Author: LFN

නායයෑමේ අවධානමක් නිසා මාස 02ට ආසන්න කාලයක් වසා දමා තිබූ නාවලපිටිය අනුරුද්ධ කුමාර ප්‍රාථමික විදුහලේ අධ්‍යන කටයුතු යළි ආරම්භ කිරිමට අවශ්‍ය නිර්දේශය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) ඊයේ (25) ලබා දී ඇත. ඉකුත් නොවැම්බර් 27වනදා ඇති වූ අයහපත් කාලගුණයක් සමග මෙම විද්‍යාලයට ඉහළින් පිහිටි ශ්‍රී කවීෂ්වර වේළුවනාරාම විහාරස්ථානයේ ආරක්ෂිත බැම්ම නාය යෑමට ලක්විය. ඒ හේතුවෙන් මාස දෙකක් වැනි කාලයක් පුරාවට එම පාසල NBRO නිර්දේශ මත වසා දමන ලදී. නව වසරේ පළමු පාසල් වාරය ආරම්භයත් සමග 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා වූ පන්ති පැවැත්වීමට මෙතෙක් හැකියාවක් නොලැබීම හමුවේ, ඒ පිළිබඳ දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන් අතර දැඩි මතභේදකාරී තත්ත්වයක්ද මතුවී තිබුණි.…

Read More

ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවන් වන වරහා සහ අතුල්යා “Varaha” “Atulya” කොළඹ වරායට නිල සංචාරයක් සඳහා පැමිණි අතර නාවික සම්ප්‍රදායන්ට අනුකූලව නාවික හමුදාව විසින් පිළිගෙන ඇත. මීටර් 96.2 ක් දිග ඕෆ්ෂෝර් මුර සංචාර නෞකාවක් වන “Varaha”නෞකාව මෙහෙයවනු ලබන්නේ අණදෙන නිලධාරි අශ්විනි කුමාර් විසිනි. මීටර් 50 ක් දිග වේග මුර සංචාර නෞකාවක් වන “Atulya” නෞකාව මෙහෙයවනු ලබන්නේ අණදෙන නිලධාරි අනිත් කුමාර් මිශ්‍රා විසින්. මෙම නෞකා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සමඟ අභ්‍යාසවලට සහභාගී වීමට නියමිත බව සඳහන් වේ. මෙම සංචාරය ඉන්දීය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායන් අතර බහුවිධ අන්තර්ක්‍රියා තවදුරටත් වැඩිදියුණු කිරීමට අවස්ථාවක් සපයයි.

Read More

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ චමින්ද කුලරත්න මහතාගේ වැඩතහනම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඬ අවදි කරන බව ද ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ. දණ්ඩනයට පෙර කරුණු විමසීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය විපක්ෂ නායකවරයා විසින් මෙහිදී මතුකර තිබේ. එසේ කටයුතු නොකිරීම හරහා පෞද්ගලික පළිගැනීමක් පිළිබඳව සැකයක් මතු වීම සාමාන්‍ය ස්වභාවය බවත් එවැනි කටයුතු සිදුකිරීම භයානක බවත් ඔහු අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

Read More

තමන් ලෙස පෙනී සිටිමින් මූල්‍ය වංචා කරන පුද්ගලයෙකු පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි. සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ ව්‍යාජ පුද්ගලයෙකු විවිද දුරකතන අංක ඔස්සේ මහජනතාවගෙන් සහ ව්‍යපාරිකයින්ගෙන් තමන් ලෙස පෙනි සිටිමින් මෙලෙස මුදල් ලබාගෙන ඇති බවය. මෙවැනි පුද්ගලයන්ට කිසිදු මුදලක්, පුද්ගලික තොරතුරු හෝ ලේඛන ලබා නොදෙන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සිය facebook සටහනෙන් දැනුම් දී තිබේ. නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ සැක සහිත තොරතුරු ඇතොත් වහාම ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දෙන ලෙසටය.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක හා බෙලිඅත්ත අතර කිලෝමීටර 140 කණුව ආසන්නයේ දී දොරගුළුලා අත්හැර දමා තිබූ සැකකටයුතු සුඛෝභෝගී මෝටර් රථයක් තිහගොඩ ‍පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ. මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සිදුකරන ලද දැනුම්දීමකට අනුව අපරැක්ක අධිවේගී මාර්ග රථවාහන පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (25) රාත්‍රියේ මෙම මෝටර් රථය සොයාගෙන වැඩිදුර විමර්ශන සඳහා තිහගොඩ පොලීසිය වෙත භාරදී ඇත. එම මෝටර් රථය තුළ තිබූ ටිකට්පතින් එය දොඩංගොඩ පිවිසුමෙන් ඇතුළුවී මත්තල දෙසට පැමිණ ඇති බවට අනාවරණය වී තිබේ. එහි ලියාපදිංචි අංකය අනුව සිදුකළ මූලික විමර්ශනවලදී එම ලියාපදිංචි අංකයටම රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට මෝටර් රථයක් තිබෙන බවත් අනාවරණය වී යැයි පොලීසිය සඳහන් කළේය. එම මෝටර්…

Read More

ඊයේ (25) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.3 ක් ලෙස රත්නපුරය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. ඊයේ දහවල් කාලයේදී කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ උපරිම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් පහත සිතියමේ දැක්වේ.

Read More

උතුරු, උතුරු – මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි. එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු – මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, මාතර, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල…

Read More

කොල්ලුපිටිය, ආර්.ඒ.ද මෙල් මාවතේ පිහිටි සංගීත විද්‍යාලයක් පිහිටි ගොඩනැගිල්ලක් දෙසට අද (25) අලුයම 2.35ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු සංගීත විද්‍යාලය පිහිටි ගොඩනැගිල්ල දෙසට හා ගේට්ටුවට ටී – 56 ගිනිඅවියකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි කොල්ලුපිටිය පොලීසිය සඳහන් කරයි. වෙඩි ප්‍රහාර 15ක් පමණ ඒ දෙසට එල්ල කර ඇතැයි පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. එම විද්‍යාලයේ ඉදිරිපිට හිස් පතොරොම් කොපු ඇති බවට කොල්ලුපිටිය පොලීසියට ලද දුරකථන පණිවුඩයක් අනුව ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් එහි ගොස් පරීක්ෂණ ආරම්භ කළ බව පොලීසිය කියයි. යතුරුපැදියෙන් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනාගෙන් පසුපැදිකරු විසින් එකවරම මෙලෙස ගිනිඅවියකින් ගොඩනැඟිල්ල දෙසට හා ගේට්ටුව දෙසට…

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වූ විසඳුම් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල්වල රජයේ වෛද්‍යවරු හෙට (26) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා අද (25)පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, ඒ අනුව හෙට උදෑසන 08.00 සිට දිවයින පුරා රජයේ රෝහල්වල වෘත්තිය සමිති ක්‍රියාමාර්ග 05කට එළඹෙන බවය.

Read More

ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ. අක්මීමන, සේරුනුවර, කිලිනොච්චිය සහ වාරියපොල යන ප්‍රදේශවලදී මෙම අනතුරු සිදුව ඇති බව පොලීසිය පැවසුවේය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමිටර් 86.6 කණුව ආසන්නයේදී මෝටර් රථයක් අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටෙහි ගැටීමෙන් පෙරළී ගොස් අනතුරක් සිදුව ඇත. අනතුරින් මෝටර් රථයේ රියැදුරු සහ එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි ප්‍රතිකාර ලබමින් සිටි එක් කාන්තාවක් මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි. සේරුනුවර, නිලපොල ප්‍රදේශයේදී කැබ් රථයක් යතුරුපැදියක ගැටී සිදුවු අනතුරින් 31 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබේ. එමෙන්ම කිලිනොච්චිය, මුලතිව් මාර්ගයේ ත්‍රීරෝද රථයක්…

Read More