Author: LFN

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කළ උපවාසයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (01) දෙවැනි දිනටත් එක්විය. වසර 07ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති මෙම උපවාසයට අදට දින 07ක් සපිරේ. එම ස්ථානයට පැමිණි විපක්ෂ නායකවරයා එම පිරිසගේ සුවදුක් විමසූ අතර පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස අදහස් දැක්වීය. “මම අද දවසෙත් මෙතනට පැමිණියේ මගෙත්, සමගි ජන බලවේගයෙත්, සමගි ජන සන්ධානයෙත් ඒ වගේම පක්ෂ භේදයෙන් තොරව සියලු දෙනාගේත් උපරිම සහයෝගය මේ ගුරු සංවර්ධන නිලධාරීන්ට ලබා දෙන්න.අවුරුදු 5-10ක් දරුවන්ට උගන්වපු…

Read More

නුවරඑළියේ ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබූ අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් අද (01) දින සොයා ගත් බව නුවරඑලිය පොලිසියේ නිළධාරියෙකු පවසයි. ග්‍රෙගරි වැවේ බෝට්ටු කාර්ය මණ්ඩලය සහ ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් පොලිසියට ලබා දුන් තොරතුරු අනුව මෙම සිරුර සොයාගෙන ඇත. නුවරඑළිය පොලිසිය සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා එක්ව එම සිරුර ගොඩ ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. ජලාශයේ තිබි සොයාගත් අලුත උපන් බිලිදියගේ පෙකණි වැලේ කොටසක් තවමත් පවතින බව පොලිසිය පැවසීය. ගොඩගත් මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට භාර දීමට පියවර ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය…

Read More

රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය යළිත් දීර්ඝ කර තිබේ. ජනවාරි මස 28 වනදින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝග පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ. පැවති ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් මස 28 වන දින මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑමේ අරමුණින් මහජන හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරනු ලැබීය. මේ අතර 2025 අංක 01 දරණ හදිසි අවස්ථා විධි විධාන හා බලතල නියෝග සංශෝධනය කිරීමට ද…

Read More

වහාම ක්‍රියාත්මක වනපරිදි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 8 දෙනෙකු ස්ථාන මාරුකිරීම් සිදුකර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව අදාළ ස්ථානමාරු කිරීම් සිදුකර ඇති බව සඳහන් වෙයි. නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකු සහ පොලිස් අධිකාරීවරයෙකු මෙලෙස ස්ථානමාරු කිරීම් සිදුකර ඇත. නියෝජ්‍ය පොලිස්පතිවරුන්.. නියෝජ්‍ය පොලිස්පති ඊ.එම්.ජී.ජේ. සේරම් මහතා ගාල්ල දිසාව සිට බඳවාගැනීම් සහ පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ. නියෝජ්‍ය පොලිස්පති එච්.සී.ඒ. පුෂ්පකුමාර මහතා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මාරුකර යවා තිබේ. ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන්.. ගම්පොළ කොට්ඨාසය භාරව කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ටී.එච්.ඊ.එල්. පෙරේරා මහතා කොළඹ උතුර කොට්ඨාසයටත්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ.එන්. ගුණවර්ධන මහතා මොනරාගල…

Read More

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස සකස් කර විදෙස් රැකියා ලබාදෙන බවට පොරොන්දුවී වංචනික ලෙස මුදල් ලබාගත් සැකකරුවෙකු රාජගිරිය ප්‍රදේශයේ ලැගුම්හලකදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, සැකකරු පිළිබඳව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය යටතේ ස්ථාපිත විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද පැමිණිලි මත සිදුකළ විමර්ශනවලට අනුවය. මුදල් වංචාවට සම්බන්ධ සැකකරු ව්‍යාජ ලිපි ශීර්ෂ පිටපත්, ජීව දත්ත පත්‍රිකා, විදෙස් ගමන් බලපත්‍ර ඡායා පිටපත් හා විදේශ රැකියා ඉල්ලුම්පත්‍ර කිහිපයක් ද සමග මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. රාජගිරිය, මොරගස්මුල්ල ප්‍රදේශයේ ලැගුම්හලකදී අත්අඩංගුවට ගත් වයස අවුරුදු 38ක් වූ සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්…

Read More

සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි. අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව මෙය සිදුකරයි. ළමා ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය, සයිබර් ආරක්ෂාව, නීති, පර්යේෂණ ආදී සියලු ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ, සිවිල් සමාජයේ සහ යෞවනයන්ගේ හඬට ඇහුම්කන් දෙමින් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම අපේක්ෂාව බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Read More

ආපදා බලපෑම හේතුවෙන් ඇණහිට ඇති ව්‍යාපාර සඳහා සහන සැලසීම පිළිබඳ නව චක්‍රලේඛයක් ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ. ඉන් 2026.01.22 දින නිකුත් කළ අයවැය චක්‍රලේඛ අංක 08/2025(iii) මඟින් යෝජිත ආපදාවට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහනෙහි දක්වා ඇති ව්‍යාපාර හානි සඳහා දීමනා ලබාදීමේ වැඩසටහන වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීමට අදාළ උපදෙස් සහ පැහැදිලි කිරීම් ලබාදී ඇත. 2025 නොවැම්බර් මස 21 සිට 2025 දෙසැම්බර් 31 වන දින දක්වා පැවැති විස්තීර්ණ ආපදා තත්ත්වය තුළ සිදුවූ ව්‍යාපාර හානි මේ සඳහා අදාළ වේ.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග තුනකික් සමන්විත විස්සයි20 තරගාවලිය තරග 1ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. පැවති වර්ෂාවත් සමඟ ඊයේ තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකිවිය. ඒ හේතුවෙන් තරගය පන්දුවාර 17කට සීමා විය. ඒ අනුව, තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 16.2 තුළ සියලුදෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 133කි. එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 37ක්, පැතුම් නිස්සංක ලකුණු 23ක් රැස්කරගත්හ. පන්දුයැවීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ආදීල් රෂීඩ් සහ සෑම් කරන…

Read More

අද (31) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම අනාවැකියේ සඳහන් වෙයි. ඒ අනුව මුලතිවු, ත්‍රිකුණාමලය පොළොන්නාරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. ඌව සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවෙයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි…

Read More

78 වැනි ජාතික නිදහස් දින සැමරුමට අදාළ පෙරහුරු සහ උත්සව කටයුතු හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් අද (30) සිට ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි. ඒ අනුව අද (30), හෙට (31) සහ පෙබරවාරි 2 වන දින පෙරහුරු පුහුණුවීම් පැවැත්වෙන අතර එම දිනවල උදෑසන 7.45 සිට දහවල් 1.30 දක්වා නිදහස් චතුරස්‍රය අවට මාර්ගයන්හි රථවාහන ගමනාගමනය සීමාකිරීම් පනවනු ඇත. එමෙන්ම පෙබරවාරි 1 වන දින පෙ.ව. 5.00 සිට දහවල් 1.30 දක්වාත්, පෙබරවාරි 4 වන දින පෙ.ව. 5.00 සිට නිදහස් දින උත්සවය අවසන් වන තෙක් අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලීසිය සඳහන් කරයි. මෙම කාලය තුළ කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම, විකල්ප…

Read More