Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රටම ආයෝජන කලාපයක් බවට පත් කරනවා – ජනපති
    Featured

    රටම ආයෝජන කලාපයක් බවට පත් කරනවා – ජනපති

    By LFNSeptember 7, 2023No Comments2 Mins Read151 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කර්මාන්තකරණයක් සිදුකර ඉදිරි වසර 15-20 තුළ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙනයාමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    එදා නොදියුණු ප්‍රදේශයක්වූ බියගම ප්‍රදේශය, වෙළෙඳ කලාපය ආරම්භ කිරීමත් සමඟ විශාල දියුණුවක් ලැබූ බවත් ශ්‍රී ලංකාවම ආයෝජන කලාපයක් බවට පත්කර නව ආයෝජන අවස්ථා රැසක් ලොවට විවෘත කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට ඊයේ (06) පස්වරුවේ එක් වෙමිනි.

    දැනටමත් කර්මාන්තපුර ඇති කිරීම සඳහා බිංගිරිය, හම්බන්තොට, නුවර, ත්‍රිකුණාමලය සහ උතුරු පළාතේ ද ප්‍රදේශ කිහිපයක් හඳුනාගෙන තිබෙන අතර එම කටයුතු කඩිනම් කරන බවත් ඒ සමඟ එම සියලු ප්‍රදේශ වාණිජ නගර ලෙස ගොඩනැගෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    එසේම තම තමන්ගේ දිස්ත්‍රික්ක සංවර්ධනය කිරීම වෙනුවෙන් ආයෝජන අවස්ථා ගෙනඒමට ජනතා නියෝජිතයින්ගේ කැපවීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    අපේ රටට කර්මාන්තපුර සුදුසු නොවන බවට එදා ඇතැමුන් ප්‍රකාශ කළද අද බියගම ආයෝජන කලාපය දකුණු ආසියාවේ හොඳම වෙළෙඳ කලාපය බවට පත්වී ඇති බවත්, රටේ සෑම පළාතකම බියගම සහ කටුනායක වැනි කර්මාන්තකරණයක් සිදු කළා නම් අද රටක් ලෙස ආර්ථික පීඩාවකට ලක් නොවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    නව ආයෝජන කලාප ඇති කරමින් රටේ ආර්ථිකය සවිමත් කිරීමට කටයුතු කරන අතරම අනාගත තරුණ පරපුරට රැකියා අවස්ථා විවර කරදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.