Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ආරක්ෂක අංශ විසින් සිදුකළ මෙහෙයුම්වලින් වැඩිම මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට හැකි වුයේ 2025 වසරේදී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි. “රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රගතිය” සම්බන්ධයෙන් අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය. 2024 වසරේදී හෙරෝයින්, ගංජා, අයිස්, හෂිෂ් සහ කොකේන් යන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10,871ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් එම අගය 2025 වසරේදී කිලෝ ග්‍රෑම් 23,692යි ග්‍රෑම් 307ක් වන බවත් එය තෙගුණයක වර්ධනයක් බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
බදුල්ල – සොරණාතොට මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ පස්කන්දක් නායයාමේ අවදානමකට ලක්ව ඇත. මේ නිසා අවදානමට ලක්ව ඇති දෙමහල් ගොඩනැඟිල්ල පිහිටි ස්ථානය තහනම් ප්‍රදේශයක් බවට පත්කර සිසුන් සඳහා වෙනත් ගොඩනැඟිලිවල පන්ති පැවැත්වීමට පියවර ගෙන තිබේ. මෙම ස්ථානයට අමතරව ක්‍රීඩාංගණයට අයත් කොටසකද පස්කණ්ඩි කඩා වැටෙමින් පවතී. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය කළ පරීක්ෂාවේදී නිර්දේශ කර ඇත්තේ, මෙම කණ්ඩිය විධිමත් ලෙස බැම්මක් ඉදිකර ස්ථායි කරන තෙක් ඉටි රෙදිවලින් ආවරණය කර තබන ලෙසය. ඒ අනුව කටයුතු කර ඇතැයි ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මනෝහරී ෆොන්සේකා මහත්මියගෙන් අප කළ විමසුමකදී ඇය සඳහන් කළාය. මෙම ආරක්ෂක බැම්ම ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් ඇස්තමේන්තු කර ඇති බවද…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී මතුව ඇති ගැටලු විසඳීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් නිසි නෛතික රාමුවක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමඟ සාකච්ඡාවකට ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි. දැනට පවතින නීතිරීති සහ අණපනත්වලට අනුව ජාතික අධ්‍යාපන ආයතනය පදනම් කරගත් ව්‍යුහයක් මගින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරු (FUTA) මෙහිදී කරුණු පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය සඳහන් වේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව තම සංගමයද පිළිගන්නා බවත්,…
ගංවතුර හා මෝසම් වර්ෂාවෙන් පසු මඩකලපුව දිස්ත්‍රික්කයේ ඩෙංගු උණ සීඝ්‍රයෙන් පැතිරයමින් පවතින බව මඩකලපුව ප්‍රදේශීය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක ඩෙංගු රෝගීන් විශාල සංඛ්‍යාවක් හඳුනාගැනීමෙන් පසු සෞඛ්‍ය සේවා නිලධාරීන් ප්‍රදේශයේ වැටලීම් රැසක් මේ වනවිට සිදුකර ඇත. නිවාස 400කට වැඩි ගණනක් ද මේ වනවිට පරීක්ෂාවට ලක්කර ඇති අතර, එහිදී එම ප්‍රදේශයේ සිනමා ශාලාවකින් ඩෙංගු කීටයන් හඳුනාගෙන තිබේ. ඒ අනුව අදාළ චිත්‍රපට ශාලාවට එරෙහිව නඩුවක් පවරා ඇත. මේ අතර ඩෙංගු උණ පැතිරීමේ ප්‍රවණතාවක් ඇති නිවාස හිමිකරුවන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. බොහෝ ස්ථානවල නඩු පවරා රතු අනතුරු ඇඟවීමේ පත්‍රිකා ඇලවීමට ද කටයුතු කළ බව මඩකලපුව ප්‍රදේශීය සෞඛ්‍ය සේවා…
තම වැඩිමහල් සහෝදරයා අනතුරට ලක්ව මියගිය ටිපර් රථයට ඔහුගේ බාල සහෝදරයාද අනතුරට ලක්වූ ආන්දෝලනාත්මක සිදුවීමක් කිලිනොච්චිය ප්‍රදේශයෙන් වාර්තා වේ. කිලිනොච්චියේ වැලි ජාවාරමට සම්බන්ධ වූවන් පාවා දුන් බවට සැකකෙරෙන පුද්ගලයෙකු ඉකුත් නොවැම්බර් මාසයේදී වැලි ජාවාරමට සම්බන්ධ යැයි සැකකෙරෙන ටිපර් රථයක ගැටී මරණයට පත්ව ඇත. එම අනතුර සම්බන්ධ නඩුව මේ වනවිට අධිකරණයේ විභාග වෙමින් පවතී. කෙසේ නමුත් පොලීසිය භාරයේ තිබූ එම ටිපර් රථය නිදහස් කර වෙනත් රථයක ආධාරයෙන් මාර්ගයේ ඇදගෙන යමින් සිටියදී, මියගිය පුද්ගලයාගේ බාල සහෝදරයා මෙම අනතුරට ලක්ව ඇත. අනතුරෙන් ඔහුට කිසිදු හානියක් සිදු නොවුණි. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම අනතුර සිතාමතා සිදුකළ අනතුරක් බවය.
ජාතික ජන බලවේගයට බලය හිමි හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති වශයෙන් කටයුතු කරන හර්ෂ මනෝජ් ගාර්ධිය පුංචිහේවා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සිය ඉල්ලා අස්වීම් ලිපිය ප්‍රාදේශීය සභාවේ ලේකම් ඉරේකා දිල්රුක්ෂි මහත්මිය වෙත ඊයේ (21) සවස භාරදීමට කටයුතු කර ඇත. පුද්ගලික හේතුවක් මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබාදිය හැකි ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන්ගේ දුරකථන අංක නාමාවලියක් ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය විසින් ඊයේ (21) නිකුත් කළේය. දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාදේශීය පොලිස් කොට්ඨාස 46ක නාමාවලියක් මෙලෙස නිකුත්කර ඇත. එය පහතින් දැක්වේ.
මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන මගී බස් රථ රියදුරන් සහ රිය සහයකයන් හඳුනා ගැනීම සඳහා ජංගම රසායනාගාරයක් (Mobile Lab) සේවයේ යෙදවීම ඊයේ (21) දින කොළඹ බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පොලේදී නිල වශයෙන් ආරම්භ කළ බව පොලීසිය පවසයි. මෙම ජංගම රසායනාගාර සේවාව මඟින් විනාඩි කිහිපයක් තුළ රියදුරන් විසින් දින 14 ක් ඇතුළත භාවිතා කළ මත්ද්‍රව්‍ය වග හතරක් සම්බන්ධ වාර්තාවන් ලබාගත හැකි බව සඳහන් වේ. මගී ජීවිත ආරක්ෂා කිරීමේ අපේක්ෂාව මූලික කරගෙන ක්‍රියාත්මක මෙම ජංගම රසායනාගාර සේවාව මඟින් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට හඳුනා ගන්නා රියදුරන් අධිකරණයට ඉදිරිපත් කර එම රියදුරන්ගේ රියදුරු බලපත්‍ර අහෝසි කිරීම දක්වා වූ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු…
නීතිවිරෝධි ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 62 කට අධික වටිනා දේපළ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියා විරහිත කිරීමට කටයුතු කර තිබේ. ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර වත්කම් උපයාගෙන ඇති බවට නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඇත. එහිදී අදාළ පුද්ගලයා විසින් ඔහුගේ බිරිඳගේ නමින් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති බවට සැක කරන රුපියල් කෝටි 03 කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කැබලි 03 ක්, ඒ තුළ ඉදිකර තිබූ නවීන මාදිලියේ තනි මහල් නිවසක් සහ ඇහැළියගොඩ රත්නපුර මාර්ගයට යාබද දෙමහල් ගොඩනැඟිල්ලක් සහිත පචර් 06 ක…
හෙට (23) දින සිට, පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙරේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවය. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අම්පාර සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.