Close Menu
Lanka Focus News
    What's Hot

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ජනපති අමෙරිකාවට
    Hot News

    ජනපති අමෙරිකාවට

    By LFNSeptember 17, 2023No Comments2 Mins Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කියුබාවේ පැවති ‘ජී 77 සහ චීනය’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ළඟා වී තිබේ.

    ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා නිව්යෝර්ක් නුවරට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ‘ජී 77 සහ චීනය’ රාජ්‍ය නායක සමුළුව පෙරේදා (15) දිනයේ ඇමතූ අතර, එහි දී ඔහු ප්‍රකාශ කළේ, ගෝලීය සංවර්ධන අභියෝගයන්ට මුහුණ දීමේ දී විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන අංශයට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බවයි.

    සිය කියුබානු සංචාරය තුළ දී ජනාධිපතිවරයා සහ කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් මහතා අතර විශේෂ සාකච්ඡාවක් ද පවත්වනු ලැබීය.

    එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරය හෙට දිනයේ සිට ලබන 21 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 21 වැනි දින සැසිවාරය අමතා සිය විශේෂ දේශනය සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    එම සැසිවාරයට සමගාමී ව සැප්තැම්බර් මස 18 වැනි දින පැවැත්වෙන 2030 වෙනුවෙන් පරිවර්තනීය සහ වේගවත් ක්‍රියාදාමයන් සඳහා ලෝක නායකයන් විසින් මාර්ගෝපදේශය සපයනු ලබන 2023 තිරසර සංවර්ධන ඉලක්ක සමුළුයේ රාජ්‍ය නායක සමුළුව සඳහා ද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය.

    එදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමුළුවට එක් ව සිටින රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, සමුද්‍රීය ජාතීන් සඳහා වන ඉන්දු පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදය සඳහා ද එක් වන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 202609 Views

    පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු…

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.