Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
පුත්තලම සිට පාලවිය දක්වා දුම්රිය ධාවනය හෙට (19) සිට යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු සුදානම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රටපුරා දුම්රිය මාර්ග රැසක් විනාශවී තිබූ අතර එම තත්ත්වය හමුවේ මීගමුවේ සිට පුත්තලම දක්වා දුම්රිය මාර්ගයට දරුණු හානි සිදුව තිබිණි. හලාවත සිට පුත්තලම දක්වා දුම්රිය මාර්ගයේ බත්තුළුඔය පාලම ආසන්නයේ අඩි 200කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම හානිවී තිබුණේ, ගලා ආ දැවැන්ත ජල කඳට හසුවෙමිනි. මහවැව ප්‍රදේශයේ දරුණු හානියකට ලක්වු ස්ථානය යළි සැකසීමෙන් අනතුරුව හලාවත දක්වා දුම්රිය ධාවනයට පසුගිය දින කටයුතු කර තිබිණි. මෙම දුම්රිය මාර්ගයේ හානි වු සෙසු ස්ථාන ක්‍රමයෙන් සැකසීමට දුම්රිය දෙපාර්තුමේන්තුවේ මාර්ග නඩත්තු සේවා ඒකකයේ…
දේශපාලන හෝ පෞද්ගලික සාධක මුල් කරගත් තීරණ ගැනීමෙන් වැළකී, සමස්ත දරුවන්ගේ සතුට වෙනුවෙන් තීරණ ගැනීමට පුරුදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි. ඇය මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (17) පුත්තලම සහිරා මුස්ලිම් විද්‍යාලයේ නිරීක්ෂණයට එක්වෙමිනි. එහිදී පුත්තලම සහිරා මුස්ලිම් විද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කරන ලද පාසලේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම අග්‍රාමාත්‍යතුමිය අතින් සිදු විය. පාසලේ උසස් පෙළ විද්‍යා විෂය ධාරාව ආරම්භ කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා ඉදිරිපත් කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, විද්‍යා විෂය පමණක් නොව අනෙකුත් සෑම විෂයක් සම්බන්ධයෙන්ම දරුවන්ට දැනුම ලබා දිය යුතු බවය. ඒ සඳහා දිස්ත්‍රික්කයේ ඇති සියලුම පාසල් ඒකාබද්ධව…
‘තමා නිර්දෝෂී බව ඔප්පු කර පෙන්වන්නැයි’ පවසමින් බිරිඳගේ සිරුරට භූමිතෙල් වත්කර, ඇයට ශරීරයට ගිනි තබා ගැනීමට පෙළඹූ ස්වාමිපුරුෂයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මඩකලපුව, මුණෛක්කාඩු ප්‍රදේශයේදී ඊයේ (17) පෙරවරුවේ මෙම සිද්ධිය සිදුව ඇති බව කොක්කටිචෝලෙයි පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුණෛක්කාඩු නාගතම්බිරාන් කෝවිල පාරේ පදිංචි 36 හැවිරිදි අනුෂ්වරන් නැමති කුලී සේවකයෙකි. ඔහු එම ප්‍රදේශයේම පදිංචි 31 හැවිරිදි කාන්තාවක් සමඟ විවාහ වී සිටී. ඊයේ උදෑසන 8.30ට පමණ මොවුන් මුදල් සම්බන්ධයෙන් ආරවුලක් ඇති කරගෙන බහින්බස් වී ඇති බව වාර්තා වේ. පසුව සැමියා විසින් බිරිඳගේ හැසිරීම පිළිබඳව සැක සිතී “ඔබ නිර්දෝෂී බව ඔප්පු කර පෙන්වන්න” යැයි පවසා ඇයට බලකර තිබේ. අනතුරුව ඇගේ…
පොලීසිය විසින් දිවයින පුරා සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් ඊයේ (17) දිනයේදී පුද්ගලයින් රැසක් පරීක්ෂාවට ලක් කර තිබේ. ඒ අනුව ඊයේ දිනයේදී පුද්ගලයින් 29,314ක් පොලීසිය විසින් පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී සැකපිට පුද්ගලයින් 602ක් අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් සංඛ්‍යාව 24ක් බවත් පොලීසිය සඳහන් කර ඇත. එමෙන්ම මෙහිදී වරෙන්තුකරුවන් 265 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර විවෘත වරෙන්තුකරුවන් 172ක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. තවද බීමත් රියදුරන් 479ක්ද මෙහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අපරික්ෂාකාරී රිය පැදවීම් යටතේ පුද්ගලයින් 68 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම වෙනත් රථවාහන වැරදි සම්බන්ධව පුද්ගලයින් 4,683කට නීතිමය…
කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වූ බස් රථයක් හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේදී පෙරළී ගොස් තිබේ. අනතුරින් බස් රථයේ රියදුරුවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ. එම ප්‍රදේශයේදී බස් රථයේ රියදුරු අසුන පිහිටි දොර විවෘතව ඇති බවත් ඒ අවස්ථාවේදී රියදුරු එම දොර වැසීමට තැත් කර තිබේ. එහිදී බස් රථය පාලනය කරගත නොහැකිව අසල තිබූ පස් කණ්ඩියක ගැටී බස් රථය මාර්ගයේ පෙරළී ගොස් ඇති බවත් සඳහන් වේ. අනතුරින් තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එම පිරිස අතර බස් රථයේ කොන්දොස්තරවරයා, කුඩා ළමයෙකු සහ කාන්තාවක්ද සිටින බව පොලීසිය සඳහන් කළේය. එමෙන්ම අනතුරින් පසු මාර්ගයේ එක් මන්තීරුවක් අවහිර වී ඇති අතර එම…
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ හා කඩවත පිටවීමේ පිවිසුමෙන් පිටවන සියලූම රථවාහන අද (18) උදෑසන පරීක්ෂාවකට ලක් කෙරුණි. ඒ මත්ද්‍රව්‍ය හා අපරාධ වැළැක්වීමේ අරමුණිනි. මෙහිදී කඩවත පිටවීමේ පිවිසුමේදී නීති විරෝධී මත්පැන් බෝතල් හතලිස් පහක් සමග සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම රථ වාහන බලපත්‍ර නොමැතිව රිය ධාවනය කළ පුද්ගලයන්ට මෙහිදි නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.
ඉරානයේ පැවැත්වෙන විරෝධතාවලින් පුද්ගලයින් 3000කට අධික පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඒ අතර විරෝධතාකරුවන් 2,885 දෙනෙකු සිටින බවට අමෙරිකාව කේන්ද්‍ර කරගත් අයිතීන් සුරැකීමේ සංවිධානයක් සඳහන් කර ඇත. මේ අතර දින අටක කාලයක් පුරා ක්‍රියාත්මක වූ අන්තර්ජාත අවහිරතාව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි. එමෙන්ම විරෝධතා මේ වනවිට අඩුවෙමින් පවතින බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
රුපියල් හැට අට ලක්ෂ අසූ පන් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකීක ගුවන් මගීයෙක් ඊයේ (17) කටුනායක ගුවන් තොටුපොළදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පානදුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිදිරි අයෙකි. සැකකරු ඊයේ (17) පස්වරු 05.00ට පමණ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. – 654 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇත. එහිදී ඔහු විසින් ගමන් මලු 03ක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 44,400ක් අඩංගු දුම්වැටි කාටූන් 222ක් සහ විද්‍යුත් දුම්වැටි 15ක් ද සගවා ගෙන සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොහු සිය භාරයේ තබාගෙන මේ පිළිබඳ වැඩිදුර…
කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය විදෙස්ගතව සැඟවී සිටින අපරාධකරුවකු වන පලනි රිමෝෂන් නැමැත්තා මෙහෙයවා ඇතැයි සැකකරන බව පොලිසිය පවසයි. මෙම වෙඩි තැබීමේ සිද්ධියේදී එක් වෙඩික්කරුවෙකු පැමිණ ඇත්තේ බුර්කාවක් හැඳි කාන්තාවක් සේ වෙස්වලාගෙන වන අතර ඔවුන් පැමිණෙන අයුරු CCTV කැමරාවලද සටහන් වී තිබුණි. අනෙක් සැකකරු පිස්තෝලයක් අතෙහි තබාගෙන ගමන්කරන අයුරුද එහි සටහන්ව තිබුණි. අනතුරුව ඔවුන් ඉලක්ක කළ පුද්ගලයාට වෙඩි තබා ආපසු දිවගොස් ත්‍රිරෝද රථයක නැග පලා ගිය අතර වෙඩි ප්‍රහාරයෙන් ජේසු නසර් හෙවත් කොනිස්ටන් නමැති 44 හැවිරිදි අයෙකු ජීවිතක්ෂයට පත්විය. එහිදී ඔහු අසල සිටි තුන් හැවිරිදි ඔහුගේ පුත්‍රයා හා දෙහැවිරිදි ඥාති දියණියක් ද…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ නන්න්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුර වූ ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) අලුයම අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට ඒ මහතා 63 වියේ පසුවිය. ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන සාමාජිකයෙකු වූ ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණයටද ඉදිරිපත් වී තිබුණි. එමෙන්ම එම පක්ෂය නියෝජනය කරමින් පසු කලෙක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා වැඩබලන තැපැල් හා විදුලි සංදේශ සහ සංචාරක අමාත්‍ය ධුරයන්ද හෙබවීය. ඉන්පසුව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ ඒ මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ අතර එම පක්ෂය නියෝජනය කරමින් පානදුර නගර සභාවේ නගරාධිපති…