Author: LFN

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ඊයේ (24) සවස සිදුවූ රිය අනතුරකින් කාන්තාවක මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි. කොළඹ සිට මත්තල දෙසට ධාවනය වූ මෝටර් රථයක් වම්පස ආරක්ෂිත වැටෙහි ගැටී පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. අනතුරින් මියගොස් ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි කාන්තාවකි. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ අවුරුදු 30 සහ 36 වයසේ දෙදෙනෙකු වන අතර ඔවුන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එයින් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. පොලීසිය පැවසුවේ මෝටර් රථයේ රියදුරට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි සැක කරන බවය. සිද්ධිය සම්බන්ධයෙන් පින්නදූව රථවාහන…

Read More

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා මේ වන විට දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් ඇති බව නාවික හමුදාව පවසයි. පොලිසිය විසින් ලබා දුන් තොරතුරකට අනුව නාවික හමුදාව විසින් දිගුදුර නෞකා යොදාගනිමින් මෙම බහුදින ධීවර යාත්‍රා දෙක සොයා විශේෂ මෙහෙයුමක් සිදුකළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසීය. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ඉන් එක් යාත්‍රාවක පුද්ගලයින් 5දෙනෙකු සහ අනෙක් යාත්‍රාවේ පුද්ගලයින් 6දෙනෙකු සිටි බව ද නාවික හමුදාව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ‍ය. මෙම යාත්‍රාවන්හි මත්ද්‍රව්‍යකිලෝ ග්‍රෑම් 270ක් පමණ ඇති බවට සැක කෙරේ. නාවික හමුදා භාරයට ගත් යාත්‍රා දෙක…

Read More

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය. සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

Read More

ඉදිරි පැය 36 තුළ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය. සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. උතුරු, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වලත් මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික…

Read More

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ තවත් තීරණාත්මක සාකච්චාවක් අද (24) පවත්වා තිබේ. අද පෙරවරුවේ මෙම සාකච්ඡාව කොළඹදී පැවැති අතර ඊට සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් පිරිසක් එක්ව සිට ඇත. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් තලතා අතුකෝරල, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උප සභාපති නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම් සහ සාගල රත්නායක යන මහත්වරුන් එක්ව සිට ඇති බවත් සඳහන් වේ. මෙම සාකච්ඡාවේදී දෙපාර්ශ්වය අතර එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර තිබේ. මේ අතර සිය X ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ…

Read More

නීතිවිරෝධී ලෙස අල්ලන ලද මෝර මසුන් කිලෝ ග්‍රෑම් 800කට අධික තොගයක් සමඟ පුද්ගලයින් 7දෙනෙකු වෙන්නප්පුව ප්‍රදේශයේදී වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ. වෙන්නප්පුව, වෙල්ලමන්කර ධීවර වරායේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයින් සිය භාරයට ගත් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේය. නීතිවිරෝධී ලෙස අල්ලන ලද මෝර මසුන් කිලෝ ග්‍රෑම් 876 ග්‍රෑම් 200ක තොගයක් බහු දින ධීවර යාත්‍රාවක් තුළ සඟවා තිබියදී මෙලෙස සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් 7දෙනා, ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා වෙන්නප්පුව ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දී ඇති බව වාර්තා වේ.

Read More

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි රෝහල්ගත කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ. සී. ගජනායක මහතා සදහන් කළේ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බවය. පසුගියදා ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ඇතිවූ ගැටළුකාරී සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිව් නමක් සහ තවත් සැකකරුවන් 06දෙනෙකු එළඹෙන 28වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. ඒ අනුව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රුධිර පරීක්ෂාවක් සිදු කිරීම සඳහා මෙලෙස උන්වහන්සේ රෝහල්ගත කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Read More

දකුණු මුහුදේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ බහුදින ධීවර යාත්‍රා දෙකක් සහ සැකකරුවන් 11 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, ශ්‍රී ලංකා පොලිසියෙන් ලද තොරතුරකට අනුව දිගුදුර නෞකා යොදාගනිමින් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදු කළ බවය. එහිදී එක් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) ද, අනෙක් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත. මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තොගය, බහුදින ධීවර යාත්‍රා දෙක සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

Read More

වව්නියාව, කළුකුන්නම්මඩුව ප්‍රදේශයේදී යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියකින් ගමන්ගත් රථවාහන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු හප්පා පලාගිය ලොරි රියදුරෙකු අද(24) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසූවේ, අණ නොතකා ධාවනය කළ කුඩා ලොරි රථයක් පසුපස පොලිස් නිලධාරීන් දෙදෙනා හඹායෑමේ දී ලොරි රියදුරු පොලිස් නිලධාරීන්ව අනතුරට ලක්කර පලා ගොස් ඇති බවය. යතුරුපැදිය අනතුරට ලක්කිරීමේ දී පොලිස් නිලධාරීන් දෙදෙනා විසි වී ගොස් මාර්ගයේ පසකට ඇද වැටෙන අතර, යතුරුපැදිය ලොරියේ පැටලී ඉදිරියට ඇදී යන අයුරු පිටුපසින් පැමිණි වාහනයක සිටි පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයක සටහන්ව තිබුණි. ලොරියේ යතුරුපැදිය පැටලී තිබීම හේතුවෙන් ලොරිය මාර්ගයේ දමා රියදුරු කැළෑ බඳ ප්‍රදේශයකට පැන ගොස් ඇති බව වාර්තා වේ. සැකකරු බූඔය පාලම…

Read More

දෙහිවල, බෝධිවත්ත ප්‍රදේශයේදී 16 හැවිරිදි ගැහැනු ළමයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකට අදාළ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයෙක් බව සඳහන්ය. ඔහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී වෙඩි තැබීම සඳහා යොදා ගත් රිවෝල්වර් වර්ගයේ ගිනිඅවිය දෙහිවල ප්‍රදේශයේ පාළු නිවසක තිබී සොයා ගෙන තිබේ. දෙහිවල වනරතන ක්වාටස් ක්‍රීඩාංගණය අසලදී පසුගිය සැප්තැම්බර් මාසයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුන් දෙදෙනෙකුගෙන් කෙනෙකු ලෙසද මොහු කටයුතු කර ඇති බව පොලීසිය පැවසුවේය. මෙම වෙඩි තැබීම…

Read More