Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පිල්ලෙයාන්ගෙන් පැමිණිල්ලක්
    Featured

    පිල්ලෙයාන්ගෙන් පැමිණිල්ලක්

    By LFNSeptember 7, 2023No Comments2 Mins Read146 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අසාද් මවුලානා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිදු කරන ප්‍රකාශ අසත්‍ය බවත් ඔහුගේ ප්‍රකාශ ඇතුළත් චැනල් ෆෝ වීඩියෝව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් රාජ්‍ය අමාත්‍ය ෂිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පවසයි.

    ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේය.

    එහි දී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා,

    “චැනල් 4 නාලිකාව විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක වීඩියෝ පටය සම්බන්ධයෙන් මම සත්‍ය ප්‍රකාශ කළ යුතුයි. මා සමඟ සිටි අසාද් මවුලානා වෙනත් රටක පදිංචි වී සිය වෘත්තිය ජිවිත ආරම්භ කිරීම සඳහා මෙවැනි බොරු ප්‍රචාර සිදුකරනවා. පාස්කු ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය භාරගෙන තිබුණා. ප්‍රහාරය සිදු කළ හේතුව අරමුණු ඒ අය පිළිඅරගෙන තිබුණා. ඒක ISIS නිල වෙබ් අඩවියේ සඳහන් වෙලා තිබුණා.

    නමුත් අසාද් මව්ලානා දැන් මෙම සිද්ධිය වෙන පැත්තකට යොමු කරන්න හදනවා. ප්‍රහාරයට සම්බන්ධ දේශපාලන හා ජාත්‍යන්තර බලවේග තියෙනවා. අසාද් මව්ලානා එම බලවේග බේරගන්න උත්සාහ කරනවා ද යන්න පිළිබඳ සැකයක් තියෙනවා. පසුගිය කාලයේ මම සිරගත වෙලා සිටියා. සිරකරුවෙකුට මෙවැනි දෙයක් සංවිධානය කළ හැකි ද? මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු කෙටි කාලයකින් නිර්මාණය කළ හැකි ද? මම දන්නවා, මට අත්දැකීම් තියෙනවා කෙටි කාලයකින් මෙහෙම දෙයක් සංවිධානය කරන්න බැහැ. විපක්ෂ නායකවරයා සඳහන් කළ පරිදිම අසාද් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න කියලා මම ඉල්ලා සිටිනවා”

    අනතුරුව රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ඒ සම්බන්ධව පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.