Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය පතයි
    Featured

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය පතයි

    By LFNFebruary 14, 2026No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තලංගම, අකුරේගොඩ දී ඊයේ (13) සිදුවූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්ෂා කර තිබේ.

    අපරාධය සිදුකිරීමට පැමිණි වෙඩික්කරුවන් හෝමාගම, පොතුඅරාව පාර, අතුරුගිරිය පොලිස් වසම, කොට්ටාව සහ මාකුඹුර යන ප්‍රදේශ හරහා ගමන් කර ඇති බවට දැනට සිදු කරමින් පවතින විමර්ශන වලට අනුව අනාවරණය වී ඇත.

    මෙම සිදුවීම සිදු වූ ඊයේ (13) දින සවස් කාලයේ මෙම මාර්ගවල ගමන් ගත් රථවාහනවල සවිකර ඇති කැමරා පද්ධතිවල (Dash Camera) මෙම සැකකරුවන් පැමිණ ඇති බවට සැකකරෙන අංක EP KI-7738 දරන කාර් රථය ගමන් කරන ආකාරය සටහන්ව තිබිය හැකි බව පොලීසිය පවසයි.

    ඒ අනුව ඊයේ දින සවස් කාලයේ ඉහත ප්‍රදේශවල ගමන් ගත් වාහන හිමිකරුවන් හා රියදුරන් ඉහත කාර් රථයේ දර්ශන තම වාහනයේ කැමරාවල පටිගත වී ඇත්ද යන්න පරීක්ෂා කර බලා එවැනි දර්ශන ඇත්නම් නම්, නොපමාව ඒ බව පහත දුරකථන ඔස්සේ පොලිසිය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැලක රථගාලක මෝටර් රථයක් තුළ සිටි යුවළකට කාර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර පලා යෑම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් මඟින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

    ලබාදෙන තොරතුරුවල පූර්ණ රහසිගතභාවය සුරකින බව ද ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් දන්වා ඇත.

    දුරකථන අංක –
    නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත දකුණ දිසාව – 071 8598008
    අධ්‍යක්ෂ/ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය – 071 8592279

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202605 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.