Author: LFN

තෛපොංගල් උත්සවය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෛපොංගල් දින සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ. සිය පණිවිඩය මගින් ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් ආරම්භ කිරීමටද ආරාධනා කෙරෙන අවස්ථාවක් බවය. මෑතකාලීනව මුහුණ දුන් විශාලතම ස්වභාවික ව්‍යසනයෙන් අනතුරුව, ජාතියක් ලෙස යළි ගොඩනැඟීමේ අපේක්ෂා දල්වාගෙන, මහත් පරිශ්‍රමයකින් සහ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට අප සියලුදෙනා එක්ව උර දී සිටින බවද ජනාධිපතිවරයා පවසයි. එම වැඩපිළිවෙළ සමග තව තවත් ශක්තිමත්ව ඇත්වැල් බැඳ ගැනීමට පෙරට එන ලෙස සශ්‍රීකත්වයේ අපේක්ෂා පෙරදැරි කරගත් මෙම තෛපොංගල් දිනයේදී…

Read More

“රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන ජනවාරි 16 වනදා පස්වරුවේ යාපනය, තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අවශ්‍යතාව පිළිබඳව එම පළාතේ ජනතාව දැනුවත් කෙරෙනු ඇත. “රටම එකට” ජාතික මෙහෙයුමේ සමාරම්භක වැඩසටහන 2025 ඔක්තෝබර් 30 දා කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු අතර එහි දකුණු පළාත් වැඩසටහන 2025 නොවැම්බර් 20 දා තංගල්ලේදී පවත්වන ලදී. විෂ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන කාර්යයන් කිහිපයක් කෙරෙහි මූලික අවධානය යොමු කර ඇත. පසුගිය ඔක්තෝබර් මස 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ මෙම මෙහෙයමු යටතේ විෂ මත්ද්‍රව්‍ය වර්ග…

Read More

රජයේ නිලධාරීන්ට ලබා දෙන උත්සව අතිකාරම් මුදල ඉහළ දැමීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කර තිබේ. ඊයේ (13) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එම අතිකාරම් මුදල රුපියල් 15,000/- දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවය. රජයේ නිලධාරීන්ට උත්සව අත්තිකාරම් ගෙවීම සම්බන්ධයෙන් වන ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව නිලධාරියෙකුට තෛපොංගල්, රාමසාන්, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, වෙසක්, දීපාවලි සහ නත්තල් වැනි උත්සව අවස්ථා සඳහා සහ වන්දනා ගමන් සඳහා (ශ්‍රී පාද වන්දනාව සහ හජ් වන්දනාව වැනි) අත්තිකාරම් වශයෙන් රුපියල් 10,000/-ක් ලබා ගැනීමට මේ වනවිට හැකියාව පවතී. එම අත්තිකාරම් මුදල පොලී රහිතව…

Read More

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ නිවේදනය අද (14) රාත්‍රී 11 දක්වා වලංගු වේ. ඒ අනුව බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවද කාලගුණ නිවේදනයේ තවදුරටත් දැක්වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති වේ. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, සැලකිලිමත් වෙන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

Read More

මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම – පාලටුව අන්තර් හුවමාරුවේදී අධිවේගී මාර්ග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 06ක පමණ ප්‍රමාණයක් තිබූ බව සඳහන් ය.

Read More

ගෙවී ගිය වසරේ චීනයේ භාණ්ඩ වෙළඳාම සඳහා වූ අපනයන හා ආනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 45.47ක් බව වාර්තා වේ. මෙය 2024 වසරේ පැවති අගයට වඩා 3.8%ක වර්ධනයක් පෙන්නුම් කිරීමක් බව චීන රේගු පරිපාලනය අද (14) එහි නවතම දත්ත නිකුත් කරමින් නිවේදනය කළේය. එමෙන්ම 2017 වසරේ සිට වසර 9ක් දක්වා අඛණ්ඩව එම වටිනාකමෙහි වැඩිවීමක් පෙන්නුම් කර තිබීම ද සුවිශේෂී කැපී පෙනෙන්නක් බවත් සඳහන් වේ. 2025 වසරේ චීනයේ අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 26.99ක් වූ අතර, 2024 වසරේ පැවති අගය හා සැසඳීමේ දී එය 6.1%ක වර්ධනයක් පෙන්නුම් කිරීමකි. ආනයන වටිනාකම ද යුවාන් ට්‍රිලියන 18.48ක් වූ අතර, එය ද නව වාර්තාවක් බව චීන රේගු…

Read More

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් පසුව එම වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ. රුපියල් මිලියන 75 කට අධික වත්කම් අයතා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද (14) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී සිටියේ නැත. ඒ අනුව විත්තිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා වරෙන්තු නිකුත් කර තිබුණි. ඉන් පසුව විමල් විරවංශ මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ අතර ඉන් අනතුරුව වරෙන්තු ආපසු කැඳවීමට නියම…

Read More

රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ ජනප්‍රිය පාසලක පළමු ශ්‍රේණියට සිසුවියක් ඇතුළත් කර දීමට අවශ්‍ය කටයුතු සලසාදීම සඳහා එම දෙමාපියන්ගෙන් සැකකරු විසින් රුපියල් ලක්ෂ තුනක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇත. මේ සම්බන්ධයෙන් වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරනලද පැමිණිල්ලකට අනුව අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විසින් ලක්ෂයක මුදලක් පැමිණිලිකරුගෙන් ලබාගෙන ඇති අතර ඉතිරි මුදල ලබාගැනීමට යාමේදී මෙලෙස අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට…

Read More

බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ විද්‍යුත් ලිපිනයට අද (14) උදෑසන කාර්යාල පරීශ්‍රයේ බෝම්බයක් ඇති බවත් එහි කාර්ය මණ්ඩලය ඉවත් කරන ලෙස දැනුම්දෙමින් විද්‍යුත් තැපෑලක් ලැබී තිබේ. මේ පිළිබඳව බදුල්ල දිස්ත්‍රික් සහකාර කම්කරු කොමසාරිස් සුජාතා කුමාරි මහත්මියගෙන් කළ වීමසිමේදී ඇය පවසා සිටියේ, අද උදෑසන පෙරවරු 9.24ට පමණ බෝම්බයක් කාර්යාල සංකිර්ණය තුළ ඇති බැවින් එහි කාර්ය මණ්ඩලය ඉවත් කිරීමට කටයුතු කරන ලෙස දන්වා කාර්යාලයේ විද්‍යුත් තැපෑලට පණිවුඩයක් ලැබී තිබුණු බවය. ඒ අනුව මේ පිළිබඳව බදුල්ල මූලස්ථාන පොලිස් ස්ථානය හා කම්කරු දෙපාර්තමේන්තුවේ කොළඹ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කළ බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Read More

ආණ්ඩුව විසින් යෝජනා කර ඇති විදුලි ප්‍රතිපත්තියෙන් පාරිභෝගිකයන්ට මෙන්ම පූනර්ජනනීය බලශක්ති අංශයට ද දඬුවම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. සිය X ගිණුමෙහි සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කළේ, එමඟින් අඩු ආදායම්ලාභීන් වින්දිතයන් බවට පත් කරන බවය. වීදි ලාම්පු සඳහා පාරිභෝගිකයන්ගෙන් ගාස්තු අය කිරීමේ යෝජනා සහ එක් ඒකකයක් සඳහා රුපියල් 67ක ගාස්තුවක් අය කරන කාල භාවිත ක්‍රමවේදයක් පැනවීමේ උත්සාහයන් අසාධාරණ බව ද ඔහු පෙන්වා දෙයි. ජනතාව වීදි ලාම්පු සඳහා ගාස්තු ගෙවීම ප්‍රතික්ෂේප කළහොත් එමඟින් නීතිය හා සාමය පවත්වා ගැනීමට අහිතකර බලපෑමක් ඇති කරනු ඇති බවද අදාළ සටහනේ සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර තිබේ. දිවා කාලයේදී පාරිභෝගිකයා විසින් භාවිතා කරනු ලබන…

Read More