Author: LFN

අසාධාරණ ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරගත කිරීමට ආණ්ඩුව දරණ උත්සහාය සම්බන්ධයෙන් ඉදිරියේදී ජාත්‍යන්තරය දැනුවත් කිරීමට පියවර ගන්නා බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී දිවයිනම ආවරණය වන පරිදි ජනතාව දැනුවත් කිරීමට ද පියවර ගන්නා බවය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව පසුගියදා නීතිපතිවරයා විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබුණි. මේ සම්බන්ධයෙන් ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වු හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, “ආණ්ඩුව මේ වනවිට නාගනිමින් ඉන්නවා…අපි මේක මෙතනින් අතහරින්නේ…

Read More

දකුණු පළාතෙත් රත්නපුර, මොනරාගල සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය ඊසාන දෙසට ගමන් කරමින්, ඉදිරි පැය 24 තුල තවදුරටත් දුර්වල වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයේ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ විටින් විට පැ.කි.මි (50-60) පමණ තද සුළං ඇතිවිය හැකි අතර මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව සඳහන් වේ. ධීවර සහ නාවික ප්‍රජාව, මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දී ඇත. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර…

Read More

හිඟුරක්ගොඩ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ හිගුරක්ගොඩ හතමුණ ප්‍රදේශයේදී අද (23) උදෑසන මෝටර් රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. ඉන් බරපතළ තුවාල ලබා ඇත්තේ මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45 සහ 50 යන වයස් කාණ්ඩවල පසුවන කාන්තාවන් දෙදෙනෙකි. මෙම අනතුර සිදු කළ මෝටර් රථය පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි. තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා එම අවස්ථාවේදී රෝගීයෙකු බැලීම සඳහා පොළොන්නරුව මහ රෝහලට ගමන් කරමින් සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. ඔවුන් අනතුරට ලක්කළ මෝටර් රථය පොළොන්නරුව දෙස සිට හිගුරක්ගොඩ දෙසට ධාවනය කර ඇති බව ඔහු පැවසීය. අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා ප්‍රදේශවාසීන් විසින් පොළොන්නරුව මහ…

Read More

2026 ජනවාරි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2025 දෙසැම්බර් මාසයේ දී 2.9% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2026 ජනවාරි මාසය සඳහා 2.4%ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2025 දෙසැම්බර් මාසයේ දී 4.4% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2026 ජනවාරි මාසයේ දී 3.4% ක් දක්වා අඩු වී ඇත. එමෙන්ම, 2025 දෙසැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 1.6% ක් ලෙස පැවති අතර,2026 ජනවාරි මාසය සඳහා ද එම අගය 1.6% ක් ලෙස නොවෙනස්ව පවතී.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතන නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විත්තිකරුවන්ගේ ඥාතීන් පවසයි. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ, අද (23) මේ සම්බන්ධයෙන් ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සමඟ සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාධාරණ නඩු තීන්දුවක් බලාපොරොත්තු වන බව දඬුවම් ලැබෙන සිටින අයෙකුගේ බිරිඳ ප්‍රකාශ කළාය. “අපි අද ආවේ ජනාධිපතුමා හමුවෙලා, අපිට වුණ අසාධාරණය කියලා ලිඛිතව ලියුමක් භාර දෙන්න. ඒ වගේම අපේ නඩුව සම්බන්ධයෙන් අභියාචනයක් හරි ඉදිරිපත් කරනවා. පංච පුද්ගල අධිකරණයෙන් අපි ඇත්තටම සාධාරණ තීන්දුවක් බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිතුමාට අපි කිව්වෙත්, සාධාරණයක් කරන්න කියලා. අපි ගොඩාක් අසරණ වෙලා…

Read More

පුත්තලම ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය කර එම රථය කොල්ල කෑ බව කියන සැකකරුවෙකු පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම, තිල්අඩිය – රත්මල්යාය පදිංචි 16 හැවිරිදි අයෙකුය. ඊයේ (22) දින උදෑසන පුත්තලම අඩපනාවිල්ලුව ප්‍රදේශයේ කාණුවක් තුළ පුද්ගල මළ සිරුරක් ඇති බවට ලද ඇමතුමක් මත පොලීසිය විසින් විමර්ෂණයක් ආරම්භ කර තිබුණි. එහිදි අනාවරණය වි ඇත්තේ මෙලෙස ඝාතනය වී ඇත්තේ පසුගිය 21 වැනි දින සිය ත්‍රීරෝද රථයෙන් කුලී ගමනක් සඳහා පිටත්ව ගිය අබ්දුල් ලතීෆ් නම් 75 හැවිරිදි අයෙකු බවය. එදින රාත්‍රි 9.30ට පමණ සිය නිවසට පැමිණ ඇති මෙම සැකකරු සමග මරණකරු අදාළ කුලී ගමන පිටත්ව ගොස් ඇති…

Read More

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයන් මේ වන විට ඉවත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ සුමින්ද රත්නායක මහතා පවසයි. ගත වූ පැය 24 තුළ, නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කළ ප්‍රදේශයන්ට ලැබුණු වර්ෂාවේ අඩුවීමක් නිරීක්ෂණය වූ බවත්, ඒ අනුව ඉදිරි කාලගුණ පුරෝකථනයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. නායයාමේ රතු නිවේදන ඉවත් කළ ද දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා අදියර දෙක යටතේ සහ අදියර එක යටතේ නිවේදනයන් නිකුත් කර ඇත. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟඉහළ කෝරළය, පහතදුම්බර, දොළුව, යටිනුවර සහ මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල,…

Read More

බ්‍රිතාන්‍යයේ දෙමළ ශිෂ්‍ය සංවිධාන සහ ක්‍රියාකාරීන්ගේ දැඩි විරෝධය හමුවේ නාමල් රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතව තිබූ දේශනයක් අවලංගු කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ තමාට ලද ආරාධනය මත කොන්දේසි විරහිතව පිළිගත් නමුත් සංවිධානාත්මක පිරිස් විසින් ඇතිකරන ලද පීඩනය හේතුවෙන් දේශන සහ සංවාද අවලංගු කිරීමට සංවිධායක මණ්ඩලයට සිදුව ඇති බවය. බාධා කිරීම් වෙනුවට සාකච්චා හරහා කරන ආමන්ත්‍රණ බිය ගැන්වීමෙන් නිහඬ කිරීමට වඩා තර්කය හරහා හුවමාරුව වැදගත් බව සමාජයට ඉදිරිපත් කරන බවද නාමල් රාජපක්ෂ මහතාගේ එම නිවේදනයේ සඳහන්ව තිබේ. කෙසේ වෙතත් තමන්ට ආරාධනා කිරීම සම්බන්ධව වෘත්තිය සමිති ද්විත්වයටම සිය ස්තූතිය පළ කරන බව…

Read More

මොරටුව, කොරළවැල්ල ජුබිලි පාර මුහුදු වෙරළේ මෘත ශරීරයක් ගොඩ ගසා ඇති බවට මොරටුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වූ කොරළවැල්ල, මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න තහවුරු කරගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබේ. ඒ අනුව අදාළ කාන්තාව සමග පුද්ගලික ආරවුලක් ඇති කරගත් කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මොරටුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More