Close Menu
Lanka Focus News
    What's Hot

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බාල ගල්අඟුරු වංචාවේ මහමොළකරු හෙළිකරන්න – සජිත්
    Featured

    බාල ගල්අඟුරු වංචාවේ මහමොළකරු හෙළිකරන්න – සජිත්

    By LFNFebruary 28, 2026No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බාල ගල්අඟුරු වංචාවේ මහමොළකරු සම්බන්ධයෙන් රජය රටට සත්‍යය අනාවරණ කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (27) කෑගල්ල අරනායක ශ්‍රී හේවාසිංහාරාමයේදී පූජ්‍ය විලානගම චන්ද්‍රරතන හිමියන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    අද වන විට ගල් අඟුරු ක්ෂේත්‍රයේ ප්‍රමිතියේ ගැටලුවක් ඇති බවත් ගල් අඟුරු ගෙන ඒම, ප්‍රමාණය සහ ප්‍රමාදයේ ද ගැටලු ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    එහිදී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මෙම ගැටලු නිර්මාණය වී ඇත්තේ ගල් අඟුරු මිලදී ගැනීමේ දී ක්‍රියාත්මක වූ අකාර්යක්ෂම, අවිධිමත්, අසාර්ථක, ප්‍රසම්පාදන ක්‍රමවේදය හේතුවෙන් වන අතර ගල් අගුරු වංචාවක් තුළ බාල ගල් අගුරු ගෙන්වීමේ කූඨ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වූ බවය.

    එමෙන්ම වසරකට ගල් අඟුරු නැව් 36ක් අප රටට අවශ්‍ය වී ඇති මොහොතක ගුණාත්මකභාවයෙන් ඉහළ රුසියානු නැව් 11ක් පමණක් අප රටට පැමිණ ඇති බවත් තවත් නැව් 25ක් වෙනත් ටෙන්ඩරයක් හරහා ආනයනය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    ඉන් ගෙන ආ 10න් 9ක්ම බාල ගල් අඟුරු යැයි ඔප්පු වී ඇති මොහොතක හදිසි මිලදී ගැනීමක් සිදු කරන්නේ අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය නියමිත වේලාවට නියමිත ප්‍රමාණයට හා නියමිත ප්‍රමිතියට නොමැති වීම නිසා බවත් මෙහිදී ඔහු පෙන්වා දුන්නේය.

    එසේම මෙම හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේදය නිසා බොහෝ දුරට රටට, ජනතාවට විදුලි පාරිභෝගිකයන්ට මූල්‍ය පාඩුවක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

    රජය ගෙන් වූ ගල් අඟුරු නැව් 9යෙන් මෙගාවොට් 300 නිපදවිය නොහැකි බවත් මේ බාල ගල් අඟුරු නිසා මහා පරිමාණ වංචාවක් සිදුව ඇති බවත් මේ වංචාව නිසා රටටත් ජනතාවටත් රජයටත් විශාල පාඩුවක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ මෙම ගල් අගුරු වංචාවේ මහමොළකරුවන් කවුද කියා අනාවරණය කළ යුතු බවත්, මේ ගල් අගුරු වංචාව ගැන රටට සත්‍ය හෙළිදරව් කළ යුතු බවත් රජය මේ මහමොළකරුවාට ගන්නා තීරණය කුමක්ද කියා රටට හෙළිදරව් කළ යුතු බවත් ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 202603 Views

    2027 වසරේ සිට 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන…

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.