්නපුර ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා ගලන හංගමු ගඟ පිටාර ගැලීමෙන් බස්රථ ධාවනය වන ප්‍රධාන මාර්ග දෙකක්, අතුරු මාර්ග, නිවාස සහ පතල් විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති බව අප වාර්තාකරු පැවසීය. ඇලපාත, කරන්ගොඩ, ගිනිහිරිය, දිමියාව, දම්ඹුලුවන, කහවත්ත හරහා ගලතුර ප්‍රධාන මාර්ගය කරංගොඩ ප්‍රදේශයෙන් කිලෝමීටර්යක් පමණ ජලයෙන් යටවීම…

Read More