Author: LFN

පාස්කු ඉරු දින, ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නඩුව මාර්තු 23 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නියෝග කළේය. මීට පෙර මෙම නඩුව විභාගයට ගත්තේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේය. එහිදී මෙම නඩුව විභාගයට ගන්නා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර නොතිබීම හේතුවෙන් මාර්තු 23 වනදා යළි කැඳවන බව මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා නිවේදනය කළේය. මෙම චෝදනාව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු…

Read More

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් ඊට සිය පූර්ණ සහාය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ, 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකිරීම නිසා දුදරුවන් විශාල පිරිසක් අසරණවී ඇති බවය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැතීමේ වගකීම විපක්ෂය පිට පැටවීමට රජය උත්සාහ කළ ද එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීම නැවැත්වූයේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. මේ අවස්ථාවේ ලක්ෂ සංඛ්‍යාත දෙමාපියන් දූදරුවන් 6 වසරේ ප්‍රතිසංස්කරණ අපේක්ෂාවෙන් සිටියත් රජය එය කල් දැමීම නිසා මොවුන්ගේ බලාපොරොත්තු සුන්වී ඇති බවත් ඔහු කීය. ඒ හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමඟ සාකච්ඡා කර අසභ්‍ය දේවල් ඉවත් කර නැවත වරක් කඩිනමින් නිවැරදිව මේ…

Read More

පසුගිය වසර 10ක කාලය තුළ වයස අවුරුදු 16ත් 22ත් අතර තරුණ පිරිසගේ අපරාධ චර්යාවන් ඉහළ ගොස් ඇති බව අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥ තාරක ප්‍රනාන්දු මහතා පවසයි. එය මේ වනවිට මෙරට සිදුකළ පර්යේෂණ හරහා හෙළි වී ඇති බවත් ලෝකය පුරාම මෙම තත්ත්වය දැක ගත හැකි බවත් ඒ මහතා සඳහන් කර සිටියේය. මානසික සෞඛ්‍ය විද්‍යායතනයට වසර 100ක් පිරීම නිමිත්තෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය තාරක ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ලංකාවේ 2015 සහ 2016ට ආසන්න කාලයේ සංඛ්‍යාත්ම දත්ත දෙස බැලීමේ දී අධිකරණය මඟින් නඩු විභාගයක් සිදුකර චෝදනාවට ලක් වී දඬුවමක් ලැබූ අයගේ ප්‍රමාණය 200%කින් පමණ ඉහළ ගොස් ඇති…

Read More

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් 30%කට පමණ මානසික ගැටලු ඇති බව වැඩිහිටි මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් මහත්මිය පවසයි. අද (26) කොළඹදී පැවති මානසික සංවර්ධනය තුළින් ජීවිත පරිවර්ථනය නම් වැඩසටහන සමඟ එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ අවුරුදු 60 හෝ 65ට වැඩි වැඩිහිටියන් මේ අතර සිටින බවය. ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණය ඉතා ඉක්මනින් වර්ධනය වන බවත්, ඒ අනුව වැඩිහිටියන් මුහුණදෙන මෙම මානසික ගැටලුකාරී තත්ත්වය පිළිබඳ සමාජය තුළ දැනුවත්භාවය අවම වීම හේතුවෙන් ගැටලු රැසක් ඇතිව තිබෙන බවත් විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය. ඇතැම් විට වයස්ගත වීමේ දී ඇති වන යම් යම් මානසික රෝග ලක්ෂණ පිළිබඳ මිත්‍යා මත පදනම්ව තීරණ…

Read More

පිළිකා ඖෂධ 40ක හිඟයක් පැවතීම සහ ලියාපදිංචි කර නොමැති පිළිකා ඖෂධ වෙළෙඳපොළේ ඇතැයි චෝදනා කරමින් ඒ පිළිබඳ විමර්ශනයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු වෛද්‍ය චමල් සංජීව යන මහත්වරු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. එහිදී අදහස් දක්වමින් වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ පිළිකා රෝහල තුළ පමණක්, පිළිකා ඖෂධ කාණ්ඩ 40කට ආසන්න ප්‍රමාණයක ප්‍රමාණවත් තරම් තොග නොමැති වීම නිසා එම ඖෂධ අධික මිල ගණන් යටතේ බාහිරින් මිල දී ගැනීමට සිදුව ඇති අතර එසේ මිලදී ගන්නා ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු පවතින බවය.…

Read More

විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනා යටතේ හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙන නඩුව අද (26) කැඳවනු ලැබීය. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඉදිරියේය. එහිදී එම නඩුව සම්බන්ධව වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 16 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. 2016 වසරේ ජුලි මස 14 වන දා සිට 2020 වසරේ නොවැම්බර් මස පළවනදා අතර කාල සීමාව තුළ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සහ…

Read More

රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 213 දෙනෙකුට හෙට (27) පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතව තිබේ. මෙම තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය පසුගිය 2025 වසරේදී පවත්වන ලදී. කෙසේ වෙතත් මෙය මීට පෙර පැවැත්වීමට සැලැසුම් කර තිබුණේ, 2021 වසරේදීය. රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 226 දෙනෙකු බඳවා ගැනීමට අනුමැතිය ලැබී තිබු අතර, විවෘත තරග විභාගය අනූව සුදුසුකම් සපුරන ලද 246 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා භාජනය කර මෙම 213 දෙනා එම තනතුර සඳහා තෝරා ගෙන ඇත. රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා අනුමත කාර්ය මණ්ඩලය 2,617ක් වන අතර 1,906ක පිරිසක් මේ වන විට සෞඛ්‍ය සේවාවේ නිරත වේ.

Read More

දකුණු මුහුදේ දී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 290කට අධික තොගයක් සමග නාවික හමුදා භාරයට ගත් බහු දින ධීවර යාත්‍රාවලට මත්ද්‍රව්‍ය සැපයු බවට සැක කෙරෙන තවත් යාත්‍රාවක් සහ සැකකරුවන් 05දෙනෙකු මිරිස්ස ධීවර වරායේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. දීලීෂ 03 නම් මෙම බහුදින ධීවර යාත්‍රාව මගින් දකුණු මුහුදේදී භාරයට ගත් ධීවර යාත්‍රා වෙත මත්ද්‍රව්‍ය තොගයක් ලබා දී ඇති බව දැනට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. පසුගිය සිකුරාදා දිනයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබිය දී මෙලෙස නාවික හමුදාව භාරයට ගත් ධීවර යාත්‍රා සහ සැකකරුවන් ඊයේ දික්ඕවිට ධීවර වරාය වෙත…

Read More

කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හය දෙන ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ, ඔවුන් අද (26) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. ලබන 29 වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සිදු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Read More

‘දිට්වා’ සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් සඳහා නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉඩම් පරිත්‍යාග කිරීමට දිවයින පුරා පරිත්‍යාගශීලි ජනතාවට අවස්ථාව ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ‘දිට්වා’ සුළි කුණාටුව සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට නිවාස සහ දේපොළ අහිමි වී ඇති අතර, පීඩාවට පත් ජනතාව යළි නඟාසිටුවීම සහ රට යළි ගොඩනැගීම වෙනුවෙන් රජය ‘Rebuilding Sri Lanka’ වැඩසටහන ආරම්භ කළේය. ආපදාවෙන් පූර්ණ නිවාස හානි සිදු වූ පවුල් සඳහා නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක වන අතර එම නිවාස ඉදිකර දීම සඳහා අවශ්‍ය ඉඩම් මෙලෙස පරිත්‍යාග කිරීමට දිවයින පුරා පරිත්‍යාගශීලි ජනතාවට අවස්ථාව උදා වී ඇති බව ජනාධිපති මාධ්‍ය…

Read More