Author: LFN

දංඕවිට, හැදල ප්‍රදේශයේ දී පස් කන්දකට යට වී පුද්ගලයකු මියගොස් තිබේ. ඊයේ (22) සවස් කාලෙයේ දී එම අනතුර සිදු ව ඇති බව පොලීසිය පවසයි. එසේ මියගොස් ඇත්තේ, කුරුදුවත්ත, දංඹ්විට ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු විසින් පස් කන්දක් කපමින් සිටිය දී අඩි 15ක් පමණ ඉහළ සිට පස් කන්ද කඩා වැටී ඔහු එයට යට වී ඇති බව පොලීිසිය වාර්තා කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් දංඕවිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

වත්තල, දික්ඕවිට ධීවර වරාය අසල මුහුදු තීරයට නාඳුනන පුද්ගලයකු ගේ මළසිරුරක් ගොඩ ගසා ඇති බව වාර්තා වේ. ඊයේ (22) උදෑසන කාලයේ දී එම සිද්ධිය වාර්තා වූ බව පොලිසිය සඳහන් කරයි. මරණකරු අවුරුදු 35ත් 40ත් අතර පමණ වයසේ පසු වන උස අඩි 05යි අඟල් 06ක් හා තරබාරු සිරුරකින් යුත් පිරිමි පුද්ගලයෙකි. ඔහු ගේ උඩුකය නිරුවත් ව ඇති බවත් යටි කයට නිල් පැහැති ඩෙනිම් කලිසමක් හැඳ සිටින අතර, කළු පැහැති බඳ පටියක් පැලඳ සිටින බවත් පොලිසිය වාර්තා කර තිබේ. හදිසි මරණ පරික්ෂණය සිදු කර මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

Read More

කඹුරුපිටිය, සපුගොඩ ප්‍රදේශයේ දී නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කිරම ආරේ දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට පත් ව තිබේ. ජීවිතක්ෂයට පත් ව ඇත්තේ, කඹුරුපිටිය, උල්ලල ප්‍රදේශයේ පදිංචි තාරුෂ දිනුවර නමැති ශිෂ්‍යයෙකි. ශිෂ්‍යයා, මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ 08 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූවකු වන අතර, ඔහු පාසලේ 14න් පහළ හොකී කණ්ඩායම නියෝජනය කළ අයකු බව ද වාර්තා වේ. ඔහු ඇතුළු හොකී කණ්ඩායම හෙට (23) දිනයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ ක්‍රීඩා පුහුණුවීම්වල නිරත ව තිබේ. පුහුණු වීම් නිමා වීමෙන් පසු පුහුණුකරු විසින් සිසුන්ට පාසල බලා පිට ව යන ලෙස දැනුම් දී ඇති නමුත් මිය ගිය සිසුවා වෙනත් සිසුන්…

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පත් කෙරුණු සරත් ඒකනායක මහතාට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ඔක්තෝබර් මස 06 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය. සිය පක්ෂ සාමාජිකත්වය සහ මහලේකම් ධූරය අත්හිටුවීමට පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ලැබූ තීරණය අභියෝගයට ලක්කරමින් දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ නඩුවක් අද (22) යළි කැඳවීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කරන ලදී. අදාළ වාරණ නියෝගය දීර්ඝ කිරීමට තමා විරුද්ධ වන බව විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා දැනුම් දුනි. ඒ අනුව විරෝධතාවලට…

Read More

රටපුරා බොහෝ රෝහල්වල සෞඛ්‍ය සේවකයෝ අද (22) කෑම පැයේදී රෝහල් අසල විරෝධතා පැවැත්වුහ. රෝහල්වල පවතින ඖෂධ හිඟය, වෛද්‍ය හිඟය සහ අනෙකුත් ගැටලු සඳහා බලධාරීන් වැඩි සැලකිල්ලක් නොදැක්වීම මෙම විරෝධයට හේතුව බව සෞඛ්‍ය සේවකයෝ පවසා ඇත. ඒ හේතුවෙන් රෝගීන් ගේ ජීවිත අනතුරුදායක තත්ත්වයක පවතින බව ඔවුන් පවසයි.

Read More

ඉන්දියාවේ සිදුවූ ත්‍රස්ත ක්‍රියා සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් ඉන්දියාවට අත්‍යවශ්‍යව සිටි ත්‍රස්තවාදියෙක් අත්අඩංගුවට ගෙන ඉන්දියාවට පිටුවහල් කිරීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සමත්වී ඇති බව අද (22) දිනයේ පුවත්පතක් වාර්තා කර තිබේ. ඉන්දියාවේ සිදුවූ ත්‍රස්ත ක්‍රියා කිහිපයක් සහ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍යව සිටි මෙම පුද්ගලයා ඉන්දීය ආරක්ෂක අංශ සහ ඉන්දීය අධිකරණයද මගහරිමින් සිට ඇත. මෙම පුද්ගලයා මීට වසරකට පමණ පෙර බංග්ලාදේශයේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගනිමින් වෙනත් රටක සිට ශ්‍රී ලංකාවට පැමිණ ව්‍යාපාරිකයෙක් ලෙස පෙනීසිටිමින් ඉතා රහසිගත ලෙස කටයුතු කර ඇති බවද එහි වැඩිදුරටත් වාර්තා වෙයි. ඉන්දීය ආරක්ෂක අංශ සහ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඒකාබද්ධව දීර්ඝ කාලීනව සිදුකරන…

Read More

මේ වසරේ ගතවු කාලය තුළ සිදුවු වෙඩි තැබීමේ සිදුවීම්වලින් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ ඉන් බහුතරයක් සංවිධානාත්මක අපරාධකරුවන් විසින් පළිගැනීමේ චේතනාවෙන් සිදුකළ ඝාතන බවය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා මෙම අදහස් පළ කළේය.

Read More

මෙරට උද්ධමනය තවත් අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව අගෝස්තු මාසයේදී මෙරට උද්ධමනය සඳහන් වන්නේ 2.1%ක් ලෙසට ය. ජූලි උද්ධමනය සඳහන් වූයේ 4.6%ක් ලෙසටය. මේ අතර ආහාර උද්ධමනය අගෝස්තු මාසයේදී -5.4%ක් ලෙස දැක්වෙයි. එම අගය ජූලි මාසයේදී -2.5%ක් ලෙස සටහන් වී තිබුණි. ආර්ථික අර්බුදයත් සමග පසුගිය වසරේ ඉහළ ගොස් තිබූ උද්ධමනයේ අඛණ්ඩ පහළ යාමක් ගතවූ මාස කිහිපය තුළ සිදුවූ අතර පසුගිය ජනවාරි මාසයේ උද්ධමනය වාර්තා වී තිබුණේ සියයට 53.2ක් ලෙසය.

Read More

පළාත් පාලන මැතිවරණය සඳහා බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඒකමතික එකඟත්වය ලැබී තිබේ. පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් ඒ සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් අපහසුතාවයට පත්වී ඇති බවත් අර්බුදකාරී තත්ත්වයට පිළියමක් ලෙස එසේ භාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට කටයුතු කිරීමටත් ඊයේ (21) දින පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී එලෙස ඒකමතික එකඟත්වය හිමිවී තිබේ. එලෙස ඒකමතික එකඟත්වය හිමි වූයේ අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය…

Read More

නවගමුව පත්තිනි දේවාලයේ සහ නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ සියලුම පිං කැටවලට මුද්‍රා තබා තිබේ. ලද පැමිණිල්ලකට අනුව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙලෙස එම පිං කැටවලට මුද්‍රා තබා ඇත. නවගමුව පත්තිනි දේවාලයේ දායක සභාවේ සම උප සභාපති චන්ද්‍රසේන පලිහේන මහතා පවසන්නේ විගණකාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙලෙස මුද්‍රා තැබු බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කළ බවය.

Read More