Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ඉදිරි පැය 36 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ සඳහන් වේ. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
හය ශ්‍රේණියට අදාළ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා 2026 වසරේ 6 වසර දරුවන්ගේ දෙමව්පිය එකුමුතුව විසින් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ. ඊට දෙමාපියන්ට අමතරව කුඩා දරුවන් ද එක්ව සිටි බව වාර්තාවේ. එහිදී විරෝධතාකරුවන් අවධාරණය කළේ, ප්‍රශ්නගත ඉංග්‍රීසි මොඩියුලය හැර සෙසු විෂයන්ට අදාළ මොඩියුල දරුවන්ට ඉගැන්වීමට කටයුතු කළ යුතු බවය.
විදේශික සංචාරකයින් පිරිසක් රැගත් වෑන් රථයක් වැලිමඩ ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය ග්‍රෙගරි වැව අසල අනතුරකට ලක්ව තිබේ. එම වෑන් රථය වැලිමඩ සිට කටුනායක දක්වා ධාවනය වෙමින් තිබු වැන් රථයක ඊයේ (15) පස්වරු තුනට පමණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි. ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති අතර වෑන් රථ දෙකට දැඩි අලාභ හානි සිදුවී ඇත. වැලිමඩ සිට කටුනායක දක්වා ධාවනය කළ වෑන් රථය අධික වේගය පාලනය කර ගත නොහැකිව ධාවනය වූ මංතීරුවෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ වෑන් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව සඳහන්වේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරට විමර්ශන නුවරඑලිය පොලිසියේ රථවාහන අංශය විසින් සිදුකරනු ලබයි.
ඩුබායි රාජ්‍යයේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගල ඝාතන සිද්ධීන් කිහිපයකට සම්බන්ධව සිටි ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් සාමාජිකයින් දෙදෙනා අද (16) අලුයම මෙරටට රැගෙන විත් තිබේ. ඔවුන් සමග අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවද අද දිවයිනට රැගෙන විත් තිබේ. අදාළ කාන්තාව ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක වන බවත් ඇය රජයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් පොලීසිය විසින් සොයමින් සිටි කාන්තාවක බවද පොලීසිය පැවසීය. සිද්ධිය සම්බන්ධව මේ වන වටි වැඩිදුර විමර්ශන සිදු කෙරෙති.
මෙම වසරේ සංචාරක ඉලක්ක සම්පූර්ණ කරගැනීම සදහා සංචාරක සංවර්ධන අධිකාරිය විශේෂ වැඩපිලිවෙලක් ආරම්භ කර තිබේ. එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා පැවසුවේ සංචාරකයින් නොපැමිණෙන කාලවලදී මෙරටට සංචාරකයින් ගෙන්වා ගැනීම සදහා යුරෝපීය රටවල් ඉලක්ක කර ප්‍රවර්ධන වැඩසටහන් සිදුකරන බවය. ඒ අනුව ස්පාඤ්ඤය සහ ඒ ආශ්‍රිත කලාපවල ගිම්හාන සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණෙන බැවින් එම වෙළෙඳපොළවල් ඉලක්ක කර ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය. මෙම සංචාරකයින් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ පළමුව ඉන්දියාවේ සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවත් ඒ අනුව දිල්ලිය, මුම්බායි සහ චෙන්නායි යන නගරවල මෙය ක්‍රියාත්මක කළ බවත් ඒ මහතා සඳහන් කළේය. මේ තුළින් ඉන්දියාවේ සිට…
මෙරට දිනකදි මධ්‍යසාර භාවිතයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය යන බව ඇඩික් ආයතනය පවසයි. එම ආයතනයේ විධායක අධ්‍යක්ෂක සම්පත් ද සේරම් මහතා පැවසුවේ එම ප්‍රමාණය නීති විරෝධී සහ නීත්‍යානුකූල මධ්‍යසාර දෙකෙහිම එකතුවක් වන බවය. මෙරට සමස්ත ජනගහනයෙන් 20%කට අඩු ප්‍රමාණයක් තවමත් මධ්‍යසාර භාවිත කරන බවත් ඉන් අවුරුදු 15ට වැඩි පිරිමි ජනගහනයෙන් 34.8%ක් සහ කාන්තාවන් 0.5%ක් නියෝජනය වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම නීතිවිරෝධී මධ්‍යසාර භාවිතයද ඉහළ ගොස් ඇති බවත් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව එය 10%ක අගයක් ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සම්පත් ද සේරම් මහතා, “අපේ රටේ මධ්‍යසාර භාවිත කරන ප්‍රමාණය ගත්තොත් තාමත්…
ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 65 වැනි වියේ පසුවිය. මා ආදරෙයි මුළු ලොවටත් වඩා, කඳුලැලි දෑසේ, හද ගී පොතේ, රෝස මල් කුමාරී, රන් මලක්, රන් සීනු නාද, ඇතුළු ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත මෙරට ඉමහත් ප්‍රසිද්ධියට පත්විය.
පුද්ගල ඝාතන සිද්ධින් කිහිපයක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටින ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු හා වංචා කිරීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ කාන්තාවක් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එම පිරිස අතර හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට කඳානේදී වෙඩිතැබීමේ සිද්ධිය මෙහෙයවූ රංජිත් කුමාර හෙවත් කොණ්ඩ රංජි නම් අපරාධකරුගේ ප්‍රධානතම ගෝලයා වන චූටි මල්ලී නැමැත්තාද සිටින බවත් වාර්තා වේ. එමෙන්ම ඇල්පිටියේ සිදු වූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ ඌරගත ඉන්දික නම් අපරාධකරුගේ සමීපතමයෙක්වන රවීන් චමින්ද වීරසිංහ හෙවත් පුංචා නම් අපරාධකරු ද ඒ අතර වන බවද පොලිසිය පැවසුවේය. එමෙන්ම මෙහිදී වංචා රැසකට සම්බන්ධව සිටින කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මෙරට තුළ සිදුකළ වංචා සිද්ධීන් රැසකට…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් එළැඹෙන 22 වැනිදා සිට 28 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් පවසයි. පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය තක්සේරු කිරීමට සහ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහන සඳහා ප්‍රතිපත්තිමය කරුණු සාකච්ඡා කිරීමට මෙම දූත පිරිස මෙරට සංචාරය කරනු ඇති බව ඇය පැවසීය.
කොහුවල බෝධියත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී ඉකුත් 30 වනදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ වෙඩිතැබීමකින් 16 හැවිරිදි තරුණියකට තුවාල සිදුකිරීමේ අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය හා මොරටුව පොලිස් විශේෂ කාර්ය බළකාය විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ අනුව මොරටුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (15) දෙමටගොඩ හා වැල්ලම්පිටිය පොලිස් වසම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොහුවල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. සැකකරුවන් අවුරුදු 27, 32 හා 35 යන වයස්වල පසුවන කොළඹ 09 හා කොළඹ 12 ප්‍රදේශවල පදිංචිකරුවන් ය. මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී එම අපරාධය සිදුකිරීම සඳහා පැමිණි…