9th Pakistan Army Team Spirit Competition – 2026, තරඟාවලියේදී මෙරටට ගෞරවයක් ගෙන දුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා රන් පදක්කම්ලාභී කණ්ඩායම, 2026 පෙබරවාරි මස 19 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා හමුවිය. එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් මෙම තරඟ ඉතිහාසයේ දෙවන වරටත් රන් පදක්කම් ලබා ගනිමින් ලද කැපී පෙනෙන ජයග්‍රහණය වෙනුවෙන් එම කණ්ඩායමට සිය සුබ පැතුම් එක් කළ අතර, හමුව අවසානයේදී එතුමන් විසින් ජයග්‍රාහකයින් සඳහා සහතිකපත් සහ සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.
