Author: LFN

ලෝක වෙළෙඳපොළ තුළ රත්‍රං සහ රිදී මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව ලොව ප්‍රධාන වෙළෙඳපොළ තුළ රත්රන් මිල අමෙරිකානු ඩොලර් 4,600ක් ඉක්මවා ගොස් තිබූ අතර රිදී අවුන්සයක මිලද ඩොලර් 84 ඉක්මවූ අගයක සටහන්ව තිබුණි. ගෙවුණු කාලය තුළ අවස්ථා කිහිපයකදීම ලෝක වෙළෙඳපොළ තුළ රන් සහ රිදී මිල වේගයෙන් ඉහළ යනු නිරීක්ෂණය වුණි. මේ වනවිට නැවතත් රන් සහ රිදී මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ගෙවුණු දිනය තුළ නිව්යෝර්ක් වාණිජ හුවමාරුවේ රත්රන් අවුන්සයක මිල සියයට 2කින් ඉහළ ගිය අතර එය දැක්වුණේ ඩොලර් 4,612ක් ලෙසය. ලන්ඩන් වෙළෙඳපොළ තුළත් රත්‍රං මිල ඩොලර් 4,600 ඉක්මවා ගොස්…

Read More

මෙරට සිදු වූ ස්වභාවික ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක් ව ඇති බවට හඳුනාගත් මාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් චීන රජයෙන් සහාය පත සිදුකළ විශේෂ ඉල්ලීම කෙරෙහි තමන් පෞද්ගලිකව මැදිහත් වන බව චීන විදේශ කටයුතු අමාත්‍ය Wang Yi මහතා සහතික වී තිබේ. ‍ ශ්‍රී ලංකාව ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා නිවැරදි මාවතේ ගමන් කරන බව විශ්වාසය පළ කළ හැකි බවත් ඒ සඳහා චීන රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් මෙරට සංචාරයක නිරත වූ අමාත්‍ය Wang Yi මහතා නැවතත් තහවුරු කළේය. අද උදෑසන (12)…

Read More

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (12) රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී. ඒ අනුව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ මුන්දලම නවදන්කුලම ප්‍රදේශයේ අද (12) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. සිද්ධියෙන් මෝටර් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයෙකු හලාවත රෝහල වෙත ඇතුළත් කර ඇති බව ද පොලීසිය වැඩිදුරටත් පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, දියණිය අමාලි නායනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුනි ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව පෙබරවාරි 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (12) නියම කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව යළි පෙබරවාරි මස 13 වනදා කැඳවන ලෙස නියෝග කර තිබේ. අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටි කාලසීමාව තුළ සිය පෞද්ගලික කාර්යමණ්ඩලය සඳහා පිටස්තර පුද්ගලයින්ගේ නම් ඇතුළත් කර ඔවුන්ට හිමි වැටුප හා දීමනා තමන්ගේ බැංකු ගිණුම්වලට බැර කරගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකිරීම…

Read More

චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ මහතා අද (12) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ. දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට යළි ගොඩනැගීම පිළිබඳව සොයාබැලීම සහ චීන රජයෙන් ලබාදෙන ආධාර පිළිබඳ දැනුම් දීම චීන විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණයි. චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ මහතා නිල සංචාරයක් සඳහා අද (12) අලුයම දිවයිනට පැමිණියේය. ඔහු සමග දූත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 17 දෙනෙකු ද දිවයිනට පැමිණ තිබුණි. කෙසේවෙතත් සංචාරය නිමා කරමින් චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස පෙරවරු 10.30ට පමණ යළිත් කටුනායක ගුවන් තොටුපොළෙන් චීනයේ බෙයිජිං නුවර බලා පිටත්ව ගොස් ඇත.

Read More

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී මේ වන විට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැති හරිනි අමරසූරියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් බලකරමින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර ඇත.

Read More

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඊයේ (11) ආරම්භ කෙරුණි. ඒ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) ආරම්භ කෙරුණි. ඉන්දියාවෙන් මෙරටට ප්‍රදානය කළ අමෙරිකානු ඩොලර් මිලියන 450ක මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 5ක් මේ සඳහා යොදවා ඇති බව සඳහන් වේ. මෙම ප්‍රතිසංස්කරණ ඉන්දීය රජයට අයත් දුම්රිය මාර්ග ඉදිකිරීම් සමාගමක්…

Read More

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනා කරණ අංශය මගින් 2026.01.07 දිනයේ නිකුත් කරන ලද ගංවතුර සඳහා සූදානම් වීමේ පූර්ව දැනුම් දීම නිවේදනය මගින් සිදු කරන ලද ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානම් තත්ත්වය මේ වන විට පහව ගොස් ඇති බව දැනුම් දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග අධ්‍යක්ෂ (ජලවිද්‍යා හා ආපදා කළමනා කරණ) ඉංජි. එල්. එස්. සූරිය බණ්ඩාර මහතා මේ බව දැණුම් දී ඇත. දිවයින පුරා වර්ෂාපතන තත්ත්වයේ සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් සහ ගංඟාවල ජල මට්ටම් වල සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් ජලවිද්‍යා හා ආපදා කළමනා කරණ අංශය නිරන්තර අවධානයෙන් පසුවන අතර, ගංවතුර තත්ත්වයක් ඇති වන්නේ නම් ඒ සම්බන්ධයෙන් පුර්ව දැනුම්දීම් සිදු කිරීමට අවශ්‍ය…

Read More

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් අද (12) සිට යළි ආරම්භ වේ. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,086කදී විභාගය පැවැත්විමට නියමිත අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් සහ ප්‍රාදේශීය මධ්‍යස්ථාන 32ක් ඒ සඳහා ස්ථාපිත කර තිබේ. විභාගය අද (12) සිට ලබන 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. විභාගය ආරම්භ වීමට පැයකට පමණ පෙර අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථානය වෙත පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළාය. විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් පැවසුවේ ආපදා තත්ත්වය හේතුවෙන් අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය පත්‍ර අස්ථානගත වී ඇත්නම් එවැනි අපේක්ෂකයින්ට ද විභාගය සඳහා පෙනී සිටීමට අවශ්‍ය කටයුතු සලසා…

Read More