Close Menu
Lanka Focus News
    What's Hot

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඵලදායී ආර්ථික වර්ධනයක් නොපෙනන බවට අනාවරණයක්
    Featured

    ඵලදායී ආර්ථික වර්ධනයක් නොපෙනන බවට අනාවරණයක්

    By LFNSeptember 10, 2023No Comments1 Min Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට තුළ ආර්ථික වශයෙන් යම් ස්ථීරභාවයක් ඇති වුව ද ඵලදායී ආර්ථික වර්ධනයක් පෙන්නුම් නොකරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්‍ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ, බැංකු පොලී අනුපාතය සැලකිය යුතු මට්ටමින් පහත දැමීමක් මෙතෙක් සිදු කර නොමැති බවයි.

    මේ පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ ආචාර්‍ය ප්‍රියංග දුනුසිංහ,

    “අපිට දකින්න නැහැ තාම වෙළෙඳපොළ පොලී අනුපාතයන් පහළට ඇවිල්ලා ණය ගලාගෙන යාමක් අපිට පෙනෙන්ට නැහැ. බැංකු අංශ තාමත් පොලී අනුපාත ඉහළ මට්ටමක පවත්වාගෙන යන තත්ත්වයක් තමයි පවතින්නේ. ඒ නිසා එලදායි විදිහට ප්‍රත්පත්ති කරන හරහා ආර්ථික වර්ධනය ඇති කරන්න තාමත් අපි අසමත් වෙලා පවතිනවා. ඇත්තටම ප්‍රතිපත්තිකරණය හරහා ආර්ථිකය තුළ ස්ථායිතාවක් ඇති කරා. ඒ තමයි ගෙවුම් ශේෂයෙන්ම උද්ධමනය ඉහළ යන එක වළක්වලා පහළට ගෙන ආවා. රුපියල කඩා වැටීම වළක්වලා ස්ථාවර තත්ත්වයකට ගෙන ආවා. ඒ ස්ථායිකණනයට අදාළ ආර්ථික ප්‍රතිපත්තිවල ඵලදායිතාවක් පෙන්නුම් කරත් ආර්ථික වර්ධන ඇතිකිරීම සඳහා මැදිහත්වීමක් සිදු කිරීමට තාමත් අපොහොසත් වෙලා තියෙන තත්ත්වක් තමයි පෙන්නුම් කරන්නේ.”

    මේ අතර, මෙරට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට නොපැමිණීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරි කටයුතුවලට බාධා වනු ඇති බව අචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 202600 Views

    මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර චාරිත්‍රානුකූලව අවසන් කරමින් සිදුකරන දිය කැපීමේ චාරිත්‍රය අද (28) උදෑසන මහවැලි…

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.