Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
කිරි තේ කෝප්පයක මිල අද (16) දිනයේ සිට රුපියල් දහයකින් අඩුකීරීමට තීරණය කල බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති හර්ෂ රුක්ෂාන් මහතා පැවසුවේ ආනයනික කිරිපිටි මිල අද දිනයේ සිට අඩු කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් මෙලෙස කිරී තේ කෝප්පයක මිල අඩු කිරීමට තීරණය කළ බවය. ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අද සිට රුපියල් 125 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබුණි. ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50 කින් අඩු කිරීමටද ඔවුන් එකඟවී ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.
කාන්තාවන් දෙදෙනෙකු නිවසක් තුළ තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වූ සිද්ධියක් අහංගම, තිත්තගල්ල ප්‍රදේශයෙන් වාර්තා විය. ඒ පිළිබඳ පොලිසියට ලද තොරතුරක් මත කඩිනමින් අදාළ ස්ථානයට ගිය අහංගම පොලිසියේ නිලධාරීන් නිවස තුළ බරපතළ තුවාල ලබා සිටි කාන්තාවක් දෙදෙනා රෝහල්ගත කර තිබුණි. පොලිසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ සැකකරු තියුණු ආයුධයක්ද සමඟින් අත්අඩංගුවට ගත් බවය. කෙසේවෙතත් තුවාලකාරියන් දෙදෙනා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් කාන්තාවක් මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 80 හැවිරිදි කාන්තාවකි. සැකකරු 52 හැවිරිදි තිත්තගල්ල, අහංගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. අපරාධයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැඩිදුර විමර්ශන අහංගම පොලිසිය විසින් සිදුකරයි.
අද (16) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද අලුයම 5:30ට නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ ඒ බව සඳහන් ය. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද සඳහන් කරයි.
කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප.ව. 4.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද (15) සවස 2ට නිකුත් කළ නිවේදනයට අනුව සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. කළුතර සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක්…
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළඳුන් තිදෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ලක්ෂ තුනක දඩ මුදලක් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පැවරූ නඩු සඳහා ඔවුන් වරද පිළිගැනීමෙන් අනතුරුවය. ජා-ඇල සහ කඳාන ප්‍රදේශයේ වෙළඳුන් විසින් සහල් රුපියල් 308, 275 සහ රුපියල් 280කට අලෙවි කිරීමට කටයුතු කර තිබූ බව එම අධිකාරිය සඳහන් කරයි.
2026 වසර සඳහා හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව 93 වැනි ස්ථානයට පත්ව තිබේ. සිංගප්පූරුව අඛණ්ඩව තුන්වැනි වසරටත් පළමු ස්ථානයේ සිටින අතර, සිංගප්පූරු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට පූර්ව වීසා බලපත්‍රයක් ලබා නොගෙන රටවල් 192කට ප්‍රවේශය භුක්ති විඳිය හැකිය. ජපානය සහ දකුණු කොරියාව දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර, ඩෙන්මාර්කය සහ ලක්සම්බර්ග් පිළිවෙලින් රටවල් 188ක් සහ 186ක් සඳහා ප්‍රවේශය ලබා ගනිමින් තුන්වැනි ස්ථානයේ සිටී. මේ අතර, ඇෆ්ගනිස්ථානය 101 වැනි ස්ථානයේ අවසන් ස්ථානයට පත්ව ඇත්තේ රටවල් 24කට පමණක් ප්‍රවේශය ඇති බැවිනි. හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව, පසුගිය වසරේ ශ්‍රී ලංකාව රටවල් 44කට ප්‍රවේශය ලබා ගනිමින් 96 වැනි ස්ථානයට පත්ව…
යාපනය – මන්නාරම මාර්ගයේ තෙන්මරාච්චි, නාවට්කුලි ප්‍රදේශයේදී ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුර අද (15) අලුයම 5.05ට පමණ සිදුව ඇත. නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක්, වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත. අනතුරින් මියගොස් ඇත්තේ කිළිනොච්චිය, වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි. මියගිය අයගෙන් එක් අයෙකුගේ දේහය චාවකච්චේරි මූලික රෝහලේත්, අනෙක් තැනැත්තාගේ දේහය යාපනය ශික්ෂණ රෝහලේත් තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
දිට්වා සුළි කුණාටුවෙන් පසු යටිතල පහසුකම් නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා යම් යම් බාධා එල්ල වී ඇති බව සමීක්ෂණ වාර්තාවක් එළිදක්වමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි. ඒ සුළි කුණාටුවේ වඩාත්ම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක විසිදෙකෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 85ක් ආවරණය කරමින් සිදුකළ සමීක්ෂණයකින් අනතුරුවය. ඒ අනුව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 95%ක්ම තම ප්‍රදේශවල නේවාසික, කාර්මික හෝ ප්‍රජා යටිතල පහසුකම්වලට හානි සිදුව ඇති බව සඳහන් කර ඇති අතර, ඒ අතරට නිවාස සහ මාර්ග වැඩි සංඛ්‍යාවක් ඇතුළත් බවත් පවසා තිබේ. සුළි කුණාටුවෙන් හානියට පත් යටිතල පහසුකම් නැවත ගොඩනැංවීමේදී සහ අනුමැතීන් ලබාගැනීමේදී ඊට අදාළ ආයතන අතර පවතින දුර්වල සම්බන්ධීකරණය නිසා ප්‍රමාදයන් සිදුවන බව එහි සඳහන්ය. ඉදිකිරීම් කටයුතු…
පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව නාවලපිටිය පොලීසිය පැවසීය. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නාවලපිටිය පොලිස් වසමට අයත් ගොන්දෙන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකි. බිරිඳගෙන් සහ දරුවන්ගෙන් වෙන්වී තනිවම ජීවත් වී ඇති ඝාතනයට ලක් වූ පුද්ගලයා ඊයේ (14) රාත්‍රියේ නිවසේ සිටියදී ඒ අසළම පදිංචි පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවයේ නියතුව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සමඟ බහින්බස්වීමක් සිදුව තිබේ. එය දුරදිග යෑමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල්වරයා විසින් මියගිය පුද්ගලයාගේ හිසට පහර දී ඝාතනය කර ඇත. ඝාතනය සිදුකළ පුද්ගලයාගේ සහෝදරිය මියගිය පුද්ගලයාගේ බිරිඳ වන අතර, ඇයට වෙනත් අයෙකු විවාහ කරගැනීමට සැකකරු උදව් කිරීම හේතුවෙන් මෙම බහින්බස්වීම ඇතිව තිබේ.…
මාර්ග රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක් නිරීක්ෂණය කර එය නතර කිරීමට විදුලි පන්දම් එළිය දැල්වීමේදී යතුරුපැදියේ පැමිණි තරුණයින් දෙදෙනා අසල තිබූ අතුරු මාර්ගයකට යතුරුපැදිය හරවා වේගයෙන් ධාවනය කිරීමට කටයුතු කර තිබේ. කලවංචිකුඩි පොලීසියේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ, එහිදී යතුරුපැදිය මාර්ගයේ යම් දුරක් ධාවනයවීමේදී ලිස්සා වැටී ඇති බවය. මඩකලපුව දිස්ත්‍රික්කයේ කලවංචිකුඩි පොලිස් වසමට අයත් කුරුක්කල්මඩම් ප්‍රදේශයේදී මෙම සිද්ධිය ඇතිවී තිබේ. පසුව පොලිස් නිලධාරීන් පැමිණ අදාළ තරුණයින් දෙදෙනා රෝහල්ගත කර යතුරුපැදිය පොලිස් ස්ථානයට රැගෙන ගොස් තිබේ. කිසිඳු අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බවද පොලීසිය සඳහන් කළේය. කෙසේවෙතත් අදාළ තරුණයින් චෝදනා කරන්නේ පොලිසිය පහරදීම හේතුවෙන් යතුරුපැදිය ලිස්සා වැටුණු බවටය.