Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»චැනල් 4 වීඩියෝව ගැන කාදිනල් හිමිගෙන් ප්‍රකාශයක්
    Featured

    චැනල් 4 වීඩියෝව ගැන කාදිනල් හිමිගෙන් ප්‍රකාශයක්

    By LFNSeptember 7, 2023No Comments2 Mins Read157 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විකාශය කළ වීඩියෝව මගින් අනාවරණය කරන කරුණු සම්බන්ධයෙන් විමර්ශනයට ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් පත්කළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

    කොළඹ අගරදගුරු මැදුරේ දී ඊයේ (06) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් උන්වහන්සේ සඳහන් කළේ, අදාළ වීඩියෝවේ අන්තර්ගත කරුණු තමන් පිළිගන්නේ එවැනි විමර්ශනයකින් පසුව පමණක් බවයි.

    මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

    “අපි චැනල් 4 නාළිකාවට කෘතඥතාව පළ කරනවා. අපිට වැදගත් නාලිකාවේ පැරණි හැසිරීම නොවෙයි. අපේ ප්‍රශ්නය ගැන ඉදිරිපත් කළ කරුණුයි වැදගත්. ඉදිරියට කඩිනමින් කළ යුතු වන්නේ. චැනල් 4 ඉදිරිපත් කළ කරුණු සහ පුද්ගලයන් පිළිබඳ අපක්ෂපාතී විනිවිදභාවයෙන් යුත් විමර්ශනයක් අරඹන්න. විමර්ශනය කළ යුත්තේ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක්. විමර්ශනය ස්වාධීනව සිදුකිරීමට. විමර්ශනයට ලක්වන සියලු නිලධාරීන්ගේ සේවය අත්හිටුවන්න. රජය අපේ යෝජනා ක්‍රියාත්මක කරයි කියලා බලාපොරොත්තු වෙනවා.”

    මාධ්‍යවේදියා – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව ඉදිරිපත් කළ වාර්තාව ඔබවහන්සේ පිළිගන්නවා ද නැද්ද?

    “මම එය විමර්ශනයක් කර පිළිගන්න සූදානම්. විමර්ශනයක් නැතුව පිළිගන්නේ නැහැ”

    මාධ්‍යවේදියා – මේ ප්‍රශ්නගත චැනල් 4 වීඩියෝ එකේ ඔබවහන්සේගේ ප්‍රකාශ අන්තර්ගත වෙනවා. එක තැනක දී ඔබවහන්සේ කියනවා මේක බලය ලබාගැනීමට කරපු කුමන්ත්‍රණයක්. ඊට රජයේ ප්‍රබල පුද්ගලයන් සම්බන්ධයි කියලා ඔබවහන්සේගේ වචනයෙන් කියනවා. මේ වීඩියෝ එකේ හෙළිදරව් කරපු කරුණුවලට අමතරව ඔබවහන්සේ මොනවගේ කරුණක් මත පදනම් වෙලා ද එම ප්‍රකාශය කළේ. ඔබවහන්සේ මීට වඩා තොරතුරු දන්නවාද ?

    “මුල දී ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා හිතුවා. නමුත් පසුව අදහස වෙනස් කරගත්තා. රජය ඇල්මැරුණු ආකල්ප ක්‍රියාත්මක කළේ. ඔවුන්ගේ සම්බන්ධයක් තියෙනවා ද කියන සැකය ඇතිවුණා. එතකොට ජනවිඥානය කියන්න ගත්තා කුමන්ත්‍රණයක් කියලා. ජනාධිපති කොමිසම් වාර්තාවේ කරුණුත් සැකයට තුඩුදුන්නා.”

    මාධ්‍යවේදියා – පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශයක් කළා සිදුකෙරුණු විමර්ශන සම්බන්ධයෙන් ඔබතුමන්ලා චෝදනා කරනවා විතරයි. ඔවුන්ට අවස්ථාවක් දෙන්නේ නැහැ ඒවා සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීම් කරන්න. වැඩිදුර කරුණු දක්වන්න කියලා.

    “වාර්තාවේ පිටු 70,000ක් තියෙනවා. තාම කියවගෙන යනවා. අවස්ථාව දෙන්නේ කොහොම ද? ඒ ඇමතිතුමා ගැන විශ්වාසය තියන්න පුළුවන් ද”

    මාධ්‍යවේදියා – ඊයේ පාර්ලිමේන්තුවේ අමාත්‍ය මනුෂ නානායක්කාර කියනවා ඔබවහන්සේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහයෝගය ලබාදුන්නා කියලා?

    “ඊයේ විපක්ෂ නායකතුමා ප්‍රකාශයක් කළා. මම ඔහුට විරුද්ධව ඡන්දය දෙන්න කිව්වා කියලා. මම කොහේවත් එහෙම කිව්වේ නැහැ. අභියෝග කරනවා එහෙම කියපු කතාවක් පෙන්වන්න කියලා. මැතිවරණයට නාමයෝජනා භාර දුන්නාට පස්සේ. අපේක්ෂකයෝ තුන්දෙනාටම අගරදගුරු මැදුරට එන්න දුන්නේ නැහැ. මම ගෝඨාභයට ඡන්දය දෙන්න කිව්වේ නැහැ. සජිත්ට, අනුරට දෙන්න කිව්වෙත් නැහැ. මම ගෝඨාභයට වැඩ කළා කියන මිථ්‍යාව පටන් ගත්තේ, බලගතු කතෝලික ඇමතිවරයෙක්. පස්සේ ඒ දෙන්නා කාට ද පන්දම් ඇල්ලුවේ කාගේ ඇමතිවරු හැටියට ද ඉන්නේ. ඒවා කතා කරන්න ඕනේ නැහැ. ඔවුන් දෙදෙනා මා සමඟ සාකච්ඡාවකට ආවා. මට එදා කියාපුවා අද කියන්නේ නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026014 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.