Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කම්කරුවන් ස්ථීර කිරීමට වැඩපිළිවෙළක්
    Featured

    කම්කරුවන් ස්ථීර කිරීමට වැඩපිළිවෙළක්

    By LFNSeptember 10, 2023No Comments1 Min Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන ආයතනවල අනියම් ආදේශක සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කම්කරුවන් සියලු දෙනා ස්ථීර කිරීමට පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මේ වනවිට දිවයින පුරා පළාත් පාලන ආයතනවල එවැනි කම්කරුවන් 8,000ක් පමණ සිටින බවයි.

    එම කම්කරුවන් ස්ථීර කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබේ.

    අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව පළාත් පාලන ආයතනවල සේවය කරන අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කම්කරුවන් ස්ථීර කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.

    මේ අතර, රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ඉදිරිපත් වන පැමිණිලි විමර්ශන කටයුතු විනිවිදභාවයකින් කඩිනමින් අවසන් කරන ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා විමර්ශන අංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

    කිසිදු බලපෑමකට යටත් නොවී අදාළ විමර්ශන කටයුතු සිදු කරන ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට රාජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

    රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා එම උපදෙස් ලබා දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.