Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
    Featured

    පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

    By LFNFebruary 27, 2026No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ ජනිත් මධුසංඛ නොහොත් ‘පොඩි ලැසී’ව දින 7ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දී තිබේ.

    ඔහු අද (27) බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී මෙම නියෝගය ලබා දී ඇත.

    ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ජනිත් මධුසංඛ නොහොත් ‘පොඩි ලැසී අද (27) අලුයම මෙරටට රැගෙන ආ අතර ඉදිරි විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාර දුන්නේය.

    රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සිටි මනෝජ් මෙන්ඩිස් නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් 2016 වසරේදී පොඩි ලැසීව අත්අඩංගුවට පත් විය.

    අනතුරුව අවස්ථා කිහිපයකදීම මනුෂ්‍ය ඝාතන, ගිනිඅවි සන්තකයේ තබාගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ආදි සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පොඩි ලැසී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම්භාරයේ සහ රක්ෂිත බන්ධනාගාරගතව පසුවුණි.

    එහිදී පසුගිය 2020 වසරේදී බූස්ස බන්ධනාගාරයේදී බන්ධනාගාර නිලධාරීන් පිරිසකට මරණ තර්ජන එල්ල කිරීම සහ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකුටද තර්ජනය කිරීම සම්බන්ධයෙන් පොඩි ලැසීට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණි.

    ඊට අදාළව ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු කටයුත්තකට අදාළව 2018 වසරේදී ඔහුට ඇප නියමව තිබුණද, පසුගිය 2024 වසරේ දෙසැම්බර් මාසය දක්වා ඇප කොන්දේසි සම්පූර්ණ කර බන්ධනාගාරයෙන් පිටවීමට පොඩි ලැසී කටයුතු කර නොතිබුණි.

    එහිදී එම වසරේ දෙසැම්බර් මස 09 වැනි දින නීතීඥයින් මාර්ගයෙන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොඩි ලැසී අධිකරණය මගින් නියම කර තිබූ රුපියල් ලක්ෂයක මුදල් ඇපය සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් තැන්පත් කර ඇප කොන්දේසි සම්පූර්ණ කර පිටව ගියේය.

    අධිකරණයෙන් ඇප ලැබීමෙන් අනතුරුව සැකකරු අතුරුදන්ව සිටි අතර පසුව වාර්තා වූයේ ඔහු ඉන්දියාවට පලා ගොස් ඇති බවය.

    සැකකරුට ඇප නියම කර තිබුණද ඊළඟ නඩු වාරය දක්වා විදෙස් ගමන් තහනමක්ද අධිකරණය විසින් පනවා තිබූ අතර ඊට අදාළ ඇප කොන්දේසිද උල්ලංඝණය කරමින් පොඩි ලැසී ඉන්දියාවට මෙලෙස පලා ගොස් තිබුණි.

    පසුව ඔහු ඉන්දියාවේ මුම්බායි හිදී පසුගිය 2025 වසරේ ජනවාරි මාසයේදී අත්අඩංගුවට පත් වූ අතර ඒ නීති විරෝධි ලෙස ඉන්දියාවට ඇතුල්වීමේ චෝදනා මතය.

    ඊට අදාළ චෝදනා මත පොඩි ලැසී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමටද එරට ආරක්ෂක අංශ කටයතු කර තිබූ අතර ඔහුට නීති උපදෙස් සහ ඇප ලබා ගැනීම සඳහා මෙරටින් නීතීඥවරුන් දෙදෙනෙක් පසුගිය වසරේ මාර්තු මාසයේදී ඉන්දියාව බලා පිටත් විය.

    පොඩි ලැසී සම්බන්ධව එරට ආරක්ෂක අංශ විසින්ද මෙරට ආරක්ෂක අංශ දැනුවත් කර තිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරු දිවයිනට රැගෙන ඒම සඳහා මෙහෙයුම් ආරම්භ කරනු ලැබීය.

    ඒ අනුව ඊයේ (26) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු ඉන්දියාව බලා පිටත්ව ගිය අතර එහිදී එම නිලධාරීන් භාරයට පත් සැකකරු අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202605 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.