Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 5කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එහිදී අගනා පිතිකරණයක නියැලුණු චරිත අසලංක හයේ පහරක් සහ හතරේ පහර 5ක් සමග ලකුණු 62ක් රැස්කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත රැගෙන ගියේය. සධීර සමරවික්‍රම හතරේ පහර 6ක් සමග ලකුණු 54ක් රැස්කරගත්තේය. ෂකීබ් අල් හසන් බංග්ලාදේශය වෙනුවෙන් කඩුලු 2ක් දවාගත්තේය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 164ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ කඩුලු 4ක් දවාගත් අතර මහීෂ් තීක්ෂණ කඩුලු 2ක් දවාගැනීමට සමත්විය. ශ්‍රී ලංකාව පන්දුවාර 39කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු…
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද (01) අලුයම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින්විට වැසි ඇතිවෙන බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසිද ඇති විය හැකිය. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, වවුනියාව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.…
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 361ක් ලෙසටය. මේ අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 417ක් ලෙසටය. ලංකා සුදු ඩීසල් මිල රුපියල් 35කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 341ක් ලෙස සටහන් වෙයි. ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියලකින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 359කි. ලංකා භූමිතෙල් මිල…
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද (31) නොතීසියක් නිකුත් කර තිබේ. ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට අපහාස වන ආකාරයෙන් ෆේස්බුක් සහ යූ ටියුබ් නාලිකා ඔස්සේ දුමින්ද නාගමුව මහතා විසින් ප්‍රකාශයක් සිදුකළේ යැයි කියන චෝදනාවකට අදාළවයි. ඒ අනුව සැප්තැම්බර් මස 06 වනදා දුමින්ද නාගමුව මහතාට විවෘත අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නොතිසි නිකුත් කර ඇත.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය සියයට 4ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ජුලි මාසයේදී එය සියයට 6.3ක් ලෙසට වාර්තා වූ බවය. එසේම අගෝස්තු මාසයේදී ආහාර උද්ධමනය සියයට -4.8ක් දක්වා පහළගොස් ඇති අතර එය ජුලි මාසයේදී වාර්තා වුයේ සියයට -1.4ක් ලෙසටය.
අද (31) පෙරවරුවේ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ස්ථාන තුනක තිබී හිමිනමකගේ සහ තවත් පුද්ගලයින් දෙනෙකුගේ මළසිරුරු තුනක් සොයාගෙන තිබේ. එක් මළසිරුරක් ගලෙන්බිඳුණුවැව නගරයට ආසන්න කුඹුරු ඉඩමක ගසක එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇත. ගලෙන්බිඳුණුවැව ඉලුක්වැව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කළ හිමිනමක් වස පානය කිරීමෙන් අපවත් වී සිටියදී අද උදෑසන හමුවූ බව පොලීසිය පැවසීය. එමෙන්ම අනෙක් සිරුර හමුවී ඇත්තේ කොකාවැව ප්‍රදේශයේ වගා ලිඳක තිබියදීය. පොලීසිය සිදුකළ විමර්ශන අනුව ගලෙන්බිඳුණුවැව නගරයට ආසන්න කුඹුරු ඉඩමක මියගොස් සිටියදී හමුවූ පුද්ගලයා හුරුළුනිකවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත. මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර අවුරුදු 09ක් වයසැති දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ සිද්ධියක සැකකරු වන අතර පොලීසිය…
බත්තරමුල්ල, දකුණු තලංගම, කොරාව ප්‍රදේශයේ දී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර මෙරටින් සිංගප්පූරුවට පළා ගිය සැකකරැවෙකු නැවත මෙරටට ගෙන්වාගෙන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක ගුවන් තොටුපොළේ දී අද (31) දින සැකකරු අත්අඩංගුවට ගත් බව අතුරැගිරිය පොලීසිය පවසයි. ඉකුත් 25 වන දින තංගල්ල, කොරාව ප්‍රදේශයේ දී පොලී මුදල් ලබා දෙන්නකු බව පැවසෙන පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර තිබිණි. ඝාතනය සඳහා වෙඩික්කරු පැමිණි යතුරු පැදියේ පැදිකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මෙරටින් සිංගප්පූරුව බලා පළා යන බවට නුගේගොඩ පොලිස් කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පී.එස් ජයමහ මහතාට තොරතුරක් ලැබී තිබේ. ඒ අනුව, ගුවන් යානය පිටව යන අවස්ථාවේ දී සැකකරුට එරෙහිව විදෙස්…
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය ආසන්නයේ සිදුකළ වෙඩිතැබීමකින් බරපතළ තුවාල ලැබූ අයෙකු රෝහල්ගතකර තිබේ. වෑන් රථයකින් ගමන් කරමින් සිටි අයෙකු ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.
අයිස් මත්ද්‍රව්‍ය හා ජීව අත්බෝම්බයක් සමඟ පොලිස් රාජකාරියට බාධාකළ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (30) අලුයම් කාලයේ ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකර තිබුණි. එම අවස්ථාවේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 430 ක් සහ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකාර පුද්ගලයාව අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු විසින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පිහියකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලිස් නිලධාරින්ව බදුල්ල මහරෝහල වෙත මාරුකර යැවුණි. අත්අඩංගුවටගත් සැකකරු වයස අවුරුදු 33ක් වන ගොටුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුව ඊයේ (30) දින බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර…
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසිය භාර අමාත්‍යවරයාට හැකියාවක් නොමැති නම් ඔහු තනතුරෙහි රැඳීසිටීමෙන් ඵලක් නොවන බවය. නිශ්චිත කාල සීමාවක් තුළ රට තුළ සිදුවන පාතාල ක්‍රියාකාරකම් පාලනය කිරීමට පියවර නොගතහොත් ටිරාන් අලස් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා සඳහන් කළේය. “රටේ මනුස්සයෙකුට පාරට බැහැලා යන්න බයයි, කොයි වෙලේ, කොයි මොහොතේ කොයි තැන මැරෙන්න වෙයි ද දන්නේ නැති නිසා. ටිරාන් අලස්ට පැහැලිව කියනවා මාසයක් යන්න කලින් ඔබතුමාගේ නායකත්වය පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට පාරේ බැහැලා යන්න…