Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»යුක්‍රේනය පිළිබඳ යුනෙස්කෝ සංවිධානයෙන් නිවේදනයක්
    International

    යුක්‍රේනය පිළිබඳ යුනෙස්කෝ සංවිධානයෙන් නිවේදනයක්

    By LFNSeptember 23, 2023No Comments2 Mins Read87 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යුක්‍රේනයේ කියෙව් අගනුරව සහ ලිවීව් නුවර පිහිටා ඇති ප්‍රධාන ඓතිහාසික ස්ථාන කිහිපයක් අවදානමකට ලක් ව ඇති බව යුනෙස්කෝ සංවිධානය නිවේදනය කරයි.

    ඒ, පවතින රුසියානු – යුක්‍රේන යුද්ධය හේතුවෙනි.

    මේ අනුව එම ස්ථාන අවදානමට ලක් ව ඇති ලෝක උරුම ලැයිස්තුවට එක් කිරීමට එම සංවිධානය පියවර ගෙන තිබේ.

    කියෙව් අගනුවර පිහිටා ඇති ශාන්ත සොෆියා දේවස්ථානය අවදානමට ලක් ව ඇති ලෝක උරුම ලැයිස්තුවට එක් වූ එක් ඓතිහාසික ස්ථානයකි.

    කියෙව් අගනුවර පිහිටි ශාන්ත සොෆියා දේවස්ථානය ඉහළ වාස්තු විද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථානයක් බව සැලකේ.

    ලෝක උරුම ලැයිස්තුවට එක් කෙරුණු පළමු යුක්‍රේන සංධිස්ථානය වන්නේ ද මෙම ශාන්ත සොෆියා දේවස්ථානයයි.

    එහි ඉදිකිරීම් 1037 දී හෝ 1011 දී ආරම්භ කර ඇති සඳහන් වන අතර, එහි කටයුතු නිම කිරීමට දශක දෙකක කාලයක් ගත වූ බව වාර්තාවල සඳහන්ය.

    1917 දී රුසියාවේ දියත් වූ ඔක්තෝබර් විප්ලවයෙන් පසු ව සහ 1920 දශකයේ දියත් වූ සෝවියට් ආගම් විරෝධී උද්ඝෝෂණ සමයේ දී දේවස්ථානය කඩා යුද විරුවන් වෙනුවෙන් වෙන් කෙරුණු උද්‍යානයක් ඉදි කිරීමට යෝජනා කෙරිණි.

    කෙසේ වුව ද විද්‍යාඥයන් ගේ සහ ඉතිහාසඥයින් ගේ දැඩි ප්‍රයත්නයකින් පසු ව එම යෝජනාව අවලංගු කෙරුණු බව වාර්තාවල සඳහන් වේ.

    කියෙව් අගනුවර පිහිටි කියෙව් පර්චෙස්ක් ලාව්රා ගොඩනැගිල්ල ද අවදානමට ලක් ව ඇති ලෝක උරුම ලැයිස්තුවට එක් කර ඇති තවත් ස්ථානයකි.

    එය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට එක් කර ඇත්තේ, 1990 වසරේ දී බව සඳහන්ය.

    එමෙන්ම 2007 වසරේ දී එය යුක්‍රේන පුදුම 07 අතරට ද එක් වී ඇත.

    ඓතිහාසික ලිවීව්හි පැරණි නගරය ද අවදානමට ලක් ව ඇති ලෝක උරුම ලැයිස්තුවට එක් කර තිබේ.

    1975 වසරේ දී එය එරට ඓතිහාසික – වාස්තු විද්‍යාත්මක අභය භූමිය ලෙස නම් කෙරිණි.

    එය යුනෙස්කෝ ලෝක උරුම අතරට එක් වූයේ, 1998 වසරේ දීය.

    පවතින රුසියා – යුක්‍රේන යුද්ධය හේතුවෙන් මෙම ලෝක උරුම පූර්ණ වශයෙන් ආරක්ෂා කර ගත නොහැකි බව යුනෙස්කෝ සංවිධානය පවසයි.

    සෘජු ප්‍රහාර එල්ල වීමේ සම්භාවිතාවක් මෙන්ම ප්‍රහාරවලින් ඇති වන කම්පනයෙන් ද මෙම ස්ථානවලට හානි වීමේ අවදානමක් පවතින බව යුනෙස්කෝ සංවිධානය පෙන්වා දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.