Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ සිරමැදිරියක රඳවා සිටියදී රැඳිවියෙකු හදිසියේම රෝගාතුරවී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ඊයේ (14) පොළොන්නරුව රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට රැගෙනා ආ රැඳවියෙකු බව පොලීසිය පවසයි. ඔහු පොළොන්නරුව B.O.P 305 ගිනිපෙට්ටි පාලම අසල පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙකි. මින්නේරිය පොලිස් වසමේ සිදු කරන ලද බුදුපිළිම සොරකම්කිරීමක් පිළිබඳව වරෙන්තු ලබා පසුව අධිකරණයට ඉදිරිපත් වී ඇප ලැබුණ ද ඇපදීමට කෙනෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුව පොළොන්නරු රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිට ඇත. මරණය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
වැලිගම, කම්මල්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුට විදුලි සැර වැදිමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ. අනෙක් පුද්ගලයා තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. මෙලෙස විදුලි සැර වැදී ඇත්තේ කොලේදන්ඩ, වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි පිය පුතු දෙපළකට බව සඳහන් වේ. මියගොස් ඇත්තේ අවුරුදු 66ක් වූ පියා වන අතර විදුලි සැර වැදීමෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 22ක් වූ පුත්‍රයාය. මරණකරු ඔහුගේ පුතා සමග ඊයේ (14) රාත්‍රියේ ගවයින් ගැටගැසීම සඳහා ගොස් සිටියදී අසල ඉඩමක අනවසරෙන් අදින ලද විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. විදුලි රැහැන අදින ලද සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැලිගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන…
මැදපෙරදිග කලාපයේ වර්ධනය වන නොසන්සුන්තාවය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් මාලාවක් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් නිකුත් කර තිබේ. මාධ්‍ය සහ ඇතැම් කණ්ඩායම් විසින් පතුරුවන වැරදි තොරතුරු හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින පිරිස් ආරක්ෂාව පිළිබඳව අනිසි බියක් ඇතිකරගත් යුතු නැති බවද ඊශ්‍රායල හමුදාව පවතින ඕනෑම තත්ත්වයක් පාලනය කිරීමට කටයුතු කරනු ඇති බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කරයි. එබැවින් යම් හෙයකින් හදිසි මිසයිල ප්‍රහාරයක් හෝ ත්‍රස්තවාදී ක්‍රියාවන් ඇතිවුවහොත් පහත දැක්වෙන ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ද ඔවුන්ට දැනුම්දී ඇත. 2025 ජුනි මස එල්ල කරන ලද ඉරාන මිසයිල ප්‍රහාරවලින් කිසිදු ශ්‍රී ලාංකිකයෙක් ජීවිතක්ෂයට පත් නොවුණේ, ඊශ්‍රයිල් ආරක්ෂක අංශ හා තත්පති…
නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන්නේ නම් අඛණ්ඩව දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමය පැවසුවේ පසුගිය නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද 2026 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය තුළ මෙරට සෞඛ්‍ය සේවයේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලුු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබා දීම සඳහා අවශ්‍ය කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ප්‍රතිපත්ති හෝ ක්‍රියාමාර්ග කිසිවක් අන්තර්ගත නොවීම තුළ සෞඛ්‍ය පද්ධතිය සහ සෞඛ්‍ය සේවකයින් තුළ බරපතළ නොසන්සුන්තාවයක් හටගත් බවය. ඒ අනුව සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…
විදෙස් මුහුදු සීමා නීතිවිරෝධී ලෙස උල්ලංඝනය කරන හෝ යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය හිතාමතා ක්‍රියා විරහිත කරන බවට වරදකරු වන ඕනෑම යාත්‍රාවක නියමුවාට සහ සමස්ත කාර්ය මණ්ඩලයට එළැඹෙන පෙබරවාරි 01 වැනි දින සිට පවතින නීති රෙගුලාසී යටතේ ලබා දිය හැකි මාස 6ක දැඩි ධීවර තහනම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, සුසන්ත කහවත්ත මහතා පවසයි. ඒ මහතා පැවසුවේ මෙම තීරණාත්මක පියවර ගනු ලැබුවේ නීතිවිරෝධී, වාර්තා ගත නොවූ සහ අක්‍රමවත් ධීවර කටයුතු මැඩලීම සඳහා ඉලක්ක කර කළ බවය. මේ තුළින් මෙරට සමුද්‍ර සම්පත්වලට, ජාතික ආරක්ෂාවට සහ ඩොලර් මිලියන ගණනක මුහුදු ආහාර අපනයන වෙළෙඳපොළට එල්ලවී ඇති තර්ජන අවම…
සිය ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය ඊයේ ( 14) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. තානාපතිවරිය පිළිගත් අග්‍රාමාත්‍යවරිය, තම ධූර කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ජූලි චන්ග් මහත්මිය විසින් ලබා දුන් සේවය සහ දායකත්වයට සිය කෘතඥතාව පළ කළාය. දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වූ හදිසි තත්ත්වයෙන් රට යථා තත්ත්වයට පත් කරගැනීමට ඇමරිකා එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැසසුමට ලක් කළාය. සිය ධූර කාලයේ දී ශ්‍රී ලංකා රජය විසින් තමාට ලබා දුන් අන්‍යෝන්‍ය සහයෝගය පැසසුමට…
හෘද සැත්කම් සඳහා පැමිණෙන රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් නිරීක්ෂණය වන බව මෙරට හෘද, උරස් ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය නාලක දිසානායක මහතා ඊයේ (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, ඒ අතරින් සැලකියු යුතු පිරිසක් තරුණ ප්‍රජාව වන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය නාලක දිසානායක මහතා, ”ලෝකේ වැඩිහිටියන්ගේ මරණවලින් බහුතරයක් සිදුවන්නේ හෘදය වස්තුව ආශ්‍රිතව සිදුවන්නාවූ හෘදයාබාධවලින්. හෘදයාබාධ ඇතිවන්නේ කිරීටක ධමනිවල අවහිරතාවලින්. කිරීටක ධමනිවල සංකීර්ණ අවහිරතාවලට තියෙන මූලික විසඳුම හෘද ශල්‍යකර්මයක්. මේකේ නම බයිපාස් සැත්කම. දැන් බයිපාස් සැත්කම් සඳහා පැමිණෙන රෝගීන්ගේ ගොඩාක් වැඩි වෙලා තියෙනවා. තරුණ කට්ටියට වැළඳෙන ප්‍රමාණය ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉස්සර අපි දැක්කොත්…
අද (15) දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප.ව. 4.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ. ලොව පුරා වෙසෙනෙ හින්දු බැතිමතුන් මෙන්ම මෙරට හින්දු භක්තිකයින් ද තෛපොංගල් උත්සවය මහත් හරසරින් සමරනු ලබයි. සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදිත්වය දැක්වීම තෛපොංගල් උත්සවයේ දී සිදුකෙරේ. හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජාකිරීම මෙහිදී සිදුවන අතර කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදෙන සතුන්ට ගෞරව කිරීම ද මෙම උත්සවයේ දී සිදුකෙරෙන බව සඳහන්ය. කිරි උතුරුවා යාමට සලස්වමින් සියලුදෙනාට සෞභාග්‍යය උදාවේවායි ප්‍රාර්ථනා කිරීම තෛපොංගල් උත්සවයේ ප්‍රධාන චාරිත්‍රයක් වන අතර මෙම දිනය හින්දු භක්තිකයින්ගේ නව වසරක උදාව ලෙස සැලකේ.
රටවල් 75ක පුද්ගලයින් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල්දැමීමට අමෙරිකාව තීරණය කර තිබේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කර ඇත්තේ, අමෙරිකාවේ නව සංක්‍රමණික නීතිවලට අනුව මෙම තීරණය ගෙන ඇති බවය. බ්‍රසිලය, ඉරානය, රුසියාව, සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය, ඊජිප්තුව, තායිලන්තය, යේමනය ඇතුළු රටවල් 75ක පුරවැසියන් සඳහා මෙම තහනම පැනවීමට තීරණය කර ඇති අතර සම්පූර්ණ රටවල් පිළිබඳ තොරතුරු මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි. ජනවාරි මස 21 වන දින සිට මෙම නව නීතිය ක්‍රියාත්මක වනු ඇති බව වාර්තා වේ.