Author: LFN
නිවසක් තුළ කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු මියගොස් සිටියදී හමුවී තිබේ. සිද්ධිය වාර්තා වන්නේ වැල්ලවාය පොලිස් වසමේ ගංපංගුව ප්‍රදේශයෙනි. ඒ පිළිබඳව වැල්ලවාය පොලිස් ස්ථානයට 118 අංකය ඔස්සේ ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මියගොස් ඇත්තේ අවුරුදු 33ක් වන ගංපංගුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මියගොස් ඇති පුද්ගලයා තම මව සහ වැඩිමහල් සහෝදර සහෝදරියන් සමග නිවසේ වාසය කර ඇති අතර නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවක මෙම ඝාතනය සිදුවී ඇත. මරණකරු මත්පැන් පානයට ඇබ්බැහිවූ අයෙකු වන අතර නිවැසියන් සහ අසල්වැසියන් සමග නිතර ආරවුල් ඇති කරගන්නා අයෙකු බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඝාතනය සම්බන්ධව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය සුළු වශයෙන් අඩුවී ඇති බව මහ බැංකුව පවසයි. මහ බැංකුව පෙන්වා දෙන පරිදි මෙරට නිල සංචිත වත්කම් 2023 ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 සිට 2023 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598ක් දක්වා 4.4%කින් අඩුවී ඇත. චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ සපයා ඇති ඩොලර් බිලියන 1.4ක මූල්‍ය පහසුකමද ඊට ඇතුළත් වෙයි.
මාන්කුලමේ සිදුවූ පිපිරීමකින් දරුවෙකු ඇතුළු දෙෙදනෙකු තුවාල ලබා තිබේ. ඊයේ (07) දින මුලතිව්, මාන්කුලම ප්‍රදේශයේ වැඩිහිටි පුද්ගලයෙකු හා දරුවෙකු දර කැඩීමට ගිය අවස්ථාවක මෙම පිපිරීම සිදුවී ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි. සිද්ධියෙන් අවුරුදු 84ක් වයසැති වැඩිහිටි පුද්ගලයා සහ අවුරුදු 6ක මුණුබුරා තුවාල ලබා ඇත. සතුන් දඩයම් කිරීම සඳහා ඇටවූ බඳින තුවක්කුවක් මෙලෙස පුපුරා යන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරයි. පිපිරීම සම්බන්ධයෙන් මාන්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට අදාළ ඡන්ද විමසීම අද (08) පැවැත්වීමට නියමිතය. පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 රැස්වන අතර ඊට අදාළ ඡන්ද විමසීම පස්වරු 5.30ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය. සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පසුගියදා ඉදිරිපත් කර තිබුණි. මේ අතර ඊයේ දිනයේ විවාදයට එක්වෙමින් අදහස් දැක්වු සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ සෞඛ්‍ය අර්බුදය වසන් කිරීමට පියවර ගන්නා සෑම රාජ්‍ය නිළධාරියෙකුට ඉදිරියේ නීතිමය පියවර ගන්නා බවය.
චැනල් 4 නාළිකාව මගින් ශ්‍රී ලංකාවේ 2019 වසරෙහි සිදු වු පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව ව්‍යාජ වාර්ථාමය වීඩීයෝ පටයක් හරහා සිදු කරන ලද හෙලිදරව්ව සම්බන්ධයෙන් ජාතිය ගොඩ නැගීම සහ සංහිඳියාව උදෙසා වූ ව්‍යපාරය විසින් අද (7) වන දින බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක් පවත්වා එම කාර්යාලයවෙත සංදේශයක් බාරදී ඇති බවට වාර්තාවේ. මෙහිදි විරෝධතාකරුවන් පවසා මෙම හෙළිදරව්ව සම්බන්ධයෙන් ලංකාව තුළ නැවතත් ජාති, ආගම් පදනම් කොටගත් විරසකයක් ඇති වීම හා ජාතීන් අතර අවිශ්වාසය ඇති වී ජාතීන් අතර අසමගිය වර්ධනය වීමට ඉඩකඩ ඇති බවත් එමෙන්ම මෙම පුවත හරහා ලංකාව ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට පත්වීමට එරෙහිව හා චැනල් 4 නාළිකාවේ ඒකපාර්ශවීය ක්‍රියාකලාපයට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා…
බේරුවල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් ඊයේ (06) රාත්‍රියේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනට බාධා එල්ලවී තිබුණි. නමුත් මේ වනවිට එම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර ඇති බව වාර්තා වෙයි. දුම්රිය සේවකයින්, බේරුවල පොලීසිය සහ ප්‍රදේශවාසින් එක්වී ඊයේ රාත්‍රියේම දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කර තිබුණි. මග්ගොන සහ බේරුවල දුම්රිය ස්ථාන අතර මාගල්කන්ද ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට මෙලෙස පස් කන්දක් කඩාවැටීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනට බාධා එල්ලවී තිබුණි. මේ හේතුවෙන් කොළඹ කොටුව සිට ගාල්ල බලා ඊයේ ගමන් ගත් රාත්‍රි තැපැල් දුම්රිය සහ මරදාන සිට අළුත්ගම බලා ගමන් ගන්න දුම්රියක් පයාගල ප්‍රදේශයේ නතර කර තිබු අතර එම දුම්රියන්වලින් පමිණි…
අසාද් මවුලානා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිදු කරන ප්‍රකාශ අසත්‍ය බවත් ඔහුගේ ප්‍රකාශ ඇතුළත් චැනල් ෆෝ වීඩියෝව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් රාජ්‍ය අමාත්‍ය ෂිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පවසයි. ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේය. එහි දී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා, “චැනල් 4 නාලිකාව විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක වීඩියෝ පටය සම්බන්ධයෙන් මම සත්‍ය ප්‍රකාශ කළ යුතුයි. මා සමඟ සිටි අසාද් මවුලානා වෙනත් රටක පදිංචි වී සිය වෘත්තිය ජිවිත ආරම්භ කිරීම සඳහා මෙවැනි බොරු ප්‍රචාර සිදුකරනවා. පාස්කු ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය භාරගෙන තිබුණා. ප්‍රහාරය සිදු කළ හේතුව අරමුණු ඒ අය…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විකාශය කළ වීඩියෝව මගින් අනාවරණය කරන කරුණු සම්බන්ධයෙන් විමර්ශනයට ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් පත්කළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. කොළඹ අගරදගුරු මැදුරේ දී ඊයේ (06) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් උන්වහන්සේ සඳහන් කළේ, අදාළ වීඩියෝවේ අන්තර්ගත කරුණු තමන් පිළිගන්නේ එවැනි විමර්ශනයකින් පසුව පමණක් බවයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, “අපි චැනල් 4 නාළිකාවට කෘතඥතාව පළ කරනවා. අපිට වැදගත් නාලිකාවේ පැරණි හැසිරීම නොවෙයි. අපේ ප්‍රශ්නය ගැන ඉදිරිපත් කළ කරුණුයි වැදගත්. ඉදිරියට කඩිනමින් කළ යුතු වන්නේ. චැනල් 4 ඉදිරිපත් කළ කරුණු සහ පුද්ගලයන් පිළිබඳ අපක්ෂපාතී විනිවිදභාවයෙන්…
පක්ෂයේ බලය තමා විසින් අල්ලනු ඇතැයි පක්ෂ සභාපතිවරයාට බියක් තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් සහ එහි මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට ප්‍රතිචාර දක්වමින් දයාසිරි ජයසේකර මහතා ඒ බව පැවසීය. ඊයේ (06) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් දයාසිරි ජයසේකර මහතා මෙම කරුණු අනාවරණය කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා, “මට අදහගන්න බැරුව ගියා.. මොකක්ද මේ හේතුව කියලා. පිරිසකට අවශ්‍ය වෙලා තිබෙනවා.. මේ පක්ෂය රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ කොටස්කරුවෝ විදියට හේත්තු කරන්න. අවසානයේ වුණේ පක්ෂය ආරක්ෂා කරපු මාව එළියට දැම්මා. මම කනගාටු වෙන්නේ නැහැ. මෙවැනි තීරණ අපේ සභාපතිතුමා ඉතිහාසයෙත් අරගෙන තිබෙනවා. මම පක්ෂය දාලා යන්නේ නැහැ.”…
බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කර්මාන්තකරණයක් සිදුකර ඉදිරි වසර 15-20 තුළ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙනයාමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එදා නොදියුණු ප්‍රදේශයක්වූ බියගම ප්‍රදේශය, වෙළෙඳ කලාපය ආරම්භ කිරීමත් සමඟ විශාල දියුණුවක් ලැබූ බවත් ශ්‍රී ලංකාවම ආයෝජන කලාපයක් බවට පත්කර නව ආයෝජන අවස්ථා රැසක් ලොවට විවෘත කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට ඊයේ (06) පස්වරුවේ එක් වෙමිනි. දැනටමත් කර්මාන්තපුර ඇති කිරීම සඳහා බිංගිරිය, හම්බන්තොට, නුවර, ත්‍රිකුණාමලය සහ උතුරු පළාතේ ද ප්‍රදේශ කිහිපයක්…