Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සීතා ඇතින්නට යකඩ මූණිස්සම් යොදා වෙඩි තැබූ බවට චෝදනාවක්
    Featured

    සීතා ඇතින්නට යකඩ මූණිස්සම් යොදා වෙඩි තැබූ බවට චෝදනාවක්

    By LFNOctober 2, 2023No Comments2 Mins Read213 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහරගම සීතා ඇතින්නට යකඩ මූණිස්සම් භාවිත කරමින් වෙඩි තබා ඇති බව වෛද්‍යවරුන් සඳහන් කළ බව ඇතින්නගේ භාරකරු පවසයි.

    ඔහු චෝදනා කරන්නේ ඇතින්නගේ ප්‍රතිකාර සඳහා ද වගකිවයුතු රාජ්‍ය ආයතන නිසි මැදිහත්වීමක් සිදුනොකරන බවය.

    මේ අතර සීතා ඇතින්නට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකරන ලෙසට වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ද අදාළ පාර්ශවයන් වෙත නියෝග කර ඇත.

    මහියංගනය රජමහා විහාරයේ අවසන් රන්දෝලි පෙරහරට එක්වීමෙන් පසුව මහවැලි ගඟ අසබඩ විහාර භූමියේ ගැට ගසා සිටි මහරගම සීතා ඇතින්නට සිවිල් ආරක්ෂක බළකා සෙබළෙකු විසින් රබර් උණ්ඩ මගින් වෙඩි තැබීමේ සිදුවීම වාර්තා වුණේ පසුගිය (30) අලුයම් කාලයේදීය.

    මහියංගන පෙරහැර මංගල්‍ය සඳහා විවිධ ප්‍රදේශවලින් අලි ඇතුන් සහභාගිවන බැවින් විහාර භූමියට එන වන අලි පලවා හැරීම සඳහා විහාරාධිපති හිමියන් සිදුකළ ඉල්ලීමක් මත එහි රාජකාරි සඳහා කැඳවා සිටි වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත සිවිල් ආරක්ෂක බළකා සෙබළෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

    පසුව ඔහු පවසා තිබුණේ වන අලියෙකු බවට රැවටී වෙඩි තැබීම සිදුකළ බවය.

    වෙඩි තැබීමෙන් ඇතින්නගේ පපු පදෙසට තුවාල සිදුව තිබූ අතර, වෙඩි තැබීම සිදුකළ සිවිල් ආරක්ෂක බළකා සෙබළා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත.

    මහරගම සීතා ඇතින්න මෙරට හීලෑ අලි ඇතුන් අතර දළ යුගළක් හිමි ඉතා දුර්ලභ ගණයේ ඇතින්නකි.

    චිත්‍රපට කිහිපයක් සඳහා ද සීතා රංගන දායකත්වය ලබා දී තිබේ.

    වෙඩි වැදීමට ලක්වූ සීතා ඇතින්න බැලීමට මේවන විට ප්‍රදේශවාසින් රැසක් පැමිණෙමින් සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.