Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රතු නිවේදන නිකුත් කර තිබූ දිස්ත්‍රික්ක තුනක පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථාන වෙත
    Featured

    රතු නිවේදන නිකුත් කර තිබූ දිස්ත්‍රික්ක තුනක පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථාන වෙත

    By LFNFebruary 22, 2026No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින අධික වර්ෂාපතනයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ (21) පස්වරුවේ නිකුත් කරනු ලැබූ නායයෑම් රතු නිවේදන හමුවේ දිස්ත්‍රික්ක 3කට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3ක පවුල් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර බඹර බැද්ද ප්‍රදේශයේ පවුල් 40ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෝවිල් කන්ද ප්‍රදේශයේ පවුල් 02ක් සහ මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරලේ කළුගල්තැන්න ප්‍රදේශයේ පවුල් 05ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බවය.

    එමෙන්ම පවතින අධික වර්ෂාපතනය හමුවේ මහනුවර මාර්ග දෙකක්ද අවහිර වී ඇති බවත් පැවසූ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ ගුහාගොඩ හල්ඔළුව හරහා පේරාදෙණිය මාර්ගය ගල් පෙරලීම් හේතුවෙන් අවහිර වී ඇති බවත් ඒ අනුව එම මාර්ගය තාවකාලිව වසා දැමීමට පියවර ගත් බවය.

    එමෙන්ම ගල් පෙරලීම් හේතුවෙන් මුරුතලාව ගන්නෝරුව මාර්ගයත් වසා දැමීමට පියවර ගත් බවත් පැවසූ ඒ මහතා, මෙම මාර්ග භාවිත කරන රියදුරන් මේ සම්බන්ධව අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.