Author: LFN

ආරවුලක් දුරදිග යාම හේතුවෙන් අනියම් පුරුෂයා විසින් සිදුකළ පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබේ. ඊයේ (27) දහවල් කාලයේදී මෙම සිදුවීම වාර්තා වී තිබුණේ, අඟුලාන, සයුරපුර මහල් නිවාස සංකීර්ණයේදීය. එලෙස මියගොස් ඇත්තේ, කුඩාවස්කඩුව, වාද්දූව ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණියෙකි. මරණකාරිය හා අනියම් පුරුෂයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී, අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

Read More

2026 වසර ආරම්භ වූ පළමු 25 දින තුළ සංචාරකයින් 223,645 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එම කාලසීමාව තුළ එක් දින වැඩිම සංචාරක පැමිණීම 15 ජනවාරි දින වාර්තා වී ඇති අතර, එදින මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 10,483ක් බවද අධිකාරිය පවසයි. මේ දින 25 තුළ වැඩිම සංචාරක පැමිණීම් ඇති රට ඉන්දියාව වන අතර එම සංඛ්‍යාව 41,603ක් වාර්තා වේ. ඊට අමතරව, රුසියාවෙන් 22,876 දෙනකු, එක්සත් රාජධානියෙන් 23,329 දෙනකු සහ ජර්මනියෙන් 14,431 දෙනකු මෙරටට පැමිණි බවද සඳහන් වේ.

Read More

ඊයේ (27) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය (OPR) වත්මන් මට්ටම වූ 7.75% ලෙස නොවෙනස්ව තබා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

Read More

ආණ්ඩුවක වගකීම ජනතාව බලා ගැනීම බවත්, රටක් ලෙස අත්කර ගන්නා සියලු ආර්ථික ප්‍රතිලාභ ජනතාව සහ සමාජය වෙත ගලා යාමට සැලැස්වීමෙන් රජය මේ වන විට එම කාර්යය ආරම්භ කර තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් දිවයින පුරා ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැඟීමේ ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන මාතලේ දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (27) පස්වරුවේ මාතලේ කවටයාමුණ පුරාණ රජමහා විහාරස්ථානයේදී එක් වෙමිනි. ආර්ථික වශයෙන් මෙන්ම සමාජයීය සහ සංස්කෘතික වශයෙන්ද දියුණු වූ රටක් ගොඩනැගිය යුතු බවත්, සමාජය තුළ ගිලිහී යන සියලු සදාචාරාත්මක ගුණාංග යළි කැඳවාගෙන ඒම වෙනුවෙන් රටේ සියලු ක්ෂේත්‍රයන්හි…

Read More

2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් අනීතික ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61 කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශනය යාපා මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ නඩුව ඊයේ (27) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනුනි. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය. ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 18 වනදා කැඳවීමටද විනිසුරුවරයා නියම කළේය. 2014 වසරේ දෙසැම්බර් මස 26 වනදා ජනවාරි මස 26 වනදා අතර කාලසීමාව…

Read More

අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට සැක කරන බවය. ———————— අම්බලන්ගොඩ ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ. ගලගොඩ සුනාමිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇත. නිවස අසල කැලෑබද ප්‍රදේශයක සිට පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය. වෙඩි වැදීමෙන් අවුරුදු 28ක පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.

Read More

මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ නිරතව සිටින ඇතැම් පිරිස් භාරවීමට කැමැත්ත පළ කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි. ඔහු පවසන්නේ ආණ්ඩුව විසින් සිදුකරගෙන යනු ලබන මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය නිසි අයුරින් සිදුකරගෙන යාමත් සමග අදාළ පිරිස් මෙලෙස භාරවීමට කැමැත්ත පළ කර ඇති බවය. විශ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහනට සමගාමීව රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් සභාව ස්ථාපිත කිරීමේ වැඩසටහනට එක්වෙමින් සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Read More

පවන් රත්නායකගේ සුපිරි ඉනිම අපතේ යවමින් එංගලන්තය සමඟ තුන්වැනි සහ අවසන් එක්දින තරගය ලකුණු 53කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (27) සමත් වුණි. ඒ අනුව තරග තුනකික් සමන්විත එක්දින තරගාවලිය තරග 2ට 1ක් ලෙස ජය ගත්තේ එංලන්තයයි. ශ්‍රී ලංකා කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලියක් පරාජය වුණේ වසර 5කට පසුව වීමත් කැපී පෙනේ. දෙපිළටම තීරණාත්මක තුන්වැනි සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක හැරී බෘෘක් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකා අද තරගයට එක් වෙනස්කමක් සිදුකරමින් වනිඳු හසරංගව කැඳවා තිබුණේ ප්‍රමෝද් මදුෂාන් වෙනුවටය. එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 2ක ලකුණු 40ක් තුළ දැවී ගියත් තුන්වැනි කඩුල්ලට ලකුණු 126ක් රැස්කරන්නට…

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද (28) යළි කැඳවීමට නියමිතව තිබේ. ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදීය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනුකර තිබුණි. ඒ අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා 2025 අගෝස්තු මස 22වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි. පසුව ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන්…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) දිනයේ වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැකි බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී. සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. 30-40 පමණ වේ. කළුතර සිට කොළඹ සහ පුත්තලම හරහා මන්නාරම දක්වාත්,…

Read More