Author: LFN
අකුරේගොඩදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් මොනරාගල පොලීසිය අත්අඩංගුවට ගත් දෙවන වෙඩික්කරු ගැන කරුණු රැසක් අනාවරණය කරගැනීමට හැකිව තිබේ. නාවික හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් වූ අයෙකු වන ඔහු කරන්දෙණිය සුද්දාගේ විශ්වාසවන්තම හා දක්ෂතම වෙඩික්කරු බව වාර්තා වේ. සැකකරු බන්ධනාගාර නිලධාරියෙකු ඇතුළු ඝාතන හයකට අදාළ වෙඩික්කරු ලෙස කටයුතු කර ඇතැයිද මේ වනවිට කරුණු අනාවරණ වී තිබේ. මේ වනවිට අදාළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් වෙඩික්කරුවන් දෙදෙනා ඊට ආධාර අනුබල දුන් කණ්ඩායමක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ ඝාතන සිද්ධියේදී පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිතයෙන් වෙඩිතබා ඇත්තේ මෙම දෙවන වෙඩික්කරු වන අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතා ඔහුගේ ඡායාරූප…
2009/2010 වසරවල ග්‍රාම නිලධාරි සේවයට බඳවාගත් නිලධාරින් වෙනුවෙන් හදිසි සාකච්ඡාවක් ලබාදීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශය තීරණය කර තිබේ. එලැඹෙන 27 වනදාට එම සාකච්ඡාව පැවැත්වීමට නියයමිත බව දැනුම් දී ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන්, 2009/2010 ග්‍රාම නිලධාරි එකමුතුව පැවසුවේ මාර්තු මස 03වනදාට සිය එකමුතුව විසින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇති බවට වාර්තා වීම හේතුවෙන් මෙම සාකච්ඡාව ලබා දී ඇති බවය. වසර 17ක සිට තිබෙන ශ්‍රේණි ගැටලුවට විසඳුම් ඉල්ලා දීර්ඝ කාලයක සිට සිදුකරන ලද සාකච්ඡා අසාර්ථක වීම සහ පරිපාලන නිලධාරින් මෙම ගැටලුව නොසලකා හරිමින් කල්මැරීම යන කරුණු…
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට ශ්‍රී ලංකාවට ඉතිරිව තිබූ අවසන් අවස්ථාවත් ඊයේ (25) අහිමි විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද පැවති තීරණාත්මක තරගයේ නවසීලන්තය ලබාදුන් ලකුණු 169ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 107ක් පමණි. එම පරාජයත් සමග සුපිරි 8 වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අතහැර දැමීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු සිසුන් අතර ඇති විය හැකි කලහකාරී සිදුවීම් වැළැක්වීම සඳහා පොලීසිය විසින් ආරක්ෂක වැඩපිළිවෙලක් සැලසුම් කර තිබේ. පසුගිය 17 වන දින ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (26) දිනයේ අවසන් වීමට නියමිතය. මීට පෙර වසරවලදී ද සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් අතර එම විභාගය අවසන් වීමෙන් පසු කලහකාරී සිදුවීම්වලට නැඹුරුවීමේ ප්‍රවණතාවක් පැවතීම හේතුවෙන් මෙම පියවර ගත් බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඒ අනුව දෙමව්පියන්ද සිය දරුවන් සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙවැනි තත්ත්වයන් වළක්වාගැනීමට කටයුතු කරන ලෙස පොලිසිය දැනුම්දෙයි.
ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති හෙට (26) දහවල් 12 සිට සවස 6 දක්වා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. සියලුම සේවකයන්ගේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම යනුවෙන් සඳහන් කර ලංවිම වෘත්තීය සමිති 21ක් විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත අද (25) ලිපියක් යොමුකරමින් මේ බව දැනුම්දී ඇත. සිය ඉල්ලීම් 8කට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් මේ දක්වාම ලැබී නොමැති බව එම ලිපිය මගින් වෘත්තීය සමිති දැනුම්දී තිබේ. එබැවින් අදාළ ඉල්ලීම් දිනාගැනීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම හැර වෙනත් කිසිඳු විකල්පයක් සේවකයන්ට සහ එම සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති වෙත ඉතිරිව නොමැති බව ඔවුන් පවසයි. ඒ අනුව…
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාට ජීවිත තර්ජන එල්ල වීම සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි. අද (25) පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා සඳහන් කළේ, අවිස්සාවේල්ල පොලිස් බලප්‍රදේශයෙන් ලද බුද්ධි තොරතුරක් මත මෙම පරීක්ෂණ ආරම්භ කළ බවය.
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොලඹ මහාධිකරණය අද (25) නියෝග කළේය. විත්තිකාර ඩේසී ෆොරස්ට්ට නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික තත්තවයක් තිබෙනවාද? යන කරුණ පිළිබඳ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මඟින් කැඳවා තිබූ විශේෂ මානසික වෛද්‍ය වාර්තාව අද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර විසින් අධිකරණයට ඉදිරිපත් කළේය. විත්තිකාරිය නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට වෛද්‍ය නිර්දේශ නිකුත් කර ඇති බව ඔහු පැවසීය. කරුණු සලකා බැලූ විනිසුරුවරයා ඩේසි ෆොරස්ට්ට එරෙහිව තිබූ අධිචෝදනාවන්ගෙන් ඇය නිදහස් කිරීමට නියෝග කළේය.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60 වන සංවත්සර සමරු උළෙල සහ 11 වන මහ සභාවේ 02 වන විධායක කමිටු සභාවාරය එළැඹෙන නොවැම්බර් මස 28 වනදා සිට දෙසැම්බර් මස 02 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහි සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. දෙස් විදෙස් භික්ෂූන් වහන්සේ සහ ගිහි නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සංවත්සරය සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දීම වෙනුවෙන් බුද්ධ ශාසන අමාත්‍යවරයා, ජනාධිපති කාර්යාලයේ නියෝජිතයෙකු, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ විදේශ අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.…
කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු සමාජ සේවා නිලධාරියෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු ඊයේ 24 වැනි දින පස්වරු 12.45ට පමණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙහි විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහා ලේකම් කාර්යාලය මඟින් එක් දරුවෙකු සඳහා එක් වතාවක් පමණක් ලබාදෙන රුපියල් 10,000ක අධ්‍යාපන ආධාර මුදල, දරුවන් දෙදෙනෙකුගේ නමින් ලබාගෙන එම මුදල් අදාළ දරුවන්ට ලබා නොදී පුද්ගලික පරිහරණයට යොදා ගත් බවට ඇති චෝදනා මත මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.
2026 ජනවාරි මාසයේ මෙරට සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,552ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව එය සියයට 13.7ක වර්ධනයක් බව එහි සභාපති මංගල විජේසිංහ මහතා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා, “2026 ජනවාරි මාසයේ සස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,552ක ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ගිය වසරට සාපේක්ෂව 13.7ක වර්ධනයක් එහිදී විශේෂයෙන්ම වෙළෙඳ භාණ්ඩ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,165ක ප්‍රමාණයකුත් එහිදී විශේෂයෙන්ම ගිය වසරට සාපේක්ෂව 10.5% වර්ධනයක්, සේවා අංශයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 367ක ප්‍රමාණයකිනුත් වර්ධනය වෙලා තියෙනවා. ගිය…