Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහජන හදිසි තත්ත්වය යළිත් දීර්ඝ කිරීමට රජයේ අවධානය
    Featured

    මහජන හදිසි තත්ත්වය යළිත් දීර්ඝ කිරීමට රජයේ අවධානය

    By LFNMarch 2, 2026No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහජන හදිසි තත්ත්වය යළිත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුකදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

    ඒ සඳහා අවශ්‍ය යෝජනාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

    ප්‍රශ්නය – පෙබරවාරි 28වෙනිදායින් පස්සේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ කටයුතු සිදුවුණේ නැහැ. ඒ එක්කම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයාගේ කටයුතුත් අහෝසි වුණා. මෙවැනි තත්ත්වයක් එක්ක හදිසි නීතිය දීර්ඝ කිරීම ගැන අවධානය යොමු වෙලා තියෙනවා ද.?

    නලින්ද ජයතිස්ස – අනිවාර්යයෙන්ම.

    ප්‍රශ්නය – දින තාම තීරණය කරලා නැද්ද කොහොමද.?

    නලින්ද ජයතිස්ස – ඒ ගැන සලකා බලමින් ඉන්නවා. ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තමයි කල්පනා කරන්නේ.

    දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයත් සමඟ මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කෙරුණි.

    ඒ අනුව එම තත්ත්වය පසුගිය 28 වැනිදායින් අවසන් වූ අතර එය දීර්ඝ කිරීමක් සිදුවූයේ නැත.

    ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාගේ කාර්යය ද අවසන්වී තිබේ.

    කෙසේවෙතත් මැදපෙරදිග යුද තත්ත්වයක් ඇතිවීමත් සමඟ රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවනු ඇතැයි බියට පත් වූ ජනතාව මේ වනවිට පෝළීම්වල අනවශ්‍ය රැඳි සිටින ආකාරයක් දැකීමට හැකිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202603 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.