Author: LFN

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පෙබරවාරි 11 වනදින දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ. පසුගිය අරගලය සමයේ 2022 මැයි මස 9 වන දින නිට්ටඹුව ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි තැබීම හේතුවෙන් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අමරකීර්ති අතුකෝරළ මහතා ජීවිතක්ෂයට පත්වුණි. එහිදී ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාද ජීවිතක්ෂයට පත්වූ අතර, එම ඝාතන සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්වුයේය. ඒ අනුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරුවන් 42කට නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණි. පසුව 2023 වසරේ ජූලි 28 වන දින සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 37දෙනා දැඩි ඇප කොන්දේසි හමුවේ ඇප මත මුදාහැරුණි.…

Read More

කොළඹ මහ නගර සභා අයවැය ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ප්‍රකාශය කළේ යැයි චෝදනා කරමින් කොළඹ නාගරික මන්ත්‍රීනී සොහාරා බුහාරී මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. අදාළ මන්ත්‍රීවරිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත. මෙම වාරණ නියෝගය දින 14ක් බල පැවැත්වෙන අතර මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රව්ෆ් හකිම් සහ මහ ලේකම් නිසාම් කාර්යාප්පර් යන අයට නොතිසි නිකුත් කිරීමටද…

Read More

අධ්‍යාපනයට මූලිකත්වය ලබා දෙමින්, දරුවන්ට සමානාත්මතාවයෙන් යුත් අධ්‍යාපනයක් ලබා දීමට උත්සාහ කරන රාජ්‍යයන් දෙකක් ලෙස චීනය සහ ශ්‍රී ලංකාව හඳුන්වා දිය හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. ඇය මෙම අදහස් පැවසූවේ ඊයේ (13) චීනය විසින් පාසල් නිල ඇඳුම් සදහා රෙදි නොමිලේ ලබාදීමේ වැඩසටහනට සහභාගී වෙමිනි. මෙරට තුළ ගුණාත්මක අධ්‍යාපනයක් පවත්වා ගැනීමට චීන රජයෙන් ලැබෙන සහයෝගය විශාල ශක්තියක් වන බවත්, ඒ තුලින් රටේ සියලුම දරුවන්ට සමානාත්මතාවයකින් යුතුව අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සැලසෙන බවත් ඇය මෙහිදී අවධාරණය කළාය. එසේම, නොකඩවා වසර කිහිපයක් පුරා පාසල් නිල ඇඳුම් සඳහා රෙදි ලබා දීමට චීනය ලබා දී ඇති පොරොන්දුව ඉටු කිරීම, ශ්‍රී ලංකාව හා චීනය…

Read More

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කර තිබේ. 1957 අංක 13 දරන බාලදක්ෂ පනතේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙනු ලැබීය. කනිෂ්ඨ බාලදක්ෂයෙකු ලෙස පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයීය පළමුවන හෝමාගම බාලදක්ෂ කණ්ඩායමට 1989 වර්ෂයේදී එක් වූ ඒ මහතා දිසා කොමසාරිස්වරයෙකු, බාලදක්ෂ දිසා පුහුණු කිරීමේ මණ්ඩලයේ සභාපතිවරයෙකු ලෙස මෙන්ම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාගේ නීති උපදේශක ලෙස කටයුතු කර තිබේ. ජාතික මට්ටමේ ප්‍රධාන බාලදක්ෂ වැඩසටහන් රැසක්…

Read More

ශ්‍රී ලංකා රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් හරහා විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් ඊයේ (13) මුදල් අමාත්‍යාංශයේදී අත්සන් කෙරිණි. මෙම ගිවිසුම මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉදිරියේදී අත්සන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකා රේගුව සම්බන්ධ මෙහෙයුම් කමිටුව විසින්, ආනයනකරුවන් භාණ්ඩ ප්‍රකාශ කිරීමේදී සිදුකරන අඩු තක්සේරු කිරීම් (Under Valuation) හේතුවෙන් රජයට බදු අහිමිවීම් සිදුවන බව හඳුනාගෙන ඇති අතර, ඇතැම් ව්‍යාපාරිකයින් තෙවැනි පාර්ශවයන් හරහා තාවකාලික පදනමින් භාණ්ඩ ආනයනය කර බදු පැහැර හැරීමත්, එමගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බදු මුදල්ද නොගෙවීමත් සිදුකරන බව අනාවරණය වී ඇති බව සඳහන්ය. මෙම ගැටලු අවම කිරීම…

Read More

පුත්තලම අට්ටවිල්ලුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂය තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ (13) රාත්‍රියේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. අනතුරින් තුවාල ලැබූ පැදිකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී එක් පැදිකරුවෙකු මියගොස් ඇති අතර අනික් පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමේ දී මියගොස් තිබේ. තුවාල ලැබු පසුපැදිකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්. අනතුරට හේතුව මෙතෙක් අනාවරණ නොමැති බව පොලීසිය පැවසුවේය.

Read More

යාපනය, තාවඩි ප්‍රදේශයේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයට ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබේ. ඊයේ මධ්‍යම රාත්‍රී 12.50ට පමණ මෙම ගිනිතැබීම සිදුකර ඇත්තේ, යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක අරුන් සිද්ධාර්ත් මහතාගේ නිවස සහ පක්ෂ කාර්යාලය පිහිටා ඇති ගොඩනැඟිල්ලටය. පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ ගොඩනැඟිල්ලේ දොරටුව අසලට පෙට්‍රල් වත්කර ගිනි තබන අයුරු CCTV කැමරාවේ ද සටහන්ව ඇති අතර, මුලික තොරතුරුවලින් ද ඒ බව අනාවරණය වී තිබේ. ගිනිගැනීමෙන් ගොඩනැඟිල්ලේ කොටසකට හානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන යාපනය පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Read More

හෙට (15) දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය. බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්…

Read More

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් ආරම්භ කර තිබූ අඛණ්ඩ සත්‍යග්‍රහය මේ වනවිට අවසන් කර තිබේ. රජය විසින් 6 ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දමා ඇති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මෙලෙස සත්‍යග්‍රහය අවසන් කර ඇත. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් බලකරමින් මෙම සත්‍යග්‍රහය ඊයේ ආරම්භ කර තිබුණි.

Read More

දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. කෙසේ නමුත් 1 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසර තුළ එලෙසම ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ප්‍රශ්නගත 6 වන ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකළ විමර්ශන වාර්තාව තුළින් ලද ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් අදාළ සිදුවීම වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී කියා සිටියේය. ඒ අනුව, 1. මානව සම්පත් සංවර්ධනය 2.…

Read More