Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු දකුණු කොළඹ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (17) දහවල් කාලයේදී මරදාන පට්ටියාවත්ත ප්‍රදේශයේදී එම කාර්යාංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණි. එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 500ක් හා විදෙස් රටක නිෂ්පාදිත මෙම රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 30ක් වූ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු විසින් සජීව පතරොම් තොගයක් තවත් පුද්ගලයෙකුට ලබා දී ඇති බවට අනාවරණය වීමෙන් පසු 9mm වර්ගයේ ජීව පතරොම් 75ක් හා T56 ජීව පතරොම් 45ක් සමග තවත් සැකකරුවෙකුද එම කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අවුරුදු 32ක් වන කොළඹ…
ත්‍රීරෝද රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (17) මෙම අනතුර සිදුව ඇති අතර ඉමදූව පොලිස් වසමේ 10 කණුව ප්‍රදේශයේදී මුලනකන්ද දෙස සිට සමගි මාවත දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව බෑවුමකට පෙරළී ගොස් මෙම අනතුර සිදුව තිබුණි. අනතුරින් රියදුරු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මෙම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 36ක් වූ ඉමදූව ප්‍රදේශයේ පදිංචිකාරියකි. සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ඉමදූව පොලීසිය විසින් සිදුකරනු ලබයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
රථ වාහන නීති උල්ලංඝනය කරන රියදුරන් සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය එළැඹෙන ජුලි මාසයේ අග භාගයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි. කෑගල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති වැඩමුළුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය. ගව්පේ (GovPay) ඔස්සේ දඩ මුදල් ගෙවීමේ ක්‍රමවේදය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමත් සමඟ මෙම අකුසලතා ලකුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඔහු පැහැදිලි කළේය. එමෙන්ම, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රථ වාහන ධාවනයේ යෙදුණු රියදුරන් සම්බන්ධයෙන් මේ 2026 වසරේ වනවිට නඩු 300කට ආසන්න සංඛ්‍යාවක් ගොනු කර ඇති බවද…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පරිවර්තනීය වෙනස සිදු කිරීමෙන් අඩියක්වත් පිටුපසට ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. පුත්තලම කලාපයේ අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් සමඟ අද (17) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඇය ප්‍රකාශ කළේ, දියත් කළ සැලසුම් ඒ ලෙසටම ක්‍රියාත්මක කරන බවය. ”මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් දීර්ඝකාලීන ක්‍රියාවලියක් තුළ සාක්ෂාත් කර ගැනීමට සැලසුම් කර ඇති ඒවා, ඒ සඳහා වන යටිතල පහසුකම් සංවර්ධනය, ගුරු-විදුහල්පති බඳවා ගැනීම්, ඩිජිටල් තාක්ෂණික උපකරණ බෙදාදීම් අඛණ්ඩව සිදුකරමින් පවතිනවා. මෙවැනි බරපතළ ක්‍රියාවලියකදී සුළුතර කණ්ඩායම් ඔවුන්ගේ පටු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඉදිරිපත් කරන විරෝධතා නොතකා, රජය හා නිලධාරීන් අතර ඇති අන්‍යෝන්‍ය විශ්වාසය ඉදිරියටත් පවත්වාගත යුතුයි. මෙය දරුවන්ගේ අනාගතය හැඩගස්වන,…
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි තරුණයෙකු යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය නගරයේ පිහිටි තරු පන්තියේ හෝටලයක් ඉදිරිපිටදී, විශේෂ කාර්ය බළකා නිලධාරීන් පළඳින කලිසමට සමාන ඇඳුමක් හැඳ සිටියදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. යාපනය විශේෂ කාර්ය බළකායට ලද තොරතුරකට අනුව ඊයේ (16) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීමෙන් අනතුරුව යාපනය මූලස්ථාන පොලිසිය වෙත භාර දී ඇත. ඒ අනුව වැඩිදුර විමර්ශනවලින් පසු සැකකරු යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය (2025) සඳහා ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය අනුව, අදාළ ප්‍රායෝගික පරීක්ෂණය එළැඹෙන 2026 ජනවාරි 24 දින සිට පෙබරවාරි 02 දින දක්වා දිවයින පුරා පිහිටුවනු ලබන පරීක්ෂණ මධ්‍යස්ථාන 42කදී පැවැත්වීමට කටයුතු සලසා ඇත. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ අයදුම්පත්‍රවල සඳහන් ලිපිනයටත් තැපැල් මාර්ගයෙන් යොමු කර ඇති බවයි. එසේම, ප්‍රවේශපත්‍ර තැපැල් මගින් නොලැබුණු අපේක්ෂකයින් සඳහා 2026 ජනවාරි 19 දින සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශපත්‍ර බාගත කර…
ඩුබාහි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ජාවාරම්කරුවකු වන ‘ඩුබායි ඉෂාර’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය අලෙවිකරන සැකකරුවන් තිදෙනෙකු ගම්පොළ පොලිසිය මගින් අද (17) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5ක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ. අදාළ සැකකරුවන් යතුරුපැදියක් උපයෝගී කර ගනිමින් ගම්පොළ, නාවලපිටිය, උලපනේ, දොළුව, ගෙලිඔය, පේරාදෙණිය වැලිගල්ල ආදි ප්‍රදේශවලට මෙම හෙරොයින් බෙදා හරිමින් සිට ඇත. එහිදී ගම්පොළ දොළුව ප්‍රදේශයේදී දෙදෙනෙකුද, ගම්පොළ මහර ප්‍රදේශයේදී එක් අයෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පොළ අංගම්මන, තුන්දෙනිය ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන්ට කොළඹදී මෙම මත්ද්‍රව්‍ය ලබාදෙන බවට හෙළි වී ඇත. මොවුන් සියලු දෙනා වයස අවුරුදු 20 හා 22 අතර පසුවන්නන් බව සඳහන්.
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ බීඩි තොගයක් සමග සැකකරුවෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී පොලිස් භාරයට ගත් එම දුම්වැටි සහ බීඩි තොගයේ වටිනාකම රුපියල් විසි ලක්ෂ තිස් අට දහසකට අධික බව ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි. අදාළ සැකකරු අද (17) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා මතුගම, වලල්ලාවිට ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මෝටර් කාර්මිකයෙකු බව පොලීසිය සඳහන් කරයි. ඔහු අද අලුයම 12.40ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. සැකකරු විසින් රැගෙන ආ ගමන් මලු හතරක් තුළ සෙල්ලම් බඩු, සාරි, කමිස ඇතුළු භාණ්ඩ අතර සඟවා ගෙන…
2026 වසර ආරම්භ වූ පළමු 15 දින තුළ සංචාරකයින් 131,898 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එම කාලසීමාව තුළ එක් දින වැඩිම සංචාරක පැමිණීම 15 ජනවාරි දින වාර්තා වී ඇති අතර, එදින මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 10,483ක් බවද අධිකාරිය පවසයි. මේ දින 15 තුළ වැඩිම සංචාරක පැමිණීම් ඇති රට ඉන්දියාව වන අතර එම සංඛ්‍යාව 23,786ක් වාර්තා වේ. ඊට අමතරව, රුසියාවෙන් 14,785 දෙනකු, එක්සත් රාජධානියෙන් 12,166 දෙනකු සහ ජර්මනියෙන් 9,260 දෙනකු මෙරටට පැමිණි බවද සඳහන් වේ.