Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම නෞකා සඳහා වසා දමයි
    Featured

    ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම නෞකා සඳහා වසා දමයි

    By LFNMarch 1, 2026No Comments3 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කිසිදු නෞකාවකට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර නොමැති බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසා තිබේ.

    ඉරාන තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය මේ පිළිබඳව වාර්තා කරමින් සඳහන් කර ඇත්තේ ඉරාන සන්නද්ධ හමුදා එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඉලක්කවලට එරෙහිව පළි ගැනීමේ ප්‍රහාර දිගටම සිදුකරමින් යන අතරතුර මෙය සිදුවනු ඇති බවය.

    ඉරාන ප්‍රහාරවලින් මේ දක්වා අමෙරිකානු කඳවුරු 14කට හානි සිදුව ඇති බවටද අදාළ පුවත් ඒජන්සිය වාර්තා කර තිබේ.

    ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග මැදපෙරදිග කලාපය මේ වන විට ගිනි ජාලාවක් බවට පත්ව තිබේ.

    මෙම තත්ත්වය හමුවේ මැදපෙරදිගට ගමන් ගන්නා සියලුම ගුවන් සමාගම් සිය ගුවන් ගමන් තාවකාලිකව නතර කරනු ලැබූවේ මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව උදෙසාය.

    එමෙන්ම මැදපෙරදිග රටවල් සිට ගුවන් කලාප වසා දැමීමටද මෙම තත්ත්වය හමුවේ පියවර ගනු ලැබීය.

    පවතින තත්ත්වය සමග හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය කටයුතු කිරීම තුළ මේ වන විට ලොව පුරා රටවල් රැසකට බලපාන සිදුවීමක් බවටද පත්ව තිබේ.

    හෝමුස් සමුද්‍ර සන්ධිය

    පර්සියානු ගල්ෆ් කලාපය සහ ඕමාන් බොක්ක යා කරන මෙම පටු මුහුදු තීරය ලෝකයේ “බලශක්ති මධ්‍යස්ථානය” ලෙස හැඳින්වේ.

    මෙහි පටුම ස්ථානය සැතපුම් 21ක් පමණ වන අතර, නැව් ගමනාගමනය සඳහා ඇති මාවත සැතපුම් 2ක් තරම් ඉතා පටුය.

    සෞදි අරාබිය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේට් රාජ්‍යය යන රටවලින් අපනයනය කරන බොරතෙල් ලෝකයට රැගෙන යාමට ඇති ප්‍රධානතම සහ එකම මුහුදු මාර්ගය ද මෙය වේ.

    හෝමුස් සමුද්‍ර සන්ධියේ අයිතිය

    මෙය ඉරානයට පමණක් අයත් බව බොහෝ දෙනාගේ මතය නමුත් සැබෑ තත්ත්වය එය නොවේ.

    මෙය පිහිටා ඇත්තේ උතුරින් ඉරානයටත්, දකුණින් ඕමානයටත් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත් මැදිවය.

    මෙහි නාවික ගමන් මාර්ග වැඩිපුරම වැටී ඇත්තේ ඕමානයට අයත් මුහුදු සීමාව තුළ වීම විශේෂත්වයකි.

    මෙහි පටු බව හේතුවෙන් නෞකාවලට ඉරාන මුහුදු සීමාව හරහා ද ගමන් කිරීමට සිදුවේ.

    නීතිමය තත්ත්වය

    එක්සත් ජාතීන්ගේ සමුද්‍රීය නීතිය අනුව මෙය ‘ජාත්‍යන්තර සමුද්‍ර සන්ධියක්’ ලෙස සැලකේ. එබැවින් කිසිදු රටකට එහි සාමකාමී නාවික ගමනාගමනය අවහිර කිරීමට නීතිමය අයිතියක් නොමැත.

    හෝමූස් වසා දැමුවහොත් පවතින අවදානම

    ලෝකයේ දිනකට පරිභෝජනය කරන බොරතෙල් ප්‍රමාණයෙන් 20%ක් පමණ ගමන් කරන්නේ මෙම සන්ධිය හරහාය.

    මෙය වසා දැමීම යනු ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකක් එකවර නතර වීම බවද වාර්තා වේ.

    එමෙන්ම මේ හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් ඉහළ යාම, ගෝලීය උද්ධමනය ඉහළ ගොස් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම, යුරෝපයේ සහ ආසියාවේ ප්‍රධාන කර්මාන්ත ශාලා අඩපණ වීම ආදිය සිදුවිය හැකිය

    ඉරානයට සැබවින්ම හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමිය හැකිද?

    ඉරානය සතුව විශාල මිසයිල පද්ධතියක් සහ කුඩා වේගවත් ප්‍රහාරක යාත්‍රා සමූහයක් ඇති බැවින්, මෙම පටු මාවත අවහිර කිරීමට ඔවුන්ට හැකියාව පවතී. නමුත් මෙමගින් ප්‍රධාන ගැටලු කිහිපයක් මතුවේ.

    එක්සත් ජනපදයේ පස්වන නාවික බලඇණිය මෙම කලාපයේ ස්ථාපිත කර ඇති බැවින්, එවැනි උත්සාහයකදී විශාල යුධමය ගැටුමක් ඇතිවිය හැකිය.

    එමෙන්ම, මෙම මාවත වසා දැමීමෙන් ඉරානයේම තෙල් අපනයනයට සහ ආර්ථිකයටද දැඩි බලපෑම් එල්ල විය හැකිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202603 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.