Author: LFN

දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානිවලට ලක්වූ නිවාස වෙනුවෙන් රජයෙන් ලබාදෙන රුපියල් ලක්ෂ පහක දීමනාව ගෙවීමේ කටයුතුවලින් අද (19) සිට ඉවත්වීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබේ. එම සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා සදහන් කළේ අදාළ ගෙවීම් සිදු කිරීමට අදාල චක්‍රලේකයෙහි පවතින අඩුපාඩු හේතුවෙන් මෙම තීරණය ගත් බවය. අදාළ ගෙවීම් සිදුකිරීමේ ක්‍රියාවලිය විධිමත් ආකාරයෙන් සිදු කිරීමට ආණ්ඩුව කටයුතු කළ බව ද නන්දන රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානිවලට ලක්වූ නිවාස වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 දීමනාවක් ලබා දීමට රජය තීරණය කළේය. නමුත් ඊට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛයේ බරපතළ අඩුපාඩු ඇතැයි චෝදනා කරමින් ප්‍රාදේශීය ලේකම් සහ…

Read More

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ඊයේ (18) දිනයේදී සැකකරුවන් 925 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඉන් 23 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර දෙදෙනෙකු පුනරුත්තාපනය සඳහා යොමු කර ඇත. එමෙන්ම හෙරෝයින් ග්‍රෑම් 321ක්, අයිස් ග්‍රෑම් 606ක් සහ ගංජා ග්‍රෑම් 636 හා ගංජා පැල 28,845ක් සිය භාරයට ගත් බව පොලීසිය නිවේදනය කරයි. කුෂ් ග්‍රෑම් 510ක්, හෂීෂ් ග්‍රෑම් 159ක් සහ මත්පෙති ග්‍රෑම් 240ක් ද මෙම වැටලීම්වලදී සොයාගෙන තිබේ.

Read More

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තාවක් අපයෝජනයකට ලක් කරන වීඩියෝපටයක් සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (18) හික්කඩුව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක සැඟවී සිටියදී එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 43 ක් වන ෆෙයාෆීල්ඩ් වත්ත, බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ. සැකකරුට ආධාර අනුබල ලබාදුන් හා පොලීසියට සාක්ෂි වසන් කරන ලද අවුරුදු 44 ක් හා 55 ක් වන ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු ද මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. පිරිමියෙකු විසින් කාන්තාවක් නිරුවත් කරන ආකාරයේ වීඩියෝපටයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබේ. එම…

Read More

“Rebuilding Sri Lanka” ජාතික වැඩසටහනට අදාළ නිල වෙබ් අඩවිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වා තිබේ‍. රට මුහුණ දුන් ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීම සඳහා ජනතාව, පෞද්ගලික අංශය සහ අන්තර්ජාතික ප්‍රජාව එකම වේදිකාවකට ගෙන එමින් සංවිධානාත්මක හා විශ්වාසදායක ක්‍රියාවලියක් ගොඩනැඟීම මෙහි ප්‍රධානතම අරමුණ වේ. www.rebuildingsrilanka.gov.lk නිල වෙබ් අඩවිය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී පසුගිය 13දා පැවති ‘Rebuilding Sri Lanka’ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙලේදී දියත් කරන ලදී. මෙම වෙබ් අඩවිය මගින් දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට මූල්‍යමය මෙන්ම ද්‍රව්‍ය, ඉඩම් සහ අනෙකුත් සම්පත් පරිත්‍යාග කිරීම සඳහා පහසුකම් සලසාදී ඇත. එම පරිත්‍යාගශීලීන්ට තම දායකත්වය පිළිබඳ තොරතුරු විනිවිද පෙනෙන ආකාරයෙන්…

Read More

තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා දෙමාපියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අඛණ්ඩ නිහඩ විරෝධතාවක් ආරම්භ කර තිබේ. 06 ශ්‍රේණිය දෙමාපිය එකමුතුව ලෙස සංවිධානය වු මව්පියන් පිරිසක් මෙම විරෝධතාව ආරම්භ කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය. එම නිහඩ විරෝධතාව අද (19) පෙරවරුවේ සිට ආරම්භ විය. මේ අතර තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය කර තිබේ. පොලොන්නරුව සහ ගාල්ල ඇතුළු ප්‍රදේශ රැසක එම විරෝධතා පැවැත්වෙන බව අද දෙරණ වාර්තාකරුවන් පැවසුවේය. කෙසේවෙතත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පවතින ගැටලුව සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැතිව එම දෙමාපියන් විරෝධතාවයේ නිරතව සිටින බව…

Read More

ඉන්දියාවේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 21 වැනිදා පැවැත්වෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මෙම සර්වඥ ධාතු වන්දනා කටයුතු රාජ්‍ය අනුග්‍රය සහිතව සංවිධානය කිරීමට අදාළ මූලික කරුණු සොයා බැලීමට සහ එම පරිශ්‍රය නිරීක්ෂණයට අමාත්‍යවරයා ඊයේ (18) කොළඹ ගංගාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය. එහිදී අදහස් දක්මින් අමාත්‍යවරයා පැවසුවේ මෙම ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය එළැඹෙන 04 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට මේ වන විට සැලසුම් කර ඇති බවත් ඊට අදාළ මූලික වැඩකටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත්ය. “ඉන්දියාවෙන් වැඩම කරන සර්වඥ…

Read More

ජාතික සහ පළාත් පාසල්වල විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් පාසැල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේදී සාකච්ඡාවට ලක්ව තිබේ. ඒ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පත් කරන ඇති මෙම අනුකාරක සභාව පසුගියදා එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මෙනවියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය. එහිදී විදුහල්පති පළමුවන ශ්‍රේණියේ විදුහල්පති තනතුරේ සිටින සියලු නිලධාරීන් විදුහල්පති තනතුරම පමණක් දැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. එමෙන්ම සියලු සේවාවන්හි අවුරුදු හයක සේවා කාලයෙන් අනතුරුව ස්ථාන මාරුවීම්වලට යටත් කිරීම ඇතුළු යෝජනා ගණනාවක් සම්බන්ධයෙන් එහිදී අදහස් හුවමාරු වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එහිදී…

Read More

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වායු ගෝලයේ ගුණාත්මකභාවයේ පහළයාමක් නිරීක්ෂණය වූ බව මධ්‍යම පරිසර අධිකාරි‍යේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව ඊයේ (18) දිනයේ සිට දිවයිනේ උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණ යන පළාත්වල මෙන්ම රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ද මෙම අගය 150ත් 200ත් අතර අගයක පවතින බව ඒ මහතා මෙහිදී සඳහන් කර සිටියේය. එමෙන්ම එය තරමක අහිතකර තත්ත්වයක් වන බවත් මෙම තත්ත්වය ඉදිරි දින 02 තුළ පහව යනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. අන්තර් දේශසීමා අතර සිදුවන වාතයේ සංසරණය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වන බව ද ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස්…

Read More

කෙසෙල්වත්ත ප්‍රදේශයේ ජල ටැංකියක තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සොයාගෙන තිබේ. එම ප්‍රදේශයේ මහල් නිවාසයක අතහැර දමා තිබූ ජල ටැංකියක් තුළ තිබී එම පිස්තෝල අවිය සොයාගත් බව පොලීසිය පැවසීය. එමෙන්ම එහි තිබී පතොරොම් 29ක් ද සොයාගෙන ඇත. අදාළ පිස්තෝල අවිය මෙම ස්ථානයට ගෙනවිත් දැමූ සැකකරුවන් සොයා කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

බෙම්මුල්ල ඇල්ලේඔය, මීගහමුල්ල නාන තොටුපලේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ. මෙලෙස අතුරුදන් ව ඇත්තේ වයස අවුරුදු 54ක් වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා ඊයේ (18) සිය බිරිඳ සමඟ ඥාති නිවසකට ගොස් ඇති අතර එහිදී ඇල්ලේඔය, මීගහමුල්ල නාන තොටුපලේ දිය නාමින් සිටියදී මෙසේ දියේ ගිලී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. අතුරුදන් වූ පුද්ගලයා සොයා, බෙම්මුල්ල පොලිසිය විසින් නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ගෙන්වා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Read More