Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුරුඳු ඉඩමක වැඩකරමින් සිටියදී කොටුවූ අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු
    Featured

    කුරුඳු ඉඩමක වැඩකරමින් සිටියදී කොටුවූ අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු

    By LFNFebruary 22, 2026No Comments2 Mins Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලේදී පසුගිය 13 වැනි දින නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් මේ වන විට තොරතුරු රැසක් ලැබී ඇතැයි පොලීසිය පවසයි.

    පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 12කින් විමර්ශන ක්‍රියාත්මක කෙරුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙසට වෙඩික්කරුවෙක් ඇතුළු සැකකරුවන් 9දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

    ඒ අනුව ඝාතනයේ ගිනිඅවි ප්‍රවාහනය කරමින් නීතිඥවරයාගේ වාහනය ගැන ඔත්තුව දුන් අතුරුගිරියේ පදිංචි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් සහ එය සම්බන්ධීකරණය කළ ”පොල්ගස්ඕවිට ඩිලා” මූලික විමර්ශනවලදී අත්අඩංගුවට ගෙන තිබුණි.

    එමෙන්ම, පොලිස් විශේෂ කාර්ය බළකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය මගින් කහදූව ඇත්කඳුර ප්‍රදේශයේදී මෙම සිද්ධියට ආධාර අනුබලදුන් තවත් සැකකරුවන් 06 දෙනෙකුද ඊයේ (22) පස්වරුව වනවිට අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඒ අතරතුරදී මෙම ඝාතනයේ එක් වෙඩික්කරුවෙකු පන්නිපිටියේ හෝටලය වෙත රැගෙන ආ පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළින් තායිලන්තය බලා පලාගොස් ඇති බවටද අනාවරණය වී තිබේ.

    මෙවන් පසුබිමක මෙම සිද්ධියේ එක් වෙඩික්කරුවෙකු අම්බලන්ගොඩ දෙල්දූවේදී ඊයේ පස්වරු 6.20ට පමණ අත්අඩංගුවට ගනු ලැබීය.

    ඒ , හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

    නීතීඥවරයාට ටී-56 ගිනිඅවියෙන් වෙඩිතැබීම සිදුකර ඇත්තේ මෙම සැකකරු බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    46 හැවිරිදි සුනිල් රංජිත් නම් එම සැකකරු 2009 වසරේදී ලබාදුන් පොදු සමා කාලයේදී යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වූ අයෙක් බවද පොලීසිය සඳහන් කළේය.

    අම්බලන්ගොඩ, දෙල්දූව ප්‍රදේශයේ තම මිතුරෙකුගේ නිවසක නැවතී හිඳිමින් යාබද කුරුඳු ඉඩමක වැඩකටයුතු කරමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

    සැකකරුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී ඔහු අදාළ ඝාතනය සිදුකළේ යැයි පිළිගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    අදාළ ඝාතනයෙන් පසුව තමන් කොට්ටාවට ආසන්න ස්ථානයකදී මෝටර් රථයෙන් බැස බස් රථයක නැග අම්බලන්ගොඩට පැමිණි බවද සැකකරු විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබේ.

    දැඩි මත්ලෝලියෙකු වන සැකකරු කරන්දෙණියේ සුද්දා සමග සෘජු සබදතා පවත්වා ඇති අයෙකු බවද පොලිසිය සඳහන් කළේය.

    මෙම ඝාතනය ද කරන්දෙණියේ සුද්දා දුරකථනයෙන් තමන් අමතා ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිදුකළ එකක් බවද සැකකරු පවසා ඇතැයිද වාර්තා වේ.

    ඝාතනයෙන් අනතුරුව සුද්දා තමන්ට රුපියල් ලක්ෂයක මුදලක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ලබාදුන් බවද සැකකරු පොලිසියට පවසා තිබේ.

    එමෙන්ම ඔහුට මින් පෙරද අවශ්‍ය සෑම අවස්ථාවකදීම කරන්දෙණියේ සුද්දා මුදල් ලබා ඇති බවත් විමර්ශනවලදී හෙළිවී තිබේ.

    ඒ අනුව පොලිසිය සැකපළ කරන්නේ මොහු කරන්දෙණියේ සුද්දාගේ කුලී ඝාතකයෙකු ලෙස කටයුතු කර ඇති බවය.

    කෙසේ වෙතත් ඔහු සිදුකළ වෙනත් ඝාතන සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නොමැත.

    බස්නාහිර පළාත දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතාගේ උපදෙස්මත හෝමාගම කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ මහතාගේ අධීක්ෂණයෙන් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති අමිල් ගෝවින මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ආර්.එම්.ආර් චතුරංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ රාත්‍රියේ විමර්ශන සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන එනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202605 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.