Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුෂ් කිලෝ 16ක් සමඟ තිදෙනෙකු ගුවන්තොටේ දී මාට්ටු
    Featured

    කුෂ් කිලෝ 16ක් සමඟ තිදෙනෙකු ගුවන්තොටේ දී මාට්ටු

    By LFNFebruary 16, 2026No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුපියල් කෝටි 16කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 16ක් මෙරටට රැගෙන ආ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මොවුන් තිදෙනා කොළඹ හා වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඉන් පිරිමි පුද්ගලයින් දෙදෙනා 33හැවිරිදි වියේ හා 28 හැවිරිදි වියේ පසුවේ. කාන්තාව 35 හැවිරිදි වියේ පසුවන බව වාර්තා වේ.

    මොවුන් අතරින් එක් අයෙකු සම්භාහන ආයතනයක් පවත්වාගෙන යන අයෙකු බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

    මොවුන් මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන, ඩුබායි වෙත පැමිණ, එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් ඊයේ (15) රාත්‍රී 07ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

    මොවුන් තිදෙනා විසින් රැගෙන ආ ගමන් මලු අතර වූ එක් ගමන් මල්ලක් තුළ, පැකැට් 60ක් ලෙස අසුරා සකස් කළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 16යි ග්‍රෑම් 400ක් සඟවා තිබිය දී සොයා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් තිදෙනාව අද (16) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.