Author: LFN

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

Read More

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරන ක්‍රියාවලිය අවසන් කරන දිනය ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමට ඉලලුම් කර ඇති 2,000කට අධික පිරිසක් මේ වන විට දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව විදුලි වෘත්තීය සමිති පවසයි. විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරනය කිරීමට රජය තීරණය කළ අතර එය ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යූහය වෙනස් වන අතර එය ජනනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් ලෙස වෙන් වූ රජයට අයත් සමාගම් 6ක් යටතේ පවත්වාගෙන යාමට සැළසුම් කර ඇත. එම ක්‍රියාවලිය යටතේ විදුලිබල මණ්ඩලයේ සේවකයින් 2,000කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ වැඩ පිළිවෙලක් ද ආරම්භ කළේය. නව සමාගම් ව්‍යූහයට ඇතුළත්…

Read More

ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී තිබේ. සෑම වසරකම පෙබරවාරි මස 2 වනදා ‘ජගත් තෙත් බිම් දිනය’ ලෙස රැම්සා තෙත් බිම් සන්ධාන මහලේකම් කාර්යාලය මගින් නම්කරන ලද අතර, ලෝක තෙත් බිම් දිනය, පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින්ද පිළිගනු ලැබීය. 1971 වසරේ පෙබරවාරි දෙවැනිදා ඉරානයේ රැම්සාර් නුවරදී තෙත් බිම් සුරක්ෂිත කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට එළඹි අතර ශ්‍රී ලංකාව, ඊට අත්සන් තැබුවේ, 1991 වසරේදීය. ජෛව විවිධත්වය, දේශගුණික විපර්යාස වලට ඔරොත්තු දීමේ හැකියා හා මානව යහ පැවැත්ම සදහා තෙත් බිම් ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍ය වේ. තෙත්බිම්වල ජලය ගබඩා කරන අතර ගංවතුර පාලනය කිරීම, සහ පාරිසරික හානි වල අවධානම අඩු කිරීම ද තෙත් බිම් මගින්…

Read More

2020 වසරේ කැඳවනු ලැබූ අයදුම් පත්‍රවලට අනුව සහකාර පොලිස් අධිකාරී ධූර සදහා සිදු කෙරුණු උසස් වීම් අභියෝගයට ලක් කරමින් එම උසස්වීම් නොලද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 145 දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් දීර්ඝ විභාගයකින් අනතුරුව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත. 2020 වසරේ ජනවාරි මස 31 වනදා සහකාර පොලිස් අධිකාරි ධූර උසස් කිරීම් සඳහා පොලිස්පතිවරයා විසින් නිකුත් කළ නිවේදනයකට අනුව අයදුම් පත්‍ර කැඳවීම සිදු කෙරුණි. පසුව රාජ්‍ය සේවා කොමිසම විසින් ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ…

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (02) උදෑසන සිට තීව්‍ර කරන බව එම සංගමය පවසයි. ඒ අනුව අද උදෑසන 8.00 සිට මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට පියවර ගන්නා බව එම සංගමය සඳහන් කළේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ අද සිට ආරම්භ කරන අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ග තුළදී රෝහල තුළ නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ලබා ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම, රෝහල තුල නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදු කරගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම, දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කදවුරු සහ සායන සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගිවිමෙන් ඉවත් වීම, අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව…

Read More

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමට ලක්ව වසා දමා තිබූ නකල්ස් රක්ෂිතයේ රිවස්ටන් සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයින් වෙත අද (1) සිට යළි විවෘත කරනු ලැබීය. රිවස්ටන් සංචාරක කලාපය වෙත මාතලේ රත්තොට දෙසින් හා ලග්ගල දෙසින් ගමන් කිරීමට තිබූ මාර්ග දැඩි ලෙස අබලන් වී තිබූ අතර, එම මාර්ග මාස 2ක් වැනි කෙටි කාලයක් තුළ යළි ප්‍රතිසංස්කරණය කිරීමට හැකිව ඇත. ඒ අනුව සැහැල්ලු වාහනවලට පමණක් එම මාර්ග තුළින් ගමන්කර රිවස්ටන් සංචාරක කලාපය වෙත ඇතුළුවීමට හැකියාව තිබේ. මෙම මාර්ග හරහා පොදු ප්‍රවාහන සේවාවන් ආරම්භ කිරීමද සිදුවන අතර, දෙස් විදෙස් සංචාරකින් හට එම ප්‍රවාහන පහසුකම් ලබා ගනිමින්ද රිවස්ටන් සංචාරක කලාපයේ සොබා දහම අත්විඳීමට හැකියාව ඇත.…

Read More

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබේ. අදාළ නිවේදනය අද (01) රාත්‍රී 11 දක්වා වලංගු වේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාවට සැලකිලිමත් වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. එම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන 03 වන දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. ලබන 03 වන දින පෙරවරු 9.30ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස අදාළ දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ. ශිරන්ති රාජපක්ෂ මහත්මියට පසුගිය 27 වන දින ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස මීට පෙර දැනුම් දී තිබුණි. ඇය සිය නීතීඥයෙකු මාර්ගයෙන් පොලීසියට දැනුම් දී තිබුණේ එදිනට තමාට පැමිණීමට නොහැකි අතර ඒ සඳහා සති 02ක කාලයක් ලබාදෙන ලෙසය. කෙසේ වෙතත් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බැවින් පෙබරවාරි මස 03 වනදින…

Read More

ඉන්දිය රජය විසින් ශ්‍රී ලංකාවට ඉන්දියානු රුපියල් බිලියන 04ක මුදල් ආධාරයක් වෙන් කර තිබේ. එය 2026/27 මූල්‍ය වර්ෂයට අදාළ අයවැයට ඇතුළත් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. අදාළ වර්ෂය සඳහා වන අයවැය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් අද (01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.

Read More

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කළ උපවාසයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (01) දෙවැනි දිනටත් එක්විය. වසර 07ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති මෙම උපවාසයට අදට දින 07ක් සපිරේ. එම ස්ථානයට පැමිණි විපක්ෂ නායකවරයා එම පිරිසගේ සුවදුක් විමසූ අතර පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස අදහස් දැක්වීය. “මම අද දවසෙත් මෙතනට පැමිණියේ මගෙත්, සමගි ජන බලවේගයෙත්, සමගි ජන සන්ධානයෙත් ඒ වගේම පක්ෂ භේදයෙන් තොරව සියලු දෙනාගේත් උපරිම සහයෝගය මේ ගුරු සංවර්ධන නිලධාරීන්ට ලබා දෙන්න.අවුරුදු 5-10ක් දරුවන්ට උගන්වපු…

Read More