Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»උද්ධමනය පහළට
    Business

    උද්ධමනය පහළට

    By LFNSeptember 28, 2023No Comments2 Mins Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනයේ නවතම වාර්තාව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඊයේ (27) නිකුත් කර ඇත.

    ඊට අනුව, අගෝස්තු මාසයේ දී වාර්තා වූ 4%ට සාපේක්ෂ ව සැප්තැම්බරයේ දී උද්ධමනය 1.3% දක්වා පහත වැටී තිබේ.

    ආහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේ සටහන් වූ සියයට ඍණ 4.8ක සිට සැප්තැම්බර් මාසයේ දී සියයට ඍණ 5.2 දක්වා තවදුරටත් පහත වැටී තිබීම විශේෂත්වයකි.

    අගෝස්තු මාසයේ දී 8.7%ක් ලෙස සටහන් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී පහත වැටී ඇත්තේ 4.7%ක් ලෙසයි.

    මේ අතර, 2023 වසරේ ගතවූ මස 07 තුළ සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 18ක ශුද්ධ ලාභයක් ලබා ඇතැයි එම සමාගම පවසයි.

    මේ බව හෙළිකෙරුණේ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී ය.

    මේ අතර, රුපියල් ලක්ෂයට අඩු තැන්පතු සහිත ජ්‍යේෂ්ඨ පුරවැසියන් ගේ පොලී රඳවා ගැනීම නිසා ඇති වූ ගැටලුව විසඳමින් නව චක්‍රලේඛයක් නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    මේ අතර බස්, ලොරි රථ ඇතුළු රථ වාහන ආනයනය සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කිරීමේ ගැසට් නිවේදනය හිටිහැටියේ බල රහිත වී ඇති බවත් ඒ නිසා තමන් දැඩි දුෂ්කරතාවට ලක් ව ඇති බවත් ශ්‍රී ලංකා රථ වාහන ආනයනකරුවන් ගේ සංගමය නිවේදනය කර ඇත.

    මේ අතර, ලීසීං ණය වාරික ගෙවන්නන් ගේ සංගමය, කල්බදු මූල්‍යකරණ පනත සංශෝධන කිරීම පිළිබඳ යෝජනාවලියක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අද ඉදිරිපත් කර ඇත.

    එහි දී ඔවුන් චෝදනා කළේ, බැංකු පොලී අඩු කරන ලෙස මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට

    May 28, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    මුදල් ප්‍රතිපත්තිය ඉහළට

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.