Author: LFN
ඇවන්ගාඩ් සමාගම විසින් පවත්වාගෙන ගිය අවි ගබඩා තුනක් ඉවත් කරගන්නා ලෙස ඉවත් කරගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කළ නියෝගයක් බලරහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. එම සමාගම සහ එහි සේවකයින් විසින්ගොනුකර තිබූ රිට් පෙත්සම් දෙකක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
අතීතයේ දේශපාලන බලය පවත්වා ගැනීම සඳහා සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහාය ලබාගත් බවට කරුණු හෙළිව ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. මීරිගම පොලිස් ස්ථානය සඳහා මුල්ගල තැබීමේ උත්සවයට සහභාගීවෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන කිසිවෙකුටත් තර්ජනයක් ඇති වීමට ඉඩක් තබා නොමැති බව ද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙහිදී මාධ්‍යවේදීන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “මේක වර්ධනය වූ දිශානතියක් තියෙනවා. මේ පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම වර්ධනය වුණේ දේශපාලන අනුග්‍රහය සහිතව. මේකට උදාහරණ අවශ්‍ය නෑ දේශපාලකයෝ තමා මේක වර්ධනය කළේ. පාලන බලය පවත්වාගෙන යන්න පාතාලය…
මල් අස්නාගල රක්ෂිත වනයෙහි සාගිනි වැව කොටසේ, වන අපරාධයේ සැකකරුවන්ට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ මල් අස්නාගල රක්ෂිත වනයෙහි සාගිනි වැව කොටසේ, වන අපරාධයක් සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක 1995 වන සුරැකුම ඒකකය වෙත තොරතුරක් ලැබුණු බවය. ඒ අනුව මේ පිළිබඳව ක්‍රියාත්මක වෙමින් ඊට අදාළ සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මේ වන විට කටයුතු කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේය. මෙම ඉඩම වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව මඟින් අංක 1740/10 හා 2012.01.10 දිනැතිව ප්‍රකාශයට පත් කරන ලද මල් අස්නාගල රක්ෂිත වනය තුළ පිහිටා ඇති අතර පසුගිය 10 වැනි දින වන සංරක්ෂණ…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය නවසීලන්තයට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (25) රාත්‍රී 7ට පැවැත්වෙයි. අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ශ්‍රී ලංකාව මෙම තරගය අනිවාර්යයෙන්ම ජය ගතයුතුය. මෙම තරගයේද සියලු ප්‍රවේශපත් අලෙවි වී අවසන් ඇති බැවින් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිවිසුම් දොරටු පස්වරු 4ට විවෘත කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ පළමු තරගය එංගලන්තය හමුවේ ලකුණු 51කින් පරාජය පත්වුණි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට බලාපොරොත්තු රඳවා ගැනීමට නම් නවසීලන්තයට…
දකුණු පළාතෙත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් අද (25) පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් අනුරාධපුර, ගාල්ල, මාතර, මොනරාගල, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
2026 වර්ෂය සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීම අද (25) සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ, මාර්තු 18 දින දක්වා මේ සඳහා විදුලි පාර්භෝගිකයින්ට අවසථාව හිමි වන බවය. මේ අතර වාචික අදහස් ඉදිරිපත් කිරීම සඳහා පළාත් 9 ආවරණය වන පරිදි ස්ථාන 5කදී අවස්ථාව හිමිවේ. එහි පළමු වැන්න අම්පාරේ දී මාර්තු 7 වෙනිදා පැවැත්වේ. ඉන් අනතුරුව වව්නියාවේදී මාර්තු 11 වෙනිදා, මාතලේ දිස්ත්‍රික්කයේ දී මාර්තු 12 වෙනිදා, හම්බන්තොට දී මාර්තු 16 සහ අවසාන වාචික උපදේශනය මාර්තු 18 වෙනිදා පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව යෝජනා සියල්ල සැලකිල්ලට ගෙන කොමිෂන්…
හොරණ පොලිස් වසමේ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබේ. ඊයේ උදෑසන මෙම ඝාතන සිදුකර ඇති බවට හොරණ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. එලෙස මියගොස් ඇත්තේ, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු අසල නිවසකට ගොස් දොර ජනෙල්වලට පහරදී ආරවුලක් ඇතිකරගෙන ඇති අතර එම නිවසේ සිටි කාන්තාවක් විසින් ඒ සම්බන්ධව මරණකරුගේ බිරිඳට දැනුම් දී ඇත. එම අවස්ථාවේ මරණකරුගේ බිරිඳ එම නිවසට පැමිණ එම කාන්තාව සමඟ මරණකරුට ඉදලකින් පහරදීමක් සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මියගිය දායකයෙකුගෙන් බද්ධ කරන ලද ගර්භාෂයක් තුළ බ්‍රිතාන්‍යයේ පළමු දරුවා මෙලොව එළිය දැක තිබේ. හියුගෝ පවෙල් ‘Hugo Powell’ නම් මෙම පිරිමි දරුවා පසුගිය දෙසැම්බර් මාසයේදී ලන්ඩනයේ ‘ක්වීන් චාලට් සහ චෙල්සි’ රෝහලේදී සිසේරියන් සැත්කමක් මඟින් මෙලස උපත ලැබීය. උපතේදී දරුවාගේ බර කිලෝග්‍රෑම් 3.1ක් ලෙස සටහන් වූ බව විදෙස් මාධ්‍ය පවසයි. දරුවාගේ මව වන 30 හැවිරිදි ග්‍රේස් බෙල්, උපතින්ම ගර්භාෂය පිහිටා නොතිබෙන Mayer-Rokitansky-Kuster-Hauser නමැති දුර්ලභ රෝගී තත්ත්වයෙන් පෙළුණු අයෙකි. යොවුන් වියේදීම තමන්ට කිසිදා මවක් විය නොහැකි බව ඇය දැනගත් බවත් එදින රෝහල් වැසිකිළියක් තුළට වී හඬා වැටුණු බවත් ඇය ඉතා සංවේදී පවසා ඇත. මෙම අසීරු ගමන පිළිබඳව අදහස් දක්වමින් ඇය මෙසේ පැවසුවාය:…
මොනරාගල, හුළංදාව ප්‍රදේශයේදී අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මොනරාගල, පොලීසිය මගින් සිදුකළ විශේෂ විමර්ශනයකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව, අත්අඩංගුවට ගත් මෙම සැකකරු මේ වනවිට පොලීසියේ රඳවාගෙනෙ වැඩිදුර ප්‍රශ්නකිරීමේ කටයුතු සිදුකරමින් සිටින බව වාර්තා වෙයි. මෙම සැකකරු අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ දෙවන වෙඩික්කරුද යන්න පිළිබඳව මුහුණු හඳුනාගැනීමේ අවේක්ෂණ පද්ධතිය ඔස්සේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි. මේ අතර මෙම ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් තවත් වෙඩික්කරුවෙකු අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 90ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ. එහිදී ටී 56 වර්ගයේ ගිනි අවිය මගින් වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන…
තාවකාලික රියදුරු බලපත්‍ර ලබා දී ඇති රියදුරන් සදහා ස්ථිර රියදුරු බලපත්‍ර ලක්ෂ 4ක ප්‍රමාණයක් මේ වන විට නිකුත් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. ස්ථිර රියදුරු බලපත්‍ර කාඩ්පත් නොමැති වීම හේතුවෙන් පසුගිය කාලය තුළ රියදුරු පරීක්ෂණය සමත් වූ රියදුරන් හට තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර තිබුණි. එලෙස තාවකාලික රියදුරු බලපත්‍ර ලබා ගත් රියදුරන් හට මෙසේ ස්ථිර රියදුරු බලපත්‍ර නිතුක් කර ඇති බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසුවේය. තවත් ස්ථිර රියදුරු බලපත්‍ර ලක්ෂයක් මුද්‍රණය කර ඇති අතර ඉදිරි දිනවලදී එම බලපත්‍ර ද තාවකාලික රියදුරු බලපත් ලබාගත් රියදුරන් වෙත යොමු කිරීමට පියවර ගන්නා බව ද…