Author: LFN

රටම එකට ජාතික මෙහෙයුම යටතේ සිදුකරන දෛනික සෝදිසි මෙහෙයුම්වලට අදාළව ඊයේ (23) දිනයේදී පුද්ගලයින් 819ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුප්තාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම, අරමුණු කරගත් නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රජාව බල ගැන්වීම යන බහුවිධ ප්‍රවේශයන් මෙම මෙහෙයුමේ අරමුණ වේ. ඊයේ දිනයේදී සිදුකරන ලද මෙම මෙහෙයුම් මගින් සිදුකරනු ලැබූ වැටලීම් 304කින් හෙරොයින් ග්‍රෑම් 367ක් අයිස් කිලෝ 2 ග්‍රෑම් 97ක් සහ ගංජා කිලෝ 32 ග්‍රෑම් 804ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ. මේ අතර පසුගිය වසරේ ඔක්තෝබර් 30 වැනිදා සිට ඊයේ (22)…

Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ තුන්වන නැව් තටාකාංගණයේ මෙහෙයුම් අද (23) ආරම්භ කෙරිණි. මෙහෙයුම් ආරම්භය සංකේතවත් කරමින් ලොව ප්‍රධාන නැව් සමාගම් 3ක නෞකා 3ක් නැව් තටාකාංගණය පැමිණියේය. ගැන්ට්‍රි දොඹකර 12ක් සහ ස්වයංක්‍රිය අංගණ දොඹකර 40කින් සමන්විත මෙම නැව් තටාකාංගණය හරහා කලාපීය නාවික මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරායේ මෙහෙයුම් තවත් ශක්තිමත්වනු ඇත. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් මුල්වරට ආරම්භ කෙරුණේ 2022 වසරේ ජනවාරි 12 වැනිදාය. හෙක්ටයාර 75ක භූමියක් තුළ ඉදිවන නැගෙනහිර පර්යන්තයේ මුළු දිග මීටර 1320කි. ඉන් මීටර් 1090ක් සහ අනෙකුත් ඉදිකිරීම්වලින් 82%ක් මේ වන සම්පූර්ණකර අවසන් කර ඇත. 2025 වසරේදී නැගෙනහිර පර්යන්තය මගින් බහාලුම් පන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මෙහෙයවා ඇති අතර සම්පූර්ණ…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සම්බන්ධව හිටපු කථානායකවරයෙකු වූ කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය නියෝජනය කරමින් එහි අනුශාසකවරයා ලෙස ඒ මහතා අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත. අදාළ ලිපිය මගින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ මෙරට නිදහස ලබන විට ඉඩම් හිමි උගත්, ධනවත් ප්‍රභූ පන්තියට දේශපාලනය සීමා වී ඇති බවත් 1956 වසරෙන් පසු සාමාන්‍ය පොදු මිනිසාට දේශපාලනයෙන් ඉඩ ලැබුණු බැවින් විශාල සමාජ විපර්යාසයක්ද ඇති වූ බවය. එම තත්ත්වය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් අහිමි කිරීම වැනි කරුණු හේතුවෙන් ධනවතුන්ට, ව්‍යාපාරිකයින්ට හා අයුතු ලෙස මුදල් උපයන…

Read More

හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ අනූෂ පැල්පිට මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගෙන ඇත. අනූෂ පැල්පිට මහතා අද (23) අල්ලස් කොමිසම වෙත පැමිණ ඇති අතර මූලික ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බව එම කොමිසම සඳහන් කළේය.්‍ ඒ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

Read More

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබෙන බව අල්ලස් කොමිසම අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ඉදිරිපත් කර තිබෙන බවයි. ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත අවසන් කළ මහේස්ත්‍රාත්වරයා මහාධිකරණය නොතීසියක් ලද විට අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකාර චාමර සම්පත් දසනායකට නියම කළා.

Read More

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. ඒ එම සැකකරුවන්ට එරෙහිව පැවැති නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදීය. ඒ අනුව එම සැකකරුවන් එළැඹෙන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටියදී සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව ගොනු කෙරෙනු නඩුවක් මත පසුගිය 05 වැනිදා මූල්‍ය අපාරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන වත්තල අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකරු ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.

Read More

මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන මගී බස් රථ රියදුරන් සහ රිය සහායකයින් හඳුනා ගැනීම සඳහා පසුගිය 21 වැනිදා ආරම්භ කළ ජංගම රසායනාගාරය මගින් පරීක්ෂා කළ බස් රියදුරන් 56 දෙනෙකුගෙන් 10 දෙනෙකුම විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිවූ බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. පසුගිය 21 වැනිදා මෙම ජංගම රසායනාගාර පරීක්ෂාව කොළඹ බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පොළේදී ආරම්භ වූ අතර එහිදී අහඹු ලෙස තෝරාගත් රියදුරන් 56 දෙනා අතුරින් 10 දෙනෙකු මෙලෙස මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිව තිබේ. මෙලෙස හඳුනාගත් බස් රියදුරන් 10 දෙනා අයිස්, හෙරොයින්, ගංජා යන විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට මූලික මුත්‍රා…

Read More

චීනය විසින් මෙරටට විදුලියෙන් ක්‍රියාකරන නවීන සුඛෝපභෝගී බස් රථ 100ක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී වොන් හොංග් පවසයි. ඉන්ධන භාවිතය හේතුවෙන් සිදුවන විශාල පරිසර දූෂණය අවම කිරීම අරමුණින් මෙම තීරණය ගත් බව ඔහු ප්‍රකාශ කළේය. මෙලෙස ලබාදීමට සැලැසුම් කර ඇති බස් රථයක මිල අමෙරිකානු ඩොලර් දෙලක්ෂ විසිපන්දහසක් පමණ වන බවද තානාපතිවරයා පැවසුවේය. චීන තානාපතිවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ (22) මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ මෙන්ම අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ ද බැහැදුටු අවස්ථාවේදීය.

Read More

සීදූව තැම්පල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් පුද්ගලයකු මියගොස් තිබේ. ප්‍රදේශයේ විදුලි රැහැන් පද්ධතියකින් විදුලි සැර වැදී ඇද වැටීමෙන් මියගොස් ඇති එම පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය සඳහන් කළේය. මියගිය පුද්ගලයාගේ මළ සිරුර මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර සීදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ. මේ අතර ගල්නෑව නගරයේ බස්නැවතුම්පළක රැදී සිටියදී හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ගල්නෑව රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය එම පුද්ගලයාගේ ද අනන්‍යතාවද තහවුරු වී නොමැති අතර මළ සිරුර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

Read More