Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කස්සප හිමිගේ චෝදනාවට වටගලගෙන් පිළිතුරු
    Featured

    කස්සප හිමිගේ චෝදනාවට වටගලගෙන් පිළිතුරු

    By LFNFebruary 14, 2026No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ මාධ්‍ය වෙත සිදුකරමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අපේක්ෂා කරන යටි අරමුණු ඉටු කරගත නොහැකි බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ තමා කිසිවිටෙක හෝ නියෝජිතයෙකු හෝ පෞද්ගලිකව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට දුරකථන ඇමතුමක් ලබානොදුන් බවය.

    ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියේ නඩුවට අදාළව පසුගිය ජනවාරි 14 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් දින 28කට පසු අධිකරණය විසින් පසුගිය 11වැනිදා ඇප මත මුදා හැරුණි.

    උන්වහන්සේ පසුගියදා (12) දිනයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කරුණු රැසක් අනාවරණ කළ අතර ආණ්ඩු පාර්ශ්වයේ නියෝජිතයින් තමන්ට සහ සිද්ධියට සම්බන්ධ සෙසු ස්වාමීන් වහන්සේට අමතා බලපෑම් කළ බවටද එහිදී උන්වහන්සේ සඳහන් කර තිබුණි.

    කස්සප හිමියන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අදහස් පළකරමින් සඳහන් කළේ, “මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි කියන ගාථා පාටය අපිට උගන්වන්නෙත් ගෞරවණීය ස්වාමීන්වහන්සේලා තමයි. මේක අමූලික බොරුවක් බව කස්සප හාමුදුරුවෝ හොඳටම දන්නවා” යනුවෙනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.