Author: LFN

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට අවශ්‍ය පියවර ගන්නා බව ඉන්දීය රජය මදුරාසි මහාධිකරණයට දැනුම් දී ඇත. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය නොවැම්බර් මාසයේදී රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වී සිටි පුද්ගලයන් 6 දෙනෙකු නිදහස් කළ අතර ඉන් 4 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් විය. ශාන්තන්, ශ්‍රීහරන්, ජයකුමාර් සහ රොබර්ට් පායස් යන මෙම ශ්‍රී ලාංකිකයන් හතර දෙනා ගමන් බලපත්‍ර හෝ අදාළ ලියකියවිලි නොමැතිව නීති විරෝධිව බෝට්ටුවෙන් ඉන්දියාවට පැමිණ තිබෙන බව චෙන්නායි හි විදේශිකයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලය ප්‍රකාශ කර ඇත. මොවුන් නැවත ශ්‍රී ලංකාවට එවීම සඳහා අවශ්‍ය පියවර සම්පූර්ණ වන තෙක් ට්‍රිචි…

Read More

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ 73 වන ජන්ම දිනය ඊයේ (17) යෙදී තිබිණි . ඒ අනුව නිල රාජකාරී කටයුත්තක් වෙනුවෙන් දුම්රියෙන් ගමන් කරමින් සිටි අගමැති මෝදි ට ජනතාවගෙන් උණුසුම් උපන්දින සුබ පැතුම් හිමි වූ අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඔහුට එහිදී ඔහුට සුබ පැතුම් එක්කළ කුඩා ළමුන්ට චොකලට් ලබා දුන් බවද වාර්තා වේ. පසුව ඔහු දිල්ලි මෙට්‍රෝ දුම්රිය සමාගමේ කාර්ය මණ්ඩලය සමග ද සුහද කතාබහක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read More

බ්‍රසීලයේ, බාර්සේලුස් හී දි සංචාරකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් එහි ගමන් ගත් කිසිවෙකුගේ හෝ දිවි බේරී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පැවති වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දර්ශන පථය අපහැදිලි වීම අනතුරට හේතු වී තිබුණි. අනතුරින් මියගිය සංචාරකයින්ගේ ජාතිකත්වය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත. මියගිය අය අතර සංචාරකයින් 12දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සිට ඇත.

Read More

පාස්කු ප්‍රහාරයේ සත්‍ය සැඟවීමට රජය යම් උත්සාහයක් දරන බවට පෙනී යන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පොල් වගාකරුවන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් (16) විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විය. එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය. “ඇයි රජයක් හැටියට පාසකු ප්‍රහාරයේ සත්‍ය සොයන්නට මීට වඩා උනන්දුවක් දක්වන්නේ නැත්තේ. පාස්කු ප්‍රහාරය යම් පුද්ගලයෙක්, පුද්ගල කණ්ඩායමක්, දේශපාලන කණ්ඩායමක් ජයග්‍රහණය කරවන්න නිර්මාණය වූ ත්‍රස්තවාදී සිද්ධියක් ද?. මේක මහා ප්‍රහේලිකාවක්. ජනාධිපතිවරයා මේක මතක තබා ගන්න ඕනේ පාස්කු ප්‍රහාරය කේන්ද්‍රකරගෙන පාර්ලිමේන්තුව ආපු මහජන නියෝජිතයෝ 134 දෙනෙක් තමයි ජනපතිව පත් කර ගත්තේ. ඒ මන්ත්‍රීවරු 134කගේ වරමක් ජනාධිපතිවරයාට ලැබීම තුළ පැහැදිලි වරමක්…

Read More

කටුනායක ගුවන්තොටුපලේ දී පසුගියදා අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර නොහොත් ගණේමුල්ලේ සංජීව ප්‍රශ්න කිරීම සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත රැගෙනවිත් තිබේ . ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පසුගියදා අවසර ලබාදුනි. කෙසේවෙතත් ගණේමුල්ලේ සංජීව ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතව අපරාධ රැසක් සිදුකර තිබීම නිසා විමර්ශනවල පහසුව උදෙසා ඔහු වීරඟුල පොලීසියට පසුගිය (16) රැගෙන ආවේ එහි රඳවාගෙන ප්‍රශ්න කිරීමටය. මේ හේතුවෙන් වීරඟුල පොලීසිය අවට ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස පසුගිය සමයේ අපරාධ සඳහා භාවිත කළ ටී56 වර්ගයේ ගිනිඅවියක් සොයාගැනීමට පොලීසිය සමත් විය. මේ අනුව,…

Read More

චැනල් 4 නාළිකාව හෙළි කළ කරුණු පිළිබඳ සොයා බැලීම සඳහා කමිටු පත් කිරීම ද පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලීමට පත්කළ කමිටු සේම නිෂ්ඵල ක්‍රියාවක් බව අගරදරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. ප්‍රහාරය සඳහා වගකිව යුතු පාර්ශව ඉහළ තනතුරුවල සිටියදී ස්වාධීන විමර්ශන කරන්නේ කෙසේදැයි අගරදගුරු හිමියන් ප්‍රශ්න කළේය. අගරදගුරු හිමියන් මේ බව පැවසුවේ කළුතර ශාන්ත මරියා දේවස්ථානයේ පැවති දිව්‍ය පූජාවට එක්වෙමිනි. “එදා පාස්කු බෝම්බ ප්‍රහාරයට හසු වූ 273 දෙනා වෙනුවෙන් මා මේ දේ කිවයුතුමයි. දැන් මේ රටේ නායකයා තීරණය කරලා තියෙනවාලු මේ සම්බන්ධයෙන් වෙනම කමිටුවක් පත්කරලා චැනල් 4 නාළිකාව පෙන්නපු වැඩසටහනේ ඇති කරුණු විග්‍රහ කරන්න. මම අහන්න කැමතියි අපේ රටේ…

Read More

බස්නාහිර, සබරගමුව සහඋතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවය. නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

වාහනයකින් පැමිණි පිරිසක් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ගේ වාහනය ට වෙඩිතබා ඇති බව වාර්තා වෙයි. ඔහු සිය අනුරාධපුරයේ පිහිටි නිවසට පැමිණි පසු එම වෙඩිතැබීම සිදුකර තිබුණි. ඉන් ඔහුට කිසිදු හානියක් සිදුවී නොමැති බව වාර්තා විය.

Read More

උපවාසයකින් මිට වසර 36 කට පෙර මියගිය බව කියන තිලිපන් නැමැති අය සමරමින් තිලිපන්ගේ විශාල ඡයාරැපයක් රැගෙන ඊයේ (17) ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිස් වසමේ සර්ධාපුර හරහා උතුරට ගමන් ගත් රථ පෙලපාලියකට ප්‍රදේශ වාසින් පහර දිම නිසා එම ප්‍රදේශය යුද පිටියක් විය තිලිපන්ගේ රැව තබා සරසන ලද කැබ් රථයේ නැගි ගිය යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්ව රාජා ගජේන්ද්‍රන් මහතාටද ජාතික කොඩි රැගෙන මග හරස් කල පිරිස් පහර දුන් අතර රථ පෙලපාලියේ පිටුපසින් පැමිණි මොටර් රථයකින් පැමිණි පිරිසක් මන්ත්‍රීවරයා බේරා ගෙන රැගෙන යනු ලැබුහ.මග හරස් කල පිරිස පැමිණි රථ පෙලපාලියට ආපසු හරවා ගෙන යන ලෙස පැවැසිමත් සමග මෙම ගැටුම හට ගත්තේය එම අවස්ථාවේ…

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයක් ගෙන දෙමින් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඒ අද (17) අද පැවති අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10කින් පරාජය කරමිනි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු දෙකක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 50ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිම තුළ කුසල් ජනිත් පෙරේරා, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, නායක දසුන් ශානක සහ මතීෂ පතිරණ ලකුණු නොලබාම දැවී ගියේය. කුසල් මෙන්ඩිස් ලකුණු 17කටත් පැතුම් නිස්සංක ලකුණු 2කටත්, ධනංජය ද සිල්වා ලකුණු 4කටත් දැවී ගිය අතර විශිෂ්ට…

Read More