Author: LFN

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පසුගිය 26 වැනිදා ඇතුළු වූ සොරු කණ්ඩායමක් කාර්‍යාලය බිඳ එහි මුදල් ඇතුළු උපකරණ සොරාගෙන තිබේ. සොරුන්, කාර්‍යාලයේ ගණකාධිකාරි (සරප්) අංශයේ ජනෙල් කඩා එම අංශයට ඇතුළු වී සේප්පුව විවෘත කර එහි තිබූ මුදල් රැගෙන ගොස් ඇති බව පොලීසිය වාර්තා කරයි. සේප්පුව විවෘත්ත කර ඇත්තේ, එහි යතුර භාවිත කරමින් වන අතර, එය කෙසේ සිදු වුණි ද යන්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව වාර්තා වේ. රැගෙන ගොස් ඇති මුදල් ප්‍රමාණය තවමත් ගණනය කර නොමැති අතර, එය රුපියල් ලක්ෂ 12ක් හෝ 15ක් විය හැකි බවට අනුමාන කරන බව ද කාර්යාල නිලධාරිහු පවසති. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Read More

වයස අවුරුදු 45ත් සහ 65ත් අතර රැකියා වල නියුතු කාන්තාවන් පිළිකා රෝග වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. ඔවුන් පෙන්වාදෙන්නේ රැකියාවල නිරත කාන්තාවන් පරික්ෂණ සදහා යොමුවීම ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවය. වාර්තාවන පිළිකා රෝගීන්ගෙන් 26ක්ම පියයුරු පිළිකා රෝගීන් බව සඳහන් වෙයි. පියයුරු පිළිකා දැනුවත් කිරිමේ මාසය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වු ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය මෙම අදහස් පළකළේය.

Read More

එළඹෙන ඔක්තෝබර් මස 03 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු ඇතුළත් න්‍යාය පත්‍රයට පනත් කෙටුම්පත් දෙකක් ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව මෙලෙස පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත්තේ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතයි.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මි.මී. 100ක පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ලවී සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිලි ඔක්තෝබර් මස 27 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (27) දින නියම කළේය. මෙම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී වගඋත්තරකාර සනත් නිශාන්ත මහතා ද අධිකරණයේ පෙනී සිටියේය. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම පැමිණිලිවලට අදාළව සාක්ෂි ආඥාපනත යටතේ ලබාදුන් නොතීසියට අනුව විත්ති පාර්ශ්වයට සාක්ෂි පරීක්ෂා කිරීම සඳහා වන ප්‍රවේශය ලබාදී තිබෙන බවත් ඊට අදාළ වාර්තා ඉදිරිපත් කර තිබෙන…

Read More

රුපියල් ලක්ෂයට අඩු තැන්පතු සහිත ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ පොලී රඳවා ගැනීම නිසා ඇතිවී තිබූ ගැටළුව විසඳමින් නව චක්‍රලේඛයක් නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මේ හරහා රුපියල් ලක්ෂයකට අඩු තැන්පතු ඇති ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට රඳවා ගැනීමේ බද්ධ නිසා මෙතෙක් මුහුණ දීමට සිදුවූ අසාධාරණයට විසඳුමක් ලබාදී තිබේ. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (27) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම ගැටළු සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා 1944 නව දුරකථන අංකයක්ද වෙන්කර ඇති බවය. මේ දක්වා රුපියල් ලක්ෂයකට අඩු තැන්පතු ඇති ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට තම තැන්පතු සඳහා පොලී මුදල් ලබාගත හැකි වූයේ වසරක්…

Read More

අක්වෙරළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ද සහිතව වරාය නගරය, “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්ථනය කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊට අදාළ නීති සම්පාදන කටයුතු අවසන් වී මෙම වර්ෂය අවසන් වනවිට බලාත්මක වනු ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ පැවැති 2023 වාණිජ බේරුම්කරණය පිළිබඳ සම්මන්ත්‍රණයට එක්වෙමින්.

Read More

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකන වනිඳු හසරංග ඉවත් කිරීමට ක්‍රිකට් බලධාරීන් අවසන් මොහොතේ තීරණය කර තිබෙනවා. ඒ, ඔහුගේ ආබාධ තත්ත්වය සැලකිල්ලට ගෙනයි. තරඟාවලිය සඳහා සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයා අනුමැතිය ලබාදී තිබූ අතර ඒ අතරින් ක්‍රීඩකයින් තිදෙනෙකුට අනුමැතිය ලබාදී තිබුණේ ශාරීරික යෝග්‍යතාවයට යටත්වයි. එම ක්‍රීඩකයින් තිදෙනා වන්නේ වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ ඩිල්ශාන් මධුෂංකයි. කෙසේවෙතත් එම ක්‍රීඩකයින් තිදෙනා අතරින් වනිදු හසරංග තරඟාවලියට එක්කර ගැනීම සම්බන්ධයෙන් අවසන් මොහොත වන තෙක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් දෙගිඩියාවකින් පසුවූ බවයි වාර්තා වුණේ. ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී…

Read More

එල් ටී ටී ඊ සංවිධානය විසින් මුලතිව්, වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ රත්‍රං තොගයක් වළ දමා ඇතැයි කියන ස්ථානයක කැනීම් කටයුතු මේදිනවල සිදුකෙරෙනවා. අම්පාර පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුට හා පොලිස් සැරයන්වරයෙකුට ලද තොරතුරකට අනුව මෙම කැනීම් කටයුතු සිදුකෙරෙන බව වාර්තාවේ. මුලතිව් වැඩබලන මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ මෙම කැනීම් කටයුතු සිදුකෙරෙන බව ද වාර්තාවේ. කැනීම් සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් ඊයේ සහ අද දිනයේ කැනීම් කටයුතු සිදුකර තිබුණත් රත්‍රං බව පැවසෙන කිසිවක් එම ස්ථානයෙන් මෙතෙක් හමුවී නොමැති බවත් වාර්තාවේ.

Read More

උතුරු ඉරාකයේ මංගල උත්සවයක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එම අනතුරෙන් තවත් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි. වින්දිතයන් අතර මනාලිය සහ මනාලයා ද සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Read More