Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පසුගිය වසරේත් උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවයි
    Featured

    පසුගිය වසරේත් උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවයි

    By LFNFebruary 20, 2026No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය 2025 වසරේදී ද උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවූ බව ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ එම වසරේදී ද ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන ආදායමේ සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළ බවත් මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාවේ ඉහළ යෑම සහ සංචාරක අංශයේ වර්ධනය මේ සඳහා හේතුවී ඇති බවට පුරෝකතනය කරන බවය.

    2025 වසරේදී ඇතිවූ දිට්වා සුළි කුණාටුවේ බලපෑම හමුවේ වුවද එම වර්ෂයේදී ජාතික උද්භිද උද්‍යානයන් හී උද්භිද විද්‍යාත්මක ආකර්ෂණයන්ගෙන් ලැබෙන ආදායම රුපියල් බිලියන ඉක්මවූ බවත් පෙන්වා දෙන එම දෙපාර්තමේන්තුව එය රුපියල් බිලියන 1.394ක් ලෙස වාර්තා වූ බවද සඳහන් කළේය.

    මෙම ආදායම 2024 වසර හා සැසඳීමේදී 07%ක ඉහළ යාමක් බවත් පෙන්වා දෙන එම දෙපාර්තමේන්තුව පැවසුවේ 2025 වසරේදී සංචාරක ඉපැයීම් සහ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා උද්‍යානවල දායකත්වය මනා ලෙස පෙන්නුම් කර ඇති බවය.

    ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය, හක්ගල උද්භිද උද්‍යානය, ගම්පහ උද්භිද උද්‍යානය, සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය සහ මිරිජ්ජවිල වියලි කලාපීය උද්භිද උද්‍යානයද ගනේවත්ත වන ඖෂධ උද්‍යානයද පාලනය වේ.

    එහිදී පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය සඳහා පසුගිය වසරේ මිලියනයකට වඩා නරඹන්නන් සංඛ්‍යාවක් ආකර්ෂණය ගැනීමට සමත් වූ බව පෙන්වා දෙන ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ සමස්ත මිලියන 2කට වැඩි සංචාරකයින් ප්‍රමාණයක් සියලුම උද්භිද උද්‍යාන නැරඹීම සඳහා පැමිණ ඇති බවත්ය.

    එමෙන්ම මෙම ආදායම් අතරට සියලුම උද්භිද උද්‍යාන නැරඹීම සඳහා ඇතුල්වීමේ ගාස්තු, ශාක අලෙවිය සහ ස්ථානීය පහසුකම් වැනි සේවාවන් තුළින් ලැබෙන ආදායම් සහ අනෙකුත් අනුබද්ධ ආදායම්වල සැලකිය යුතු වර්ධනය බලපෑ බවත් ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.