Author: LFN

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කළැයි සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි පියෙකු සහ පුතුන් දෙදෙනෙකු ඇතුළත් එකම පවුලේ විත්තිකරුවන් තිදෙනා අතරින්, පියා පමණක් මනුෂ්‍ය ඝාතන චෝදනාවට වරදකරු බවට තීන්දු කර ඔහුට මරණ දඬුවම නියම කර තිබේ. මෙලෙස මරණ දඬුවම නියම කළේ උතුරු මැද පළාත් බද්ධ මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය විසිනි. අදාළ නඩුවේ දෙවන සහ තුන්වන විත්තිකරුවන් ලෙස නම් කර තිබූ පළමු විත්තිකරුගේ පුතුන් දෙදෙනාට එරෙහිව ගොනු කර තිබූ මනුෂ්‍ය ඝාතන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත් වී ඇති බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරිය, ඔවුන් දෙදෙනා නිදොස් කොට නිදහස් කර මුදා හැරීමට නියෝග කළාය.…

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයට සහ දිගුකාලීන සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා සහාය ලබාදීමට කැමති බව යුරෝපා සංගමය යළිත් තහවුරු කර තිබේ. මෙම සහතිකය ලබා දී ඇත්තේ ජාත්‍යන්තර හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස් Jozef Síkela මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර පැවති ද්විපාර්ශ්වික හමුවකදීය. ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීම අතරතුරදී මෙම හමුව පැවැත්වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි. එහිදී ආර්ථික ප්‍රතිසාධනය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඩිජිටල් පරිවර්තනය, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ තිරසාර සංවර්ධනය යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම සාකච්ඡා කර ඇත. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ…

Read More

ප්‍රධාන මාර්ගයන් හි අනාරක්ෂිතව යතුරුපැදි භාවිත කරමින් ධාවනය වන සියලු යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම්දී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසයි. ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ මේ වන විට අධි ධාරිතාවෙන් යුත් යතුරුපැදි භාවිත කරමින්ද මෙම කටයුත්තට සම්බන්ධ වන බවට තොරතුරු වාර්තා වී ඇති බවත් සියලුම පොලිස් ස්ථාන වෙත එම යතුරුපැදි අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දුන් බවත්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා, “යතුරුපැදි තියෙන්නේ…

Read More

ජෝර්දාන දේශසීමාව හරහා අනවසරයෙන් ඊශ්‍රායලයට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෙකු ඊශ්‍රායලයේ ටයිබීරියස් පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 43ක අයෙකි. ඔහුට එරෙහිව නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට ඇතුළු වීම සහ නීතිවිරෝධී ආකාරයෙන් විදේශීය පදිංචිකරුවෙකු ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ඊශ්‍රායල පොලීසිය සඳහන් කරයි. ඊශ්‍රායල පොලීසියේ ජාත්‍යන්තර අංශය වන ඉන්ටර්පෝල් ශාඛාව පවසන්නේ, අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයාට එරෙහිව නීතිය අනුව දැඩි පියවර ගනු ලබන බවය. 2023 සැප්තැම්බර් මස 7 වැනි දින ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයට පෙර, ඊජිප්තුව, ජෝර්දානය සහ ඊශ්‍රායලය අතර ක්‍රියාත්මක වූ මිනිස් ජාවාරම් ජාල මඟින් විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් අනවසරයෙන් ඊශ්‍රායලයට…

Read More

ජනවාරි 23 වන දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවය. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2026 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් ආරම්භ වෙයි. පළමු පාසල් වාරයේ පළමු අදියර ජනවාරි මස 5වනදා සිට 9වනදා දක්වා දක්වා ක්‍රියාත්මක වු අතර ‘දිට්වා’ සුළි කුණාටුවත් සමග උසස් පෙළ විභාගයේ කල්දැමුණු විෂයන්වලට අදාළ විභාග හේතුවෙන් ජනවාරි 10වනදා සිට ඊයේ දිනය දක්වා පාසල් සඳහා යළි නිවාඩු ලබාදීම සිදුවුණි. ඒ අනුව අදින් ආරම්භ වන 2026 පළමු පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි මස 13වනදා දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 2025 සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පෙබරවාරි මස 14 වනදා සිට මාර්තු මස 02 වනදා දක්වා පාසල් සඳහා යළි නිවාඩු ලබා දීම සිදුවෙයි. කෙසේවෙතත්…

Read More

නීතිපතිවරයා ඉලක්ක කරගනිමින් මෑතකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සටහන් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය කනස්සල්ල පළ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කර ඇත්තේ මෙම සමාජ මාධ්‍ය සටහන් මගින් පුද්ගලයින් නීතිපති ධුරයේ ස්වාධීනත්වයට අසාධාරණ ලෙස බාධා කිරීමට උත්සාහ දරන බවය. අපරාධමය නඩු කටයුතුවලට අදාළව නීතිපතිවරයා අර්ධ අධිකරණමය හෙවත් (quasi-judicial) කාර්යභාරයක් ඉටු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ. විමර්ශන නිලධාරීන් තමන් වෙත ඉදිරිපත් කරනු ලබන කරුණු පදනම් කරගෙන, සැකකරුවෙකුට එරෙහිව චෝදනා ගොනු කරන්නේද නැද්ද යන්න හෝ අධිචෝදනා ඉදිරිපත් කරන්නේද නැද්ද යන්න පිළිබඳව නීතිපතිවරයා තීරණය කළ යුතු බවද එම නිවේදනයේ…

Read More

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ නව සංශෝධනයන් ඇතුලත් දුම්රිය ස්ථානාධිපති සේවයේ බඳවා ගැනීමේ පටිපාටියේ පිටපත් 05, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්ගේ අත්සනට ඉදිරිපත් කිරීම ප්‍රමාද කිරීම හා එම බඳවා ගැනීමේ පටිපාටියට අදාළ අන්තකාලීන විධිවිධාන සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණය වීමට තීරණය කළ බවය. අදාළ ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු වගකිව යුතු බලධාරීන් වෙත පසුගිය 09 වනදා ලිඛිතව දැනුවත් කළ බවද එම නිවේදනයේ සඳහන් වේ. නමුත් මේ දක්වා ඊට අදාළ විසඳුම් ලබාදීමට අපොහොසත්…

Read More

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සහ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින භික්ෂුන්වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් 10දෙනා එළඹෙන 28 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් පිරිස අද (19) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කෙරුණි.

Read More

දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානිවලට ලක්වූ නිවාස වෙනුවෙන් රජයෙන් ලබාදෙන රුපියල් ලක්ෂ පහක දීමනාව ගෙවීමේ කටයුතුවලින් අද (19) සිට ඉවත්වීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබේ. එම සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා සදහන් කළේ අදාළ ගෙවීම් සිදු කිරීමට අදාල චක්‍රලේකයෙහි පවතින අඩුපාඩු හේතුවෙන් මෙම තීරණය ගත් බවය. අදාළ ගෙවීම් සිදුකිරීමේ ක්‍රියාවලිය විධිමත් ආකාරයෙන් සිදු කිරීමට ආණ්ඩුව කටයුතු කළ බව ද නන්දන රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානිවලට ලක්වූ නිවාස වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 දීමනාවක් ලබා දීමට රජය තීරණය කළේය. නමුත් ඊට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛයේ බරපතළ අඩුපාඩු ඇතැයි චෝදනා කරමින් ප්‍රාදේශීය ලේකම් සහ…

Read More